වව්නියාවේ බෝගස්වැව පදිංචි ඩබ්ලිව් එම් චාලට් ප්‍රියංකා තම දියණියන් තිදෙනාට සහ පුතාට ඉගැන්වීමට සහ ජීවත් කරවීමට ගන්නේ අපමණ වෙහෙසකි. කළින් කුලී වැඩක් කර දරුමල්ලන් ජීවත් කෙරෙව්වත් මාස දෙකකට පමණ පෙර පොල් පරාලයක් හිස මතට වැටීම නිසා කුලියක්වත් කර ගැනීමට ඇයට නොහැකිවී ඇත. උසස් පෙළ කළ අගේ පුතාටද රැකියාවක් නැත. මේ ප්‍රියංකාගේ කතාව වුවත් වවුනියාවේ බෝගස්වැව ගම්මානයේ වැඩිදෙනකුට ඇත්තේ එවැනිම කතාය.

යුද්ධය නිමාවීමත් සමග උතුරු වසන්තය වැඩසටහන යටතේ බෝගස්වැව නව ගම්මානය සහ තවත් ගම්මාන කිහිපයක් පිහිටවනු ලැබුවේ ප්‍රදේශය වසාගෙන තිබූ වනාන්තරය එළිපෙහෙළි කිරීමෙන් පසුවය. ඉන් පසු දකුණේ ප්‍රදේශ කිහිපයක පදිංචි පවුල් රැසක් එම ගම්මානවල පදිංචි කරනු ලැබීය. බෝගස්වැව ගම්මානයේ පදිංචිය හිමිවීමට තිබූ එකම සුදුසුකම වූයේ තමන් ඒ වන විටත් පදිංචිව සිටි ප්‍රදේශයේ ඡන්ද හිමි නාමලේඛනයෙන් නම ඉවත් කර ගැනීම පමණි. චාලට් ප්‍රියංකා මෙන්ම තවත් විශාල පිරිසක් ඒ අනුව බෝගස්වැව පදිංචිකරනු ලැබූහ.Bogaswewa-wenasa

වව්නියාව නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර දෙක හමාරක් ගොස් මාමඩුව හංදියෙන් වමට හැරී (903/1 බස් මාර්ගෙය්) කිලෝමීටර 40ක් පමණ ගිය විට බෝගස්වැව ගම්මානය හමුවේ. උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ  වව්නියාව දකුණ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පාලනය යටතේ ඇති බෝගස්වැව ගම්මානය අයත් වන්නේ සී213සී පිරප්පම්මඩුව්‍ ග්‍රාම සේවා වසමටය. නව ගම්මාන යටතේ ඉදි කැරුණු නන්දිමිත්‍රගම, සැලලිහිනිගම හා නාමල්ගම පසු කරද්දී කරද්දී බෝගස්වැව හමුවෙයි.

බෝගස්වැව ගම්වාසීන් විඳින දුක ගැන වාර්තා කිරීමට මීට වසරකට පෙර ලංකාදීපය එහි යන විට මාමඩුව හංදියේ සිට කිලෝමීටර 40ම යෑමට තිබුණේ තාර කඳුළක් දැක නැති දූවිලිවලින් පිරුණු මාර්ගය ඔස්සේය. එම මාර්ගය ඔස්සේ ගොස් ගමේ දුෂ්කරතා හෙළි කිරීමෙන් පසු තවත් මාධ්‍ය කිහිපයක්ම ගමට ගොස් අඩුපාඩු අනාවරණය කර තිබිණි. ඉන් පසු දේශපාලකයන් හා නිලධාරීන්ගේ අවධානය බෝගස්වැව ගම්මානය වෙත යොමු විය. ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් නියෝජිතයකු යවා බෝගස්වැව ගම්මානය ගැන විශේෂ වාර්තාවක් ද ලබා ගත්තේය.

ගම්මානය ගැන වාර්තාකිරීමෙන් වසරකට පමණ පසු ලංකාදීපය යළි එගි ගියේ ගම්මානයේ දැන් තත්ත්වය සොයා බැලීම සඳහාය. මාමඩුව හංදියේ සිට කිලෝමීටර 40ක් දුරට ඇති මාර්ගයේ කිලෝමීටර 12ක් පමණ දුර තාර අතුරා තිබිණි. පාරේ ඉතිරිය පෙරසේමය.  වසරකට පෙර පොල්අතුපැළක දුක් විඳිමින් සිටි චාලට් ප්‍රියංකා මෙවර අප යන විට අලුත් නිවසක් ඉදිකිරීමේ වැඩකටයුතුවල නිරතව සිටියාය.

