(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතේ ආරක්ෂාවට යැයි යොදවා සිටින යුද හමුදාව ඉදිරි මාස 6 ක කාලයක් තුලදී ඉවත් විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් කියා සිටියේය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සදුදා (22) සවස යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
‘‘යාපනය වලිකාමම් උතුරු පළාතේ අක්කර 4000 ක භූමියක් ශ්‍රී ලංකා යුද හමුදාව බලෙන් තියාගෙන ඉන්නේ යුද හමුදාවට ඉන්න අක්කර 600 ක් 700 ක් හොඳටම ඇති මේ ප්‍රදේශ වලට ඇයි මෙච්චර හමුදාවක් ඒ වැඩි යුද හමුදාව වහාම මාස 6 ක් ඇතුළත උතුරු පළාතෙන් යන්න ඕනෑ කියලයි මම හිතන්නේ
ඒ වගේම තමයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට ආපූ සාමාන්‍ය වැසියන්ට යුද හමුදාවෙන් බුද්ධි අංශ අය කරදර කරල තියනවා ඒ ජනතාව බය කරලා තියනවා ඒ විදිහට කරදර කරල තියන එක සම්බන්ධයෙන් අපි විදෙස් රටවලට දැනුම්දීලා පැමිණිලි කරන්න වෙයි.
පසුගියදා මනෝ ගනේෂණ් ඇමතිතුමා කියලා තිබුනා ගලගොඩඅත්තේ ඥානසාර හිමියි සිවාජිලිංගමුයි දෙමස්සිනාල වගේ කියලා ඇයි මොකටද එහෙම කියන්නේ ඔබ තුමාලා කාට හරි මස්සිනා පාට් දානවනම් දාන්න ඒක කමක් නැහැ මමනම් කාටවත් මස්සිනා පාට් දාන්න යන්නෙ නැහැ ඒක හරියට නිකම් පොල් ගස් උඩ ඉඳන් මොනව හරි කෑවොත් තල් ගස් වලට වදිනවා වගේ තමයි යනුවෙන් මන්ත්‍රිවරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දකුණේ සිටින සියළුම ද්‍රවිඩ ජාතිකයිනුත් එසේ ඉවත් විය යුතුයි.. මේකද රටේ සාමය කියන්නේ...?
ශිවාජිලිංගම් මහත්තයෝ අපගේ ලොක්කා තාමත් නෑ.
පළාත් සභා විසුරුවන්න. ඉන්දියාවට බයේවත්, ලෝකෙට බයේවත් රටක ඒකීය භාවය තබාගන්න බෑ...
හමුදාව ඉවත් කළාම ආපහු අල්ල ගන්න ලේසියිනේ...
මෙතුමා කව්ද කියලා අපිනම් හොඳට දන්නවා...
ජනාධිපතිතුමා කියන විදියට සංහිඳියාව ඇති කිරීමට නම් මේ කියනවා වගේ හමුදාව, පොලිසිය ඉවත් කරන්න ඕනේ. සිංහල අපි.. බෞද්ධ අපි මේවා කතා කරොත් තමයි ජාතිවාදියෝ කියලා කියන්නේ..සිංහලයාට වරදින දවස දුර ඈතක නොවේ...එදාට ඉතින් මේ රට කරවන අය ගිහිල්ලා ඉවරයි..
මෙතුමාත් "රෝඩ් ටු නන්දිකඩාල්" කියන එක කියවයි වගේ ළඟදීම...
කියනකම් හිටියේ
මෙයා දැන් හොදටම වැඩි.
සිංහල දෙමල මිනිසුන් තුල බොහෝ සමානකම් ඇත. එනම් ඔවුන් ස්වභාවයෙන්ම පසුගාමීය. සැප සම්පත් ගැන විශාල වශයෙන් සිහින මවන්නේ නැත. වෙනත් සමාජ වෙත වහ වහා විවෘත වන්නේ නැති අතර තම සමාජයද ශක්තිමත්ව සංවිධානය කිරීමට පෙළඹෙන්නේ නැත. යම් කිසිවක් වෙනත් සමාජ වලින් ඉල්ලමින් හෝ සම්බන්දතාවය පවත්වන අතර රහසිගතව තනිව අරමුණු කරා ගමන් කරන්නේ නැත. නාගරීකරණයට විශාල වශයෙන් ප්‍රියතාවයක් දක්වන්නේ නැත. සංස්කෘතිය , ආර්ථික ශක්තිය, ජනගහන වර්ධනය අභියෝගයට ලක්වී ඇත. මෙවන් පසුබිමක් තුල මෙම ජාතින් දෙක විශාල සහ සමාන උවදුරු වලට ලක්වී ඇත. එසේම මොවුන් අතර විරසකය තත්වය තීව්ර කර ඇත.
ඇයි ඇවිත් නොකලොත් ඔබතුමා මොනවා කරන්නද?
එහෙමද ආස
මොකුත්ම ලියන්නෙ නැහැ සංහිදියාවට බාධා වන නිසා.
සිවාජිලිංගම් අවශ්‍ය නැති දේවල් ඇදල අරගෙන ඉල්ලන් කන්න හදන්නේ
මෑතදී පොලීසියට වෙඩි තිබ්බේ මොහුගේ උසි ගැන්වීම පිට බවට සැක කලහැකියි. අත්අඩංගුවට ගෙන විමර්ෂණය කලයුතුයි .
