වසර 80කට අධික කාලයක් උතුරේ ජීවත්වන සිංහල ජනතාවත් සමග කිසිදු ගැටලුවක් නොමැති බවටත් ගැටලුව ඇත්තේ දකුණේ සිට උතුරට පැමිණ උතුරේ ජනතාවගේ ඉඩම්වල පදිංචි වීමට උත්සහ දරන පිරිස් සමග බවට අතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි
“1950 සිට 1956 වෙනකම් උතුරේ තිබුනු පාසල් වලට උගන්නන්න දකුණෙ සිට හුගක් ගුරුවරු ආවා.1956 දී සිංහල භාෂාව පමණක් ප්‍රධාන භාෂාව කියල නීතියක් ගෙනාව නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. ඒකයි අපි ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන්නෙ.“යැයි ඒ මහතා සඳහන් කර සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල භාෂාව ප්‍රධාන භාෂාව නොකළා නම් අද සිංහලය අනාතයි. නුඹලාගේ රැවුම් ගෙරවුම් යටතේ තමයි සිංහලයාට ජිවත්වෙන්න වෙන්නේ. නඩුකාරයෙක් වෙලත් කොහොමද නීත්‍යානුකූලව තම රටේ භුමියේ පදිංචිවෙන්න එපා කියන්නේ. මිනිස්සු ඉපදෙනවා, මැරෙනවා වගේම තමා රටේ පමණක් නොවෙයි ලෝකය පුරාම තැනින් තැන පදිංචි වෙනවා. ඒක කොහොමද කෙනෙක් නවත්වන්නේ. නියම තත්වය නම් මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක පදිංචිවීමේ අයිතිය අනිවාර්යෙන්ම තිබිය යුතුයි. (නි)
අනේ මොනවට අහනවද මෙයාලගෙ කතා? (නි)
අපිටත් ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න ඇත්තේ ඔයාලට විතරක් නෙමෙයි (නි)
දෙමළ භාෂාව ප්‍රධාන භාෂාව කරන්නද කියන්නේ (අ)
සිංහලයෝ මරා සහ පන්නා දැම්මට පස්සේ ඕවා කියලා වැඩක් නැහැ. පුළුවන්නම් ආපසු සිංහල අයට පදිංචිවෙන්න උතුරේ ඉඩ දෙන්න. නැත්නම් සිංහල පළාත් වලටත් මේ ප්රතිපත්තියම අනුකරණය කරන්න වෙනවා. එතකොට දෙමළ මිනිසුන් උතුරට යවන්න ඔබ එකඟ වෙනවද? (නි)
එතකොට ඔබතුම තවම ජිවත්වෙන්නේ 1956 ද ? අදද අවදි වුනේ? දැන් දෙමළ , සිංහල , ඉංගිරිසි යන භාෂා 3 රාජ්‍ය භාෂා ලෙස ව්‍යවස්තාවේ සඳහන් කරලා තිබෙනවා , දෙමළ අැමෙතිලා පාර්ලිමේන්තුවේ ඉන්නවා , ලක්ෂ්මන් කදිරගාමර් කියල ද්‍රවිඩ විදේශ අැමති කෙනකුත් ලංකාවේ හිටිය එතුමාව මරල දැම්මේ ඔබතුමා දැනට කඩේ යන කොටි සංවිධානය. (අ)
එහෙමනම් උතුරෙන් දකුණට ඇවිල්ලා පදිංචිවෙන්නත් හොඳ නැහැ නේද (නි)
විග්නේශ්වරම් අද ඔය තනතුරේ ඉන්නේ සිංහල හමුදාවේ ජයග්‍රහණයේ පිහිටෙන් බව තරයේ මතක තබාගත යුතුය. උතුරේ හෝ දකුණේ සිංහල දෙමළ මිනිසුන් සහයෝගයෙන් ජීවත්විය යුතුය (නි)
