උතුරේ මිය ගිය ඥාතීන් සිහි කරමින් මහවිරු දින සැමරුමක් අද (25) යාපනය විශ්ව විද්‍යාලයයේ දී පැවැත්විණි.
යාපනය සරසවි සිසුහු සහ ආචාර්යවරු ඊට එක්වූහ.
යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශාලාවේ දී ඉටි පහන් පත්තු කරමින් සැමරුම් උළෙල පැවැත්වෙද්දී සිවිල් ඇදුමින් සැරසුණු පොලිසියේ පිරිසක් ශාලාවෙන් පිටත සිටිනු දක්නට ලැබිණි.
විශ්ව විද්‍යාල භූමියේ රුක් රෝපණ වැඩසටහනක් ද ඊට සමගාමීව පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝටම ඉතින් වැරදි පෙනෙන්නේ සිංහලයා කළොත්නේ (නි)
මහවිරු කියන්නේ කාටද එතකොට. ඥාතීන් සමරන්න මොකටද මහවිරු ලේබලයක්. මෙයාලා මේ නොකියා කරන්නේ කොටියට ආවැඩීමක් නේද? (නි)
ආපහු ඉල්ලගෙන කන්න යන්නෙ (බ)
ජයවේවා! කියලා කියමු නේද. (බ)
සෙනෙවි මේ පාලනය තියන තුරු නම් ආපසු ඉල්ලගෙන කෑමක් සිදු වෙන්නේ නැහැ. නැතිවෙන සිංහල අයිතිය ගැන කතා කරන්නවුන්ගේ කටට මුඛවාඩම් දමන සහජිවන ලොක්කන දැන් මොකද කියන්නේ.(බ)
බොහොම හොඳයි යහපාලනය. පහන් තියලා ඔය සිහිකරන්නේ සිංහලයන්ගෙන් පළිගන්නවා කියන එක නෙමෙයිද. (නි)
පසුගිය කාලයේ උතුරේ මියගිය අහිංසකයින් කොටි නම් වෙන්න බැහැ. (හේ)
පසුගිය කාලයේ උතුරේ මියගිය අහිංසකයින් කොටි නම් වෙන්න බැහැ. මොකද පොලිසිය ඇවිල්ලා තියෙන්නේ සුදු වස්ත්‍ර ඇඳගෙන පින්කමකට සහභාගී වෙන්න. ඔය \"අහිංසකයෝ\" සමරන අහිංසකයෝ හැමදාමත් ඔය විධියට ආගමික වතාවත්වල නියැලෙනවා නම් පොලිසියට ආයුධ තියා යුනිෆෝර්ම් වත් අවශ්‍යය වන්නේ නැහැ.(හේ)
ඔවැනි උත්සව නිදහසේ පවත්වන්නේ සිංහල හමුදාවේ ජයග්‍රහණය නිසා බව යාපනයේ සරසවි සිසුන් හා කාර්ය මණ්ඩලය තරයේ මතක තබාගත යුතුය ....,(හේ)
දැන් කොටි මහවිරුවෝ වෙලාද? (හේ)
දැන් මේ දේවල් කරන්න රටේ නිදහස තියෙනවා.(හේ)