(රොමේෂ් මධුෂංඛ)
 
රට තුළ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සැලකිල්ලට ගනිමින් උතුරු පළාත් සභාවට අයත් සියලුම පළාත් රාජ්‍ය ආයතන සඳහා අද(22)  නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේෂ් රාඝවන් මහතා නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
 
අද උදෑසන දක්වා ඇඳිරිනීතිය පැවතීමත්, ප්‍රවාහන කටයුතු ඇණහිටීමත්, ගමනාගමනයේදී සිදුවන බාධාවනුත් සැලකිල්ලට ගනිමින් උතුරු පළාත් රජ්‍ය ආයතනවල සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇති බව උතුරු ආණ්ඩුකාරවරයා නිවේදනය කර ඇත.
 
අද නිවාඩු ලබා දුන්නද, ඒ වෙනුවෙන් වෙනත් දිනයක් සේවා දිනයක් වශයෙන් දැනුම් දෙනු බවද උතුරු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.