‘‘මහත්තයලා අවුරුද්දකට පස්සේ එද්දි අපි නම් පොඩ්ඩක් වෙනස් වෙලා. ගෙවල් හදන්න ආධාර ලැබුණා. බොහොම මහන්සියෙන් ගෙයි බිත්තයි උස්සලා වහළෙත් ගැහුවා. දැන් ජනෙල් දොරවල් දානවා. ලැබුණු දේවල් ගැන ගොඩක් සතුටුයි. තවත් අඩුපාඩු ගොඩක් තිබෙනවා.‘‘ යි කියමින් ප්‍රියංකා මහත්මිය කතාවට මුල පිරුවාය.

Bogaswewa-03මේ වන විට බෝගස්වැව ගම්මානයට නිවාස 57ක් ඉදි කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ප්‍රතිපාදන වෙන් වී තිබේ. අධියර තුනක් යටතේ ලබා දෙන මුදල රුපියල් හත් ලක්ෂ අනූ දහසකි.

‘පුතා උසස් පෙළ ලියලා රස්සාවක් නැතිව ඉන්නවා. මමත් කුළියක් කරලයි ජීවත් වුණේ. ගේ හදදි පොල් පරාලයක් ඔළුවට වැටුණට පස්සේ කුලියක් කරන්නවත් යන්න බෑ. දැන් ඉතින් ළමයින් හතර දෙනත් එක්ක වේලක් කාලා අමාරුවෙන් ජීවත් වෙනවා.‘ යැයි ප්‍රියංකා මහත්මිය සඳහන් කළාය.

ප්‍රියංකා මෙන්ම ගමේ තවත් කිහිප දෙනකුම පැවසුවේ තවමත් ඉඩම් ඔප්පු බෙදා දී නැති බවයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරියකු කීවේ ඉඩම් ඔප්පු දීම ප්‍රමාධ වීමට හේතුව බෝගස්වැව ගම්මානය ඉදි කර ඇත්තේ රක්ෂිත ප්‍රදේශයක වීම නිසා බවයි. ගම ඉදි කරද්දී රක්ෂිත ප්‍රදේශය නීත්‍යනුකූලව වෙන් කරගෙන නැතැයි ද ඔහු කීවේය.

බෝගස්වැව එම් ආර් කේ රේණුකා (47) මහත්මිය කියනුයේ ග්‍රාම නිලධාරී නිහාල් චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් ගමට බොහෝ දෑ ලැබී ඇති බවයි.

Bogaswewa-08‘අපි එනකොට කිසිම පහසුකමක් නෑ. දැන් නම් ඇතැම් දේවල් ලැබී තිබෙනවා. මෙහෙට වතුර ප්‍රශ්නය තදින්ම තිබෙනවා. මෙහේ වතුර බීමට නුසුදුසුයි. වාහන තියෙන අය නගරයට ගිහින් වතුර ගේනවා. අනිත් අය මේ වතුරම බොනවා. මේ ළඟදි වැසිකිලි 76ක් පාස් වුණා. අපේ ග්‍රාමනිලධාරී ගම සංවර්ධනය කරන්න, ගමේ අයගේ ජීවන තත්ත්වය දියුණු කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. ගමේ පිරිසට ජීවත් වෙන්න මොකක් හරි කර්මාන්තයක් පටන් ගත්තා නම් හොඳයි.‘ යැයි රේණුකා මහත්මිය කීවාය.

රේණුකා මහත්මිය මෙන්ම තවත් කිහිප දෙනකුම කීවේ ගම්වාසැයන්ට රැකියා ප්‍රශ්නය තදින්ම දැණෙන බවයි. ගමේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ වැදගත්කම ගම්වැසියෝ වැඩි දෙනෙක් අවධාරණය කරති.

ගමේ දුප්පත් පවුල්වලට තවමත් සමෘද්ධි සහනාධාරය නොලැබෙන බව ඩී එස් සිසිර තිලකරත්න මහතා කීවේය.

‘අපේ ඉඩම්වලට තවම ඔප්පු ලැබිලා නෑ. කුඹුරු දෙනවා කිව්වට තවමත් ලැබිලා නෑ. නමුත් යම් තරමකට රජයෙන් මිනිස්සුන්ට උදව් කරනවා. නිවාස ආධාර ලබා දීම ආරම්භ කර තිබෙනවා. අනෙකුත් පහසුකමුත් ඉතා ඉක්මණින් ලබා දෙනවා නම් හොඳයි. ගමේ රෝහලේ තවමත් ඉන්නේ එක වෛද්‍යවරයයි. තවත් වෛද්‍යවරු අවශ්‍යයි. ඒ වගේම තමයි ගමේ පාරත් ඉක්මණින් හැදුවොත් ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙයි.‘

නිවාස ලබා දී ඇත්තේ පවුල් 57ක පමණක් බවත්, නිවාස අහිමි පවුල් තවත් විශාල සංඛ්‍යාවක් සිටින බවත්, ඔවුන්ටද කඩිනමින් නිවාස ලබා දිය යුතු බවත් නිවාසාධාර නොලැබුණු අහිමි ගම්වැසියෙක් කීවේය.

