මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටන සිදු වු මුහුදු තීරයේ දී අද (18) පහන් පත්තු කළ උතුරුමැද පළාත් ඇමැති සී.වී. විග්නේෂ්වරන් යුද්ධයෙන් මිය ගිය වැසියන් සිහි කළේය.
කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් ශ්‍රි ලංකාවේ විරෝධාර හමුදා විසින් පරාජයට පත් කැරුණේ වෙල්ලමුල්ලි වයික්කාල් හි දීය.
ශ්‍රී ලංකා හමුදා කොටියා පරාජය කිරිමේ හත් වැනි සංවත්සරය අදයි.
![15[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/151.png)
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/0111.png)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/051.png)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/081.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ඇමතිය ජාතිවාදය අවුස්ස අවුස්සා දඟලනවා. මෙයාට නම් මොනව හරි කළ යුතුයි ආණ්ඩුවෙන්. (බ)
කොටි ගැහැණුන්ගේ අදෝනාව ...(බ)
අඩනවා දැන්කම දුකයි තමයි. එයත් ඒකාලේ ගම්වලට පැනල අහිංසක පවුල් බුරුතු පිටින් මරපු හැටි අපිට අමතක වෙන්න නැ තනගටුයි (අ)
යුද්ධයෙන් මිය ගිය වැසියන් සිහි කළේය. මැයින් අදහස්වෙන්නේ නැහැ සිහි කළේ කොටින් බව. කරුණාකරලා අපේ සිංහල අය ජාතිවාදී කෝණයකින් බලන්න එපා. කරුණාකරලා ඔබේ හිතේ මිනිස්කම යටපත්වෙන්න ජාති අලයටවත් ඉඩ දෙන්න එපා. (අ)
මේ කට්ටිය මේ කරන වැඩේ හරිද.? (ර)
පොලිසියේ මහත්වරු හිටියා කියලා මොනවා කරන්නද? (ර)
මෙන්න මහින්ද රාජපක්ෂ කරපු ජරාම ප්‍රජාතාන්ත්‍රික කටයුත්ත. ප්‍රබාකරන් නොදුන්න ඡන්ද බලය උතුරේ ජනතාවට දී නැවතත් කොටි රූකඩ බලයට ගෙන එ්ම සහ එමගින් ජනාධිපති ඡන්දයේදී මහින්ද රාජපක්ෂගේ බලය නැතිවී රට අරාජික තත්වයට පත්කිරීම. මහින්ද රාජපක්ෂ මේ කරුණු දෙකටම වග කිව යුතුයී. එය ඔහුගේ පරාජයක් නොව. රටේ පරාජයකි. (බ)
රට ආරක්ෂා කළ වීරෝදාර ත්‍රිවිද හමුදාවේ අපේ විරුවෝ හිර ගෙදෙර. යුද්දය නවතපු, සාමය ලබාදුන් ජනාතිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, නාවික හමුදාපති කරන්නාගොඩ, ගුවන් හමුදපති ගුණතිලක ගෙන් දේශපාලන වාසියට ෆොන්සේකාට පමණක් සලකනවා. ශ්‍රී ලාංකිකයෝනම් පුදුම ජාතියක්. (බ)
නැති සෙනඟ මවලා පෙන්නන හැටි අහවලාගෙන් ඇහුවා නම් දැනගන්න තිබුණා (නි)
අනේ කොයි තරම් අහිංසක වැඩක්ද? මහ ඇමතිතුමනි අපිත් ඔබ සමගයි. (ර)
මේ සම්බන්ධව විරුද්ද වීමෙන් පලක් නැත. ඒ ඔවුන්ගේ ශෝක ප්‍රකාශයයි.! (ර)
පුදුම සහජීවනයක් නේ මෙයාලගේ තියෙන්නේ. (ර)
මොනවද මේවට කියන්නේ දැන් .... (ර)
යුද්දයෙන් මියගිය අය සිහි කිරීමට කටත් අයිතියක් ඇත .නමුත් මොවුන්ගේ අරමුණ එය නොවන බව සියල්ලන්ටම පැහැදිලිය . මේවට විරුද්දව කතා කිරීම ජාතිවාදය වේ (බ)
කිසිම වරදක් නැහැ. මියගිය රටවැසියන් වෙනුවෙන් පහනක් දල්වා ඔවුන් සිහිපත් කිරීම සෑම රට වැසියෙකුගේම යුතුකමක්. (බ)
මුන් කොටි සුද්ධ කරනවා. අපේ නිවට නායකයෝ බලන් ඉන්නවා. මේ පාවාදෙන්නේ සිංහල ජාතියයි රටයි (බ)
ආපහුනම් ජාතිවාදයක් අවුළුවන්නට මුන්දලට ඉඩ නොතියන්න.බඩගෝස්තර දේශපාලනයේ ප්‍රතිපල තමයි ඔය.(බ)
රජයේ ආරක්ෂාව යටතේ තමයි මෙය සිදුවෙලා තියෙන්නේ .ඔය, පොලිසියේ මහත්වරුත් ඉන්නේ (බ)
ෂු ගාල සෙනග ඇවිල්ලා. (ර)
පහන දල්වනකොට හිතින් මොනවා හිතුවද කව්ද දන්නේ. (ම)
මිය ගිය හැමෝම මිනිස්සු. යුද්දයකින් දිනු දෙයක් නැති බව තම මේ සිහි කරන්නේ මේවා උපේක්ෂාවෙන් බැලිය යුතුයි (ම)
ඉසුරන්දි දන්නා දෙයක් කතාකරන්න.. මළවුන් සැමරීම ජාතිවාදයක් නෙමේ.. ද්‍රවිඩ ජනතාව යුද්ධයට තල්ලු වුනේ දකුණේත් වරදින්.. (ර)
ද්‍රවිඩ තරුණයින් මල වේදනාව ඔවුන්ගේ මවුපියන්ටත් ඇති .. කිසිම යුද්ධයක් දෙපාර්ශවයේම වරදින් තොරව ඇතිවෙන්නක්. (ර)
නෑයන් සිහි කිරීම. (ර)
මියගිය සහ අත් පා අහිමි කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අපගේ විරෝධාර රණවිරුවන් ගැන පුදුම දුකක් දැනෙන්නේ මේවා දැක්කහම (බ)
මේ යහපාලනයට දරදිය ඇද්ද අයට දැන් තේරෙනවා ඇති (බ)
නෑදැයින් සිහි කිරීමේ වරදක් නැත. (ර)
මෙම සැමරුමේදී විග්නේශ්වරන් කරපු ප්‍රකාශයක් තමයි තමන් සමරන්නේ අකාලයේ මියගිය සිවිල් ජනතාව මිස සටන්කළවුන් නොවන බවයි (බ)
ආරක්ෂක ඇමති, ලේකම් කෝ දැන්.? කිවුවේ කොහොමද.? (බ)