වසර 30ක කාලයක් ශ්රී ලංකාවේ පැවැති යුද්ධයේ වියදම රුපියල් බිලියන 30000 (රුපියල් කෝටි 30 ලක්ෂයක් ) අධික බව ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මෙන්ම හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන් සඳහන් කර ඇතැයි ‘නිව් ඉන්දියන් එක්ස්ප්රස්‘ පුවත්සේවය වාර්තා කරයි.
ඔහුගේ නවතම ග්රන්ථය වන 'චොයිසස් ඉන්සයිඩ් ද මේකින් ඔෆ් ඉන්දියාස් ෆොරීන් පොලිසි‘ ග්රන්ථයේ මෙය සඳහන් වෙතියි කියති.
එම පිරිවැය තුළ ආවස්ථික පිරිවැය ඇතුළත් නොවන බවත් හිටපු ආරක්ෂක උපදේශකවරයා සඳහන් කරයි.
1983 වසරේ පටන් 2009 දක්වා පැවති යුද්ධයේදී ජීවිත 80,000-100,000ක් අතර ගණනක් අහිමිව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. යුද්ධයේ අවසන් කාලයේදී පමණක් පුද්ලගයින් 300, 000කට අධික ප්රමාණයක් අවතැන් වූ බවත් උතුරු නැගෙනහිර වළදමා ඇති බිම්බෝම්බ ප්රමාණය ලක්ෂ 16ක් පමණ වන බවත් ශිවශංකර් මෙනන් කියයි.
ඔහු සිය ග්රන්ථයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ගැටුම් පැවති කාලයේදී එල්ටීටීඊ නායක ප්රභාකරන් සිය ලාංකික දෙමළ ප්රජාව ඉතාම කෲර හා සාහසික ලෙසින් අතහැර දමා ගිය බවය. එසේම රටින් පිටව ගිය ඩයස්පෝරා සහ සරණාගත ප්රජාව විසින් සපයන සහනාධාර ඇතුළු විදේශ ආධාර තම ජීවිතකාලයම සුඛිත මුදිත කරනු යාපනයේ දෙමළ පදිංචිකරුවන් හැම විමටම සිතූ බවත් නමුත් සිදු වූයේ එල්ටීටීඊ නායකයා සහ ඔහුගේ සහචරයින් පමණක් ඉන් සිය ජීවිත දියුණු කර ගැනීම පමණක් බව ශිව ශංකර් මෙනන් සිය ග්රන්ථයෙන් පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්දියන් කෙනාට ශ්රී ලංකාව ගැන පොත් ලියන්න තියෙන ආසාව! එල්ටීටීඊ නායක ප්රභාකරන්ගේ සැළකිලි ගැන අමුතුවෙන් පොත් මඟින් අපට දැනගන්න ඕනෑ නැහැ. ඡන්දෙන් ආවත්, තුවක්කුවෙන් ආවත් දෙගොල්ලොම කරන්නේ වෙනත් විදියක ත්රස්තවාදී හූරාකෑමක් බව "හෝඩි පොත" කියවන්නත් ඉස්සර ඉඳලම උගත් ශ්රී ලාංකික ජනතාව දැනගෙන හිටියා. (නි)
ඔය ඇතැම් සංවිධාන දැන් විවිධ ක්රියා කරගෙන යන්නෙත් රටට තව කෝටි කීයක් පාඩු කරන්නද දන්නේ නැහැ, රටේ ජාතීන් අතර විරසකයක් ඇති කරලා. (නි)
කොටින් පුහුණු කිරීම, ආයුධ සැපයීම ඇතුළු දේ කළ ඉන්දියාවෙන් මේ මුදලින් කොටසක් අයකර ගත යුතුයි. අනිත් කොටස කොටින් හුරතල් කළ අපේ සමහරුන්ගෙන් අයකරගත යුතුයි. (නි)
මුලදී ත්රස්තවාදයට අනුබල දීම්, සහයෝගය දීම, පුහුණුව දීම කළෙත් ඒගොල්ලෝ කියලා එයාගේ පොතේ සඳහන් වෙන්නේ නැත්නම් එම පොත කාරණා වසන්කරන පොතක් (නි)
මේ කියන බිලියන 30000 ඉන්දියාවේ රුපියල් වලින්ද? එතකොට ඉන්දියාව කොටි පුහුණුකරපු වියදම? කොටින් ආරක්ෂා කළ වියදම? යාපනයට පරිප්පු දාපු වියදම? (නි)
තනිකරම එක්සත් ජාතික පක්ෂයේ ජයග්රහණයක්. (නි)
ලංකාවේ මේ යුද්ධය ආරම්භ කළේ ඉන්දියාව කියලා කියලා නැද්ද? (නි)
උතුරේ යුද්ධයක් තිබුන බව අපි දන්නේ පත්තරෙන් විතරයි. කොටින්ම සමහරු කිලිනොච්චිය අලිමංකඩ කොහෙද තිබෙන්නේ කියා දැනගත්තෙත් යුද්ධය ඉවරවුණාම. ගුණමකුවෝ මොනවා කිවුවත් කමක් නැත. (නි)
දිමුත්, නැතුව වෙන මොනවා කියනවද? ඒගොල්ලෝ අලිමංකඩ යන්න 138 නැගලා පාමන්කඩට ටිකට් අරගෙන. (නි)
යුද්දේ නැතිවත් දැන් ඉන්න අය හොදට ණය ගන්නේ .හැබැයි එදා ගන්නකොට පවුලට කන්න අද ගන්නකොට රටට . (හේ)
මෙයාවත් අත්අඩංගුවට ගනීවිද දන්නේ නැහැ ප්රභාකරන් විවේචනය කරලා සංහිඳියාවට බාධා කළා කියලා. (නි)
යුධ ආයුධ, කොමිස්... නියමයි. (නි)
කටේ රත්තරන් දාන්න ඕනෑ. (නි)
සමහර මිනිස්සු හිතා ගෙන ඉන්නේ යුද්දය නිකම්ම නිකන් කරපු එකෙක් කියල ඔය තියෙන්නේ ගත්ත ණය. (ර)
ඒ යුද්ධයට වඩා වැඩි වියදමක් යුද්ධයෙන් පසු පාර්ලිමේන්තුව නඩත්තු කරන්න වියදම්වෙලා වගෙයි. ඒක මේ පොතේ නැද්ද දන්නෙ නැහැ (නි)
උතුරේ මිනිස්සු කියන්නේ එයාලට පහසුකම් නෑ රජය සලකන්නේ නෑ කියලනේ . බලන්න මේ මුදල මුළු ලංකාවම හොද තැනකට ගෙන්න පුළුවන් මුදලක් නේ මේ නැති කරලා තියෙන්නේ . ඒ වගේම වටිනා ජීවිත. (ර)
කීයක් ගියත් ඉන්දියාවට තිබෙන කැක්කුම මොකක්ද? (නි)
ඔහු කියන කතාව ඇත්ත තමයි (නි)