පාරේ වැඩකටයුතු කඩිනමින් නිම නොකිරීම නිසා ගැටළු රැසක් මතු වී ඇතැයි නම හෙළි කරනවාට අකමැති වූ බෝගස්වැව ගම්වාසියෙක් කීවේය.  ‘උදේට කිරිකොක්කු වගේ පාසල් යන ළමයි පාසලට යන විට කනකොක්කු වගේ වෙලා. පාර තවමත් බාගෙට හදලා තියෙන්නේ. අතුරු පාරවල් එකක්වත් හදලා නෑ. ‘ යැයි ඔහු සඳහන් කළේය.

වව්නියාවේ ගම්මානය ගැන ලංකාදීපයෙන් රටටම කීමෙන් පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව ලැබුණු දිලංජන සඳුන් සිසුවා මෙවර අප යන විට උසස් පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියේය. අලුතින් හදන නිවසේ වැඩවලට අත්උදව් දෙමින් සිටි දිලංජන ගමට යම් යම් දේ ලැබීම ගැන සතුට පළකරමින් කතාවට මුළ පිරුවේය.

‘‘ගමේ අඩුපාඩු ගැන දූවිලි නාගෙන පාසල් එන ආකාරය ගැන ජනාධිපතිතුමාව දැනුම්වත් කළා.  ඔහු ගමට ආ අවස්ථාවේ මේ තත්ත්වය  සියැසින් දැක්කා. හැකි ඉක්මණින් මාර්ගයේ වැඩ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළා. දැන් වැඩ පටන්ගත්තත් ඉඉබි ගමනින් ක්‍රියාත්මක වෙන්නේ. අපේ නංගිලා මල්ලිලා තවමත් දූවිලි නාගෙන පාසල් යනවා. අපට නම් නිවාස ආධාර ලැබුණා. තවත් නොලැබුණු බොහෝ දෙනෙකු ඉන්නවා. ඒ හැමටම නිවාස ආධාර ලබා දෙන්න ඕනෑ. අපේ ගම ඉක්මණින් සංවර්ධනය කරන ලෙස මම යළිත් ඉල්ලනවා.‘‘

වවුනියාව දිස්ත්‍රික් ලේකම් - එම් බී ආර් පුෂ්පකුමාර

‘‘මෙහි ඉඩම් ලබාදීම කිසිම ඉඩම් නීතියකට අනුව නොවෙයි පසුගිය කාලයේ සිදුවෙලා තිඛෙන්නේ. හිතුමතේට ඇවිත් මහ කැළෑව කපලා කළුවර ගස් පෙරලලා තමයි මේ මිනිස්සු බලෙන් පදිංචි කරලා තිඛෙන්නේ . වෙන කොහෙන්දෝ ගෙනවිත් පදිංචි කළා. යුද්ධයෙන් අවතැන්වූවන්ට පීඩාවට පත්වූවන්ට මේවා එකක්වත් නැහැ.

මේ පදිංචි කිරීම වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් කිසිදු බලධාරියෙකුගෙන් අවසරයක් නොමැතිවයි කළේ. කැළේ කපලා මිනිස්ස ටික පදිංචි කළා . මේ සිදුවීම දුටු වනසංරක්ෂණ නිලධාරීන් හට එදා කතා කිරීමට අවස්ථාවක් තිබුණේ නැහැ. පසුව තමයි ඒ තිබුණ වාතාවරණය වෙනස්වුනේ . දැන් තමයි මේ පිළිබඳඅධ්‍යනයකරලා නීතියාණුකූලව කටයුතු කරන්න යන්නේ.

එහෙම මේ පිළිබ`ද සොයාබලද්දි හෙළිවුනා මේ ඉඩම් වන සංරක්ෂණයට අයිති ඒවා කියා. අවසරය අරන්කරන්න ඕනෑ දෙය කවුරුත් එසේ කරලා නැහැ.දැන් අවසර ගන්න ඕනෑ වෙලා තිඛෙනවා. එදා මේ ඉඩම් කාටද අයිතිය කියා සොයා බැලූවෙ නැහැ අපි සොයා බලද්දි දැන් මේ ඉඩම් බහුතරයක් මහවැලියටත් අයිති. මේ වන විට තමයි මේ මිනිස්සුන්ගේ අඩුපාඩු ගැට`ඵ පිළිබ`ද නීති්‍යාණුකූලව කටයුතු කරන්නේ දැන් තමයි.

