වව්නියාව දිසාපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරු අද (23) පළාත් සභාවේ ප‍්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

දෛනික සභා වාරය අවලංගු කිරීමට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා පියවර ගත් අතර දහවල් 11.30ට පමණ පළාත් සභාවේදී අදාල විරෝධතාවය පිළිබඳව පමණක් පක්‍ෂ නියෝජිතයින්ගේ විශේෂ සාකච්ඡාවකින් පසුව පළාත් සභා සැසි වාරය අවසන් කෙරිණි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් විදෙස්ගතව ඇති බැවින් ඔහු පැමිණී පසුව මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ලබන සභා වාරය වන විට විධිමත් විසඳුමක් ලබා දෙන බවටත් එසේ නෙවන්නට තමන් සභාපති කමින් ඉල්ලා අස්වීමට වුවද සූදානම් බවත් සභාපතිවරයා විරෝධයේ නිරතවූ පිරිසට දැන්වීය.

26 27 31 32 33