දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි දෙමළ දේශපාලනඥයනට බලපෑම් කිරීම සඳහා උතුරේ මහ ඇමැති සී.විග්නේෂ්වරන් දෙමළ මහජන මණ්ඩලය නමින් සංවිධානයක් බිහි කරයි.
උතුරු පළාත් සභාවේදී මෙහි මංගල රැස්වීම පැවැත්විණි. දේශපාලනඥයෝත් ආගමික නායකයෝත්, සමාජ ක්‍රියාධරයෝත්, වෘත්තිකයෝත් පිරිසක් ඊට එක්වූහ.
නව සංවිධානයේ සම සභාපතිවරුන් ලෙස මහ ඇමැති විග්නේෂ්වරන්ද, දොස්තර පී.ලක්ෂ්මන් ද තෝරාගනු ලැබූහ.
ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්) නායක හා හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික මහජන පෙරමුණේ (ටී.එන්.පී.එෆ්) නායක හා හිටපු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, අදීන ස්වාමි සෝමසුන්දර පරමාචාර්ය, කතෝලික පූජකවරුදෙදෙනෙක් වන එස්. මංගලරාජා හා ආර්.රවිචන්ද්‍රන්ද, වෛද්‍යවරු දෙදෙනෙක්ද දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ද රැස්වීමට ආහ. නව නිලධාරී මණ්ඩලයට උප කමිටු දෙකක්ද පත්කැර ගැනිණි.
ජාතික ප්‍රශ්නයට විසඳුම් වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීම හා සංස්කෘතික කටයුතු ගැන සොයාබැලීම එම කමිටු දෙකට පැවරේ. දොස්තර ලක්ෂ්මන් පැවසූයේ මෙම මණ්ඩලය දෙමළ දේශපාලනඥයන්ට පීඩන කණ්ඩායමක් වශයෙන් කටයුතු කරයි.
මහ ඇමැති විග්නේෂ්වරන් පැවසූයේ එම සංවිධානය කිසිවකුගෙන්වත් පළිගැනීමක් නොකරන බවයි. දෙමළ දේශපාලනඥයන් මෙතෙක් දොරගුළු දමාගෙන ගත් තීරණ අනාගතයේදී මහජනයා ඉදිරිපිට ගතයුතු බව දොස්තර ලක්ෂ්මන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ වීරවංශලා කරන දේම ඔබ උතුරට වෙලා කරනවා වගේ පේන්නේ. (බ)
සුමිත්‍ර කියනවා වගේ බයවෙන්න ඕන නැත. (හේ)
උතුරට කිරි අපිට කැකිරි.(හේ)
කවුරු කවුරුත් මීය කැඩුවේ අත ලෙවකන්න නෙමෙයි කියලා රටම දන්නවා. (නි)
අපේ මිනිස්සු පක්ෂ සංවිධාන හදාගෙන තමන්ට නිලතල ලබාගන්න පුදුම ආසයි. රටේ පක්ෂ, සංවිධාන, අර කොමිසන් මේ කොමිසන් ගණනාවක් තිබෙනවා, රටට වැඩකුත් නැහැ. කාලය කනවා විතරයි. (නි)
මේක කාගේ උවමනාවට වෙන දෙයක්ද කියලා අපිට හොඳට තේරෙනවා. උතුරේ බලතුලනයට පක්ෂ 2 ක් තිබෙන එක හොඳ වුණත් මේකේ යටි අරමුණ ජාතිවාදය පදනම් කර ගෙන ජන්ද ලබා ගැනීම නම් මේ පක්ෂය දමිළ ජනතාව විසින් අන්ත පරාජයකට ලක්කළ යුතුයි. (නි)
පාට කණ්ණාඩි දමාගත් සිංහල දේශපාලඥයිනි, දැන්වත් බලන්න දෑස් විවරකර මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. (නි)
හැමෝම දන්නා උප්පරවැට්ටි හැම එක්කම දානවා. හොඳ විමසිල්ලෙන් හිටියොත් සාමය ආරක්ෂා කරගන්න රජයටත්, ආරක්ෂක හමුදාවන් වලටත් පුළුවන් වේවි... (නි)
දැන් මොකක්ද වෙන්න යන්නේ.(හේ)
ඒ පාර මොකකටද දඟලන්නේ. (හේ)
කමල්, ඔය හරියටම වෙන වැඩේ තේරුම් අරගෙන තිබෙනවා. සම්පන් මහතාණෙනි, ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ඔබටත්, රජයටත් අපේ සහය හැමදාම ලැබෙනවා. (නි)
අපි බලමුකෝ මොකක්ද කරන්න හදන්නේ කියලා (නි)
මස්සිනා වගේම හීනමානයෙන් පෙලෙන මෙතුමා කකුලෙන් අදින එක විතරද කරන්නේ ?පසුගිය අවුරුදුවල විමධ්‍යගත අයවැයෙන් වෙන්කළ මුදල් සතයක්වත් වියදම් නොකර ආපසු එවල .එක එක සංවිධාන අටෝගෙන පිටරටවල සංවිධාන වලින් ගානක් කපා ගන්න හදන්නේ .ඡන්දෙට හම්බවුනු දේවල් බෙදා ගත්ත හැටි දැක්කනේ. (බ)
වැඩිය දගලන්න දුන්නොත් වැඩේ වැරදි වගේ. කව්රු කව්රුත් සීරුවෙන් හිටියොත් ඇඟට ගුණයි (බ)
මෙයා එන පොටනම් එතරම් හොඳමදී මෙයා ගැන අවදානයෙන් සිටිම රටේ අාරක්ෂාවට හොඳයි වගේ (බ)