ඉස්සර මේවට සල්ලි කොහෙන් එනවද කියා අප දන්නේ නැහැ. හමුදාවෙන් තමයි ඉඩම් ඛෙදන්නේ, ඉඩම් මනින්නේ. ඔවුනට කිසිදු බලයක් තිබුණෙ නැහැ මේ දේවල් කරන්න. කලින් කළ නීති විරෝධී වැඩ නීති්‍යාණුකූලව කරන එක තමයි දැන් කරන්නේ. මේක තමයි ඇත්ත කතාව.  කලින් කළේ කැළේ කැපුවා මිනිස්සු නිකන් පදිංචි කළා. දැන් මේ මිනිස්සුන්ට ඉඩම් බලපත්‍ර දෙන්න ඕනෑ. මේ මිනිස්සු ගෙනත් දැම්මයි කියලා අපිට අහක බලන් ඉන්න බැහැ.

දැන් මිනිස්සු පදිංචි කරලා ගෙවල් හදලා දෙන්න අවශ්‍යයි ඒ වගේම ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් දැන් අපි කරන්න ඕනෑ. එහෙම කරන්න යනකොට දැන් නීතියානූකූලව තමයි කරන්න වෙන්නේ.

මේ අය දැන් ඡන්ද නාමලේඛණයේ නම තිඛෙන නිසාත් කූඩාරම් වැනි නිවාස වල දැනට ඔවුන් පදිංචිවී සිටින නිසා නිවාස ලබාදීමට අවශ්‍යයි. ඒ නිසා කොටසක් ජනතාව ස`දහා නිවාස නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය යටතේ දී තිඛෙනවා.

නිවැරදි ක්‍රමයට සිදුවනවා නම් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයට දියයුත්තේ මේ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉදලා යුද්දේ නිසා බැටකාපු ජනතාවට බව විශේෂයෙන් කිව යුතුයි . මේවා කිසිදු නීතිමය රාමුවක් මත කළ දේවල් නොවන නිසයි මේ පිිළිබ`ද පියවර ගනිද්දි රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්වෙන්නේ.

ඒ ගැන තීරණය කළේ දැනට මාස තුනකට පමණ පෙර. අපි මේ ප්‍රදේශය ගැන සොයාබැලීමෙදී ඇතැම් ප්‍රදේශ මහවැලියට අයත් බව පෙනීගියා පසුව අපි ඔවුන්ට භාරදුන්නා මේ ඉඩම් සදහා බලපත්‍ර නිකුත්කරන්න කියා.

ඉඩම් බලපත්‍ර ලබාදීමේදී පදිංචි ඉඩම් පිළිබ`ද ගැට`ඵවක් දැන් ඇතිවෙලා නැහැ දැන් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව බැහැ කියන්නේ නැහැ ඉඩම් බලපත්‍ර දෙන්න

සේරම ගැටළු විසඳගෙන යන්නේ මේ. අලි දෙනවා කොටි දෙනවා කියා ගෙනවිත් දැමුවා නම් අපිට බැහැ මේ ජනතාව නිකන් අයින්කරලා දැන්න.

දැනට පවුල් 2800 සිටිනවා ඉන්දියන් නිවාස ව්‍යාපෘතිය වැනි විවිධ ව්‍යාපෘති ගෙනවිත් මේ වන විට බෝගස් වැව ප්‍රදේශයට නිවාස හත්සියයක් පමණ සාදා නිමකරලා තිඛෙනවා.

තවත් විශේෂ දෙයක් කිවයුතුයි මේ පදිංචි කිරීමේදී ඉඩම් බහුතරයක් අයත්වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. භූමිය බලද්දි සමහර ගම්මාන අනුරාධපුරයට අයත්. ඒ ඉඩම් දැන් නිරවුල් වී තිඛෙන්නේ.  කලින් ඔය පදිංචි කිරීම් සියල්ල නීතියානුකූලව කළානම් නිලධාරීන්ට ගැටළු නැහැ.‘‘

Bogaswewa-07 Bogaswewa-06 Bogaswewa-05 Bogaswewa-04 Bogaswewa-03 Bogaswewa-02 bogaswewa-01


Bogaswewa-11 Bogaswewa-10 Bogaswewa-09 Bogaswewa-08