(රංජන් කස්තුරි)

උතුරේ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ පවත්වාගෙන යෑමට සහාය නොදෙන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිපියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පවසයි.

එවැනි නිලධාරීන්ට එරෙහිව මේ මස 8 වැනි දිනෙන් පසුව නීත්‍යානුකූල පියවර ගන්නැයි උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා උපදෙස් දුන් බව ද ආණ්ඩුකාරවරයා කියයි.

සම්මත විධිවිධානවලට අදාලව උතුරු පළාතේ පරිසර හිතකාමී වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ද ජීවන් ත්‍යාගරාජා මහතා කියයි.

කරයිනගර් ප්‍රදේශය තුළ ඉකුත් කාලයේදී ඉතා හොඳ පරිසර හිතකාමී වැඩසටහන් පෙළක් සාර්ථකව ක්‍රියාත්මක වූ අතර මේ වන විට එය දැඩි ලෙස අකර්මන්‍යවී ඇතැයි ද ජිවන් ත්‍යාගරාජා මහතා පවසයි.