උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා අද (04) සෙංකෝලය විසි කළේය.
දෙමළ ජනතාව යුද සමයේ සමූහ වශයෙන් ඝාතනය වු බව පවසමින් ජාත්‍යතර පරීක්ෂණයක් අවශ්‍ය බවට කළ යෝජනාවට මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා විරුද්ධ විය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන මහ ඇමැති ඔහුට පැවසුයේ සාක්කි හා එවැනි ඝාතන සිදු වු කාල වකවානු ඇතිව යෝජනා ඉදිරිපත් කළ යුතු බවයි.නියමිත පරිදි යෝජනාව ඉදිරිපත් කිරීමට වෙන දිනයක් දිය හැකි බව සභාපති ඔහුට කීවේය.
ඊළඟ වාරයේදී ඊට ඉඩ දෙන්නැයි මන්ත්‍රී ඉල්ලා සිටියේය.සභාපති ඊට විරුද්ධ විය.එවිට මන්ත්‍රීවරයා සිය අසුනෙන් නැඟිට සෙංකෝලය ඔසවා වීසි කළේය.පාලක දෙමළ සන්ධානයේ ඒ අස්මින් හා ටී රවිකරන් මන්ත්‍රීවරුන් අතර බහින්බස් වීමක්ද ඇති විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ප්‍රභාකරන් හිටියනම් එහෙම.? (ර)
විධායකයත් එක්ක එකට පෑහිලා යන 13 ගැන මිනිස්සු හිතන්න ඕන. විධායකයට පළාත් සභා සම්බන්ධව තියෙන පාලනය නිසා තමයි මෙච්චරවත් පළාත් සභා කොන්ට්‍රෝල් බලන්න කෙලින පිස්සු. කොන්ට්‍රෝල් එක විධායක ක්‍රමය නැති කරලම බලාගන්නකෝ වෙනදේ (බ)
මහඇමති තුමා මොකට එන්න හදන්නේ කියලා නම්, මට ටිකක් අපැහැදිලියි.(ම)
නිව්ස් වලට පිටු ගණන් කොමෙන්ට්ස් දාන අ ය මේවට නෝ කොමෙන්ට්ස් (නදී)
දැන්වත් තේරෙනවනේ ඇත්ත (නි)
ඔය සෙන්කෝලය මන්ත්‍රීවරුන්ට ගන්ඩ බැරි තැනකින් තියන්ඩ බැරිද. මේකටමනේ පොරකන්නේ. (නදී)
දැන්වත් රට ගැන හිතන්න (නි)
කොහොමද වැඩ? (නි)
දැන්වත් ඔය ජාතිවාදය අතහැරලා එකතුවෙලා මේ පුංචි රට දියුණු කරමු සහෝදරවරුනේ. අපි ජාතින් වශයෙන් හරියට එකතු වුනොත් අපේරට ජපානේ, සින්ගප්පුරුවට වඩා හොඳට දියුණු කරන්න පුළුවන්. එතරම් හොඳ මානව සම්පතක්, ස්වභාවික විපත් අවම ඉතාම හොඳ අලංකාර රටක් අපිට තියනවා. (ර)
ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මුගුල් කීවේ කට කහනවට නොවෙයිනේ! තවත් හොඳ හොඳ සෙල්ලන් හෙට අනිද්දට එලියට ඒවි! හැන්ගි හැංගි බැඳපු වෙස්මුහුණුවල උජාරුව එළියේ නටනකොට හොඳටම පෙනේවි! මොකද , කොටින්ගේ පුල්ලි කෙළේ මරුවුණු පලියට වෙනස් වෙන්නේ නැහැනේ. (හේ)