එතකොට උතුරෙන් ඇවිල්ලා දකුණේ පදිංචිවෙන අය ගැන මොනවද කියන්නේ? (නි)
රටේ ජනතාවගෙන් 75% සිංහල බෞද්ධයෝ ඉන්න රටක සිංහල රටේ ප්‍රධාන භාෂාව නොවී වෙන මොන භාෂාවක් එසේ කරන්නද? ඔබගේ ඔය කතාවටත් වගකිවයුත්තේ දැන් සිටින යහපාලකයින්ය. (නි)
ඔය ඉල්ලන ඉඩම් සහ පොලිස් බලතල දුන්නොත් ඊළම දුන්නා හා සමානය. ඔය කියන සංහිඳියාවෙන් අපට වැඩක් නැත. ඔබලා දමිළයින් හැටිය නොව ශ්‍රී ලාංකිකයින් හැටියට ජීවත්වෙනවා නම් ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගත හැක. (නි)
ද්‍රවිඩ ජනතාවට් ප්‍රජාතන්ත්‍රවාදිව සේවයක් කරන්න ඉදිරිපත් වුණ ද්‍රවිඩ දේශපාලකයෝ මරල දැම්මෙත් දැනට මරන්න උත්සාහ කරන්නෙත් කොටි සංවිධානය වැනි ද්‍රවිඩ සංවිධාන මිසක් සිංහලයෝ නොවේ. ඔබ කරන්නේ මේ අවස්ථාවේ උතුරේ ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමට ඉවහල්වෙන උතුරේ කෘෂි නිෂ්පාදන වලට දකුණේ වෙළඳපොළක් සොයාදීම, උතුරේ මාර්ග සංවර්ධනය කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කර එමඟින් රැකියා ලබදීම වැනි දේවල් නොව, උතුර සහ දකුණ තව තවත් බේද කිරීමය (නි)
ප්රභාකරන් හිටියා නම් ඔය ගරු සැළකිලි ලැබේවිද? තවත් ලජ්ජා නැතුව කඩාගන්නට මාන බලන හැටි...... (නි)
ෆෙඩරල් වලටමයි නේද හිත? (නි)
අනේද කියන්නේ, උතුරේ ඉන සිංහල මිනිසුන්ගේ ඉඩම් ප්‍රශ්න ටිකවත් හදලා දෙන්න. උතුරෙන් ඇවිල්ලා දකුණේ පදිංචිවෙන මිනිස්සු ආපසු යවනවා නම් කොළඹ ගොඩාක් සුද්ද කරන්න පුළුවන්. (නි)
අපි කෙසේවෙතත් ලෝකය ඔබ හඳුන්වන්නේ ලංකාවේ සුළු ජාතියක් හැටියටය. සුළු ජාතියක් ලැබිය යුතු සියලුම වරප්‍රසාද ඔබ ලබා ඇත. (නි)
විගනේශ්වරන්ගේ ෆෙඩරල් සිහිනය ඔලුවෙන් අයින් කරගන්න. (නි)
විග්නේශ්වරම්, තේසවලාමේ නීතිය අහෝසි කරනවා නම් ද්‍රවිඩ ශ්‍රී ලාංකිකයෙකුට ලංකාවේ ඕනෑම තැනකින් ඉඩමක් මිලදී ගතහැකි නම් එය ප්රජාතන්ත්රවාදීය. එය එසේ නම් සිංහලයන්ට එහි ඉඩම් මිලදී ගැනීම සාධාරණය. (නි)
තේසවලාම් නීතිය වෙනස් කළයුතු කාලය ඇවිල්ලා. රටේ ඕනෑම තැනක දමිළ හෝ මුස්ලිම් අයට ඉඩම් ගැනීමට පුලුවන් නම් සිංහල මිනිසුන්ටත් එ්ක පොදු වියයුතුයි නේද? යාපනයේ බිම් අඟලක් සිංහල අයට සින්නක්කර ලබා ගන්න බැහැ. (නි)
නැහැ සිල්වා. මට, අපට ඕනෑ විදිහට ඕනෑදෙයක් කරන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදාගත්තා. ඔය ආණ්ඩුව පෙරළෙන්න කලින් අපේ වැඩ ටික අපි කරගන්න ඕනෑ. මීට කලින් තිබුන ආණ්ඩුව අපිට ඕනෑ විදිහට නටන්න දුන්නේ නැහැ. (නි)