මේ දේශපාලුවන්ට කිසිම කෙලෙහිගුනයක් නැහැ . සුනාමි ආවම , සුලිසුළං වලින් , ගංවතුරෙන් හානි වුනාම තමයි මොවුන්ට හමුදාව මතක් වෙන්නේ. ඒ ව්‍යසන වලදී මේ දේශපාලුවෝ කොහේ හිටියද කියල කිසිම හැලහොල්මනක් නැහැ. සාමාන්‍ය දෙමල ජනතාව මේවා හොදට තේරුම් ගන්න ඕනේ. මොවුන්ගෙන් ඒ දෙමල ජනතාවට කිසිම සෙතක් නැහැ
බලන්නකෝ මේ අය ගිය උඩ, මෙයා එන්න හදන්නේ මොකටද කියල අපි දන්නවා.
හා
මොනවට මාස හය? පැය හයක් දෙන්න. අර ප්රභාබාකරන් උතුරෙන් මුස්ලිම් ජනයාව පැය 24 න් පන්නපු වගේද? මෙයාව දැන්ම මට්ටු කරන්න බැරිනං මේ රජය සුළු සුළු දේවලුත් අහක බලන් ඉන්නේ.
ඔයාගේ ඔය ලෙඩේට අන්ගොඩින් බෙහෙත් ගන්නේ නැත්නම් ඉන්දියාවෙන් ගන්න පුළුවන් .උතුරේ ජනතාව කැමතියි හමුදාව උතුරේ සිටිනවාට.
මේ යන විදිහට මාස හයක් වැඩියි. ඊට කලින් කරයි.
ඒකාලේ කොටි සාමාන්‍ය මිනිසුන්ගේ භුමිය අත්පත් කරගෙන කදවුරු බදින කොට මෙහෙම කිවුවේ නැහැනේ, බයවෙන්න එපා . මේ ආණ්ඩුව පියවරෙන් පියවර ජනතාවට නොදැනීම එය සිදු කොට දෙයි.
ඕක තමයි ඉතින් පන නැති පාලකයෝ ආවම.බලපන්කො මුන් ගිය උඩ,මු එන්න හදන්නේ මොකටද කියල අපි දන්නවා.
මෙයත් අපේ ගම්මන්පිල වගේ තවුසන්ඩ් ටෝක් හදිස්සියකට පස්දෙනෙක් අඩගහ ගන්න නෑ. හෙට ආණ්ඩුවක් පිහිටුවන්න වගේ කතාව. මිනිස්සු අන්දන්න කතාකරනවා. ඩබලම එක වගේ .
ලංකාවේ ඕනෑම තැනක පොලිසියට හමුදාවට ගැවසීමට සහ කඳවුරු පිහිටුවීමට අවසර ඇත, ඒ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සදහායි.
මේ සිංහල අපගේ රටයි... අප ඉපදෙන මැරෙන රටයි...
උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කරපුහම ඔයාට සනීපද? වෙන මොනවද ඔයට ඕනේ? ඉස්සෙල්ලා මහජන ඡන්දෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් වෙලා එන්න, එතොකොට අපි කතාවක් දාලා බලමු.
අනේ මෙයාට හරි අමාරුවක් තියනවා ,අපේ හමුදාව උතුරේ සිටිනවාට ,මේක අපි හැමෝගෙම රට වගේම මේ හමුදාව අපේ හමුදාව ,මේක සිංහල හමුදාව නොව ශ්‍රීලංකා යුද හමුදාව බව මතක තියා ගන්න ,අනික දැන් ඇති දෙමළ ජනතාව රැවටුව ,තවත් ඔය නාඩගන් හරියන්නේ නැහැ ,නුඔට වඩා නුබේ මස්සිනා වැඩපෙන්නුවා,අවසානයේ නැවතුනේ කොහෙද ,නුඔත් ඉල්ලන් කන්න හදන්නේ ,
පිස්සු සිවාජි ඔබ වැනි උන්මතකයින් තවමත් හැමතැනකම ඉන්නවා. මොවුන්ගේ ප්‍රකාශ වලට මාධ්‍ය ප්‍රසිදියක් නොදිය යුතුයි.
ඔව් එතකොට උඹලගේ කොටි හමුදාව හදාගතහැකිනේ ?
ඇයි මාස හයක් ? හෙටම අයින් කරන්න පුළුවන් නේ. උතුරු නැගෙනහිර ඡන්ද ජනාධිපති ඇතුළු යහපාලනයට දුන්නේ ඕව කරන්න තමය. ඕව ඡන්ද පොරොන්දු.
මොහු ප්රභාකරන්ගේ නෑයෙක් නං මොකද LTTE එකට බැඳිල සටන් කරල අවසන් සටනෙදී ඔහුත් එක්කම මිය ඇදුනෙ නැත්තෙ කියන එක හරි ප්‍රශ්නයක්
ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියනි,ගරු මනෝ ගනේෂන් මැතිතුමනි මේ සිවාගිට කාටත් ඉස්සෙල්ලා සංහිදියාව ගැන පාඩමක් දේශනයක් දුන්නොත් හොදයි.නැත්නම් ඔබලාගේ බලාපොරොත්තු සිවාගිලා විසින්ම විනාසකරදමන දිනය වැඩි ඈතක නොවනුඇත.
මෙයට තියෙන අමාරුවක්.ජාතිවාදය වපුරවමින් කරන මේ නාඩගම නවත්වන්නේ කවදද?අලුත් බලතල අනුව පොලිසියට පුළුවන් වෙන්න එපයේ මෙයාව අත්අඩංගුවට ගන්න.මොකද වෙන්නේ කියල අපි බලාගෙන ඉන්නවා.