උතුරු පළාත් සභාවේ වසර තුනක කාලය තුළ යෝජනාවන් 337ක් සම්මත කරගෙන තිබෙන බවත් ඒ අතරින් බහුතර යෝජනාවන් සම්බන්ධයෙන් ඉහළ ක්‍රියාමාර්ග ගැනීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඥානම් මහතා පැවසීය.

2016 වසරේ අවසන් පළාත් සභා සැසිවාරය අද පැවති අතර මෙම සැසිවාරය පැවති අවස්ථාවේදී සභාපතිවරයා මේ බව අවධාරණය කළේය.

උතුරු පළාත් සභාව පිහිටුවා වසර තුනක කාලයක් ගතව තිබෙන බවත් මෙම කාලයේදී 300කටත් අධික යෝජනාවන් සම්මත වී ඇති බවත් මේවා සලකා බැලීමක් හෝ ඉහළ පෙලේ ක්‍රියාමාර්ග ගැනීමක් සිදුව නැති බවත් මේ සම්බන්ධයෙන් සලකා බැලීම සදහා කමිටුවක් හෝ පත්කළ යුතු බවත් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සර්වේස්වරන්, ආනන්දි ශෂිදරන් යන අය මෙහිදී චෝදනා කර සිටියහ.