දෙමළ භාෂාව ප්‍රධාන භාෂාව කරන්නද කියන්නේ? (නි)
සෑම්, ඔවුන්ට උතුරේ සිට පැමිණ පදිංචිවෙන්න ඉඩම් දෙන්නේ කව්ද? (නි)
දෙමස්සිනාලම එකම වගේ. නොමැත කිසි වෙනසක් (නි)
අබය, තවත් ලැජ්ජා නැතුව කඩාගන්නට මාන බලන්නේ මේ පාලකයින්ගෙන් ඊළම ලබාගැනීමේ හැකියාවක් තිබෙන නිසාය. ඔහොම කතා මහින්ද ගෝඨාභය ඉන්න කාලේ කිවුවේ නැහැ නේද. (නි)
අනේ ඉතින් ඔයාලගේ කතා මොනවට අහනවද? (නි)
සිංහලයෝ උතුරේ හිටියේ අවුරුදු 80 ක් විතරයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඉතිහාසය ඉගෙනගෙන නැති බව පෙනෙනවා. මෙහෙ තිබෙන පොත් පිළිගන්න බැරි නම් ලංකාවේ නියම ඉතිහාසය ගැන පොත් ලන්ඩන් වලත් තිබෙන නිසා එහෙ ගිහින්වත් කියවලා එන්න. (නි)
මගේ යාලුවනේ, මේ අය මේවා කියන්නේ අහිංසක දුප්පත් මිනිස්සු රවට්ටන්න. ඕක තමයි දේශපාලනය (නි)
රටේ කිසිම පළාතක මහා ඇමතිවරයෙක් , රටේ දෙමල , සිංහල හෝ මුස්ලිම් ජාතිකයන්ට පදිංචි වෙන්න දෙන්න එපා කියමින් විරෝධතා පවත්වන්නේ වත් ජනතාව උසිගන්වන්නේවත් නැත , මෙය කරන්නේ මොහු පමණි , ප්‍රසිධියේ ජාතින් භේද කිරීමට කටයුතු කරන නිසා විරුධව මොහුට විරුධව නඩු පැවරිය නොහැකිද ? (ර)
උතුර හැර මුළු ලංකාවම හැම ජාතීන්ටම, හැබයි මෙයාලගේ ප්‍රතිපත්තියට අනුව උතුර මෙයාලට විතරයි ඕනෑ (ම)
ෆෙඩරල් ඉල්ලන්නේ සිංහල ප්‍රධාන භාෂාව නිසාලු. ඇයි දෙයියනේ දැන් එහෙම කොහෙද තියෙන්නේ? දැන් සිංහල දෙමළ දෙකම ප්‍රධාන භාෂානේ. (නි)
එතකොට දකුණේ සිංහල මිනිස්සු එක්කද තරහා? (නි)
එතකොට අර යාපන අර්ධද්වීපයේ තිබෙන අවුරුදු දෙදහකටත් වඩා පැරණි ස්ථූප, සිංහලෙන් සහ දෙමළෙන් ඇති සෙල් ලිපි වලින් කියවෙන දේවල් වලින් හෙළිවන තොරතුරු ඔක්කොම බොරුද. (නි)
ඔබතුමාගේ සිතේ සිංහල ජනතාව ගැන වෛරයක් නැතිවෙන්න පුළුවන්. නමුත් සිංහල ජනතාවට විරුධව වෛරයක් දෙමළ ජනතාව තුළ පැතුරුවේ නැත්නම් ඔබතුමාට දේශපාලන පැවැත්මක් නැත. (නි)
රැවටෙන්න එපා මෙයාලගේ සූකිරි බෝල කතා වලට! (නි)
විග්නේශ්වරම් මහත්තයෝ, ඔබතුමාගේ පරම්පරාව කොහෙන්ද පැවත එන්නේ? මේක සිංහල දේශය. ඒ හින්දා සිංහලයන්ට මේ රටේ ඕනෑම තැනක ඉන්න අයිතිය තියෙනවා. (නි)
ඔය කැනඩාවේ සල්ලි තියෙන අයගෙන් එන කුණුකන්දල්. කැනඩාවටත් කුබෙක් ප්‍රාන්තය නිසා ජාතික භාෂාව ගැන ප්‍රශ්න තියෙනවනේ. ඒවා අපිට පෙන්නන්නේත් නැහැ කියන්නෙත් නැහැ. දෙවෙනි ලෝකේ යුද්දේට පස්සේ 1945 එක්සත් ජාතින්ගේ සමුළුවත් එක්ක තමා ඔය කතන්දර ඔක්කොම එක ගොඩක් වෙලා එන්නේ. යාපනයේ දෙමළ ජනතාව වැඩියි ඉන්දියාවේ තමිල්නාඩුවට කිට්ටු හින්දා. වර්තමානයේ නාවික හමුදාවෙන් මුහුදු සිමා පාලනය කළත් අවුරුදු 50 කට කලින් පාලනයක් තිබුනෙම නැති තරම්නේ. විවාදයක් නැතුවම ලංකාවට අවශ්‍ය එක භාෂාවක් පමණයි. (නි)
එතකොට උතුරේ සිට දකුණේ පදිංචිවෙන අයට මෙය අදාළ නැද්ද (නි)
ඔබ ශ්‍රී ලංකාව තුළ සමාන අයිතිවාසිකම් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අනිත් ජාතින් සමඟ සහයෝගයෙන් ජීවත්වෙමින් දියුණු වෙනවද, එහෙම නැත්නම් ජාතිවාදය කරපින්නාගෙන තමිල්නාඩු දේශපාලකයන්ගේ, ඩයස්පෝරාවේ පද වලට නටමින් ආර්ථික සමාජීය වශයෙන් කොන් වී පිරිහෙනවද කියලා තීරණය කළයුතුය (නි)
ලංකාවේ කොයි පළාතකවත් සිංහලයෙක් ද්‍රවිඩ හෝ මුස්ලිම් හෝ එහෙමත් නැත්නම් වෙන ජනවර්ගයක් එක්ක හෝ තරහක් නැහැ. එය එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. හැබැයි ඔය හැම ජනවර්ගයක්ම පරිස්සම් වෙන්න ඕනෑ ඔවුන් වෙනුවෙන් කටයුතු කරනවා යැයි කියාගන්න ඔවුන්ගේම නායකයින්ගෙන්. (නි)
දිව දෙකෙන්ද කතා කරන්නේ. එතකොට උතුරෙන් කොළඹට ඇවිල්ලා පදිංචිවෙන දෙමළ මිනිස්සු ගැන මොකක්ද හිතෙන්නේ. එක සිංහලයෙක්වත් ඒ මිනිසුන්ට කිවුවද කොළඹ හෝ දකුණේ පදිංචිවෙන්න එපා කියලා. (නි)
අපි පිළිගත් නඩුකාරවරයෙකු වූ මෙතුමා දේශපාලන පක්ෂයකින් තරඟකර මහඇමතිවරයෙකු වුවාට පසුව කරන වැඩ ගැන දුටුවාම කරන ප්‍රකාශ ඇසුවාම හරිම පුදුම හිතෙනවා. උතුරේ දෙමළ ජනතාව දකුණේ ව්‍යාපාර කරනකොට ඉඩම් ගන්නකොට කිසිම විරෝධයක් සිංහල ජනයා හෝ දේශපාලකයන්ගෙන් වුණේ නැහැ. හැබැයි අපි මේ වගේ ප්‍රකාශයක් කළොත් රතු කහ නායකයෝ ජාතිවාදී ලේබල් ගහලා නටනවා. මිටපස්සේ කියන්න අවුරුදු 80 වත් නැත්නම් මේ පළාතේ එන්න එපා කියලා (නි)
හරි නම් අපියි මේවා කියන්න ඕනෑ. දෙමළ නිජබිම් කතාව සුද්දන්ගේ කාලේ ගොතපු බොරුවක් විතරයි. 1815 පෘතුගීසි එනකොටත් යාපනේ රජු සිංහලේ රජුට යටත් ප්‍රාදේශීය රජ කෙනෙක්. ඊටපසුවත් සෙනරත් රජු පෘතුගීසින්ගෙන් යාපනය මුදා ගත්තා. නැවත උඩරටට යටත් කෙරුණා. පසුව නැවත බටහිරයන් එය අල්ලාගන්නාතාක් එය උඩරට සිංහලේ කොටසක්. ගියසතියේ මුලතිව් වලින් සොයාගත් විශාල බෞද්ධ අාරාම සංකීර්ණය, ගෘහ එකතුව සහ සෙල්ලිපි ඔක්කොම සිංහල ශිස්ටාචාරයේ බවට සාක්ෂියි. (නි)