සෙවිළි තහඩු බෙදා දීමට තිබූ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් උතුරුමැද පළාත් සභාවේ සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය විසින් ජුනි මස 15දා දක්වා රිමාන්ඩ් කැරිණි.
සෙවිලි තහඩු 530ක් බෙදා දීමට යැයි කියමින් රුපියල් ලක්ෂ 10ට ආසන්න මුදලක් වංචා කළැයි සැකපිට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් ඉතින් දඬුවම් විඳින්න වෙනවා (නි)
මහින්ද මහත්තයාගේ ගෝලයෙක් වෙන්නැති නේද ? (අ)
කට්ටියට මතකද මෙයාව. එතකොට මෙය තාම පළාත් සභාවේද? අපි හිතුව ඉවත් කරලා කියල .(අ)
මෙයා හොඳ ගැහිලි කාරයෙක් කියලා අපි දන්නවා කොටි අතින් වුණත් (බ)
විජිත, වරදක් කළ හැම අයෙකුම දඬුවම් විඳිය යුතුයි කියලා කියන්නේ ඔයයි මමයි වගේ සාමාන්‍ය ජනතාවනේ. ඉහළ පැලැන්තියේ බලවතෙකු තමා ඉදිරියට එනකොට නීතියේ අපක්ෂපාතිබවේ කන්‍යයාව තමාගේ ඇස් නොපෙනෙන ලෙස බැඳ ඇති කඩතුරාව හිමින්සීරුවේ තරමක් පහතට දමා තරාදිය බලවතාගේ පැත්තට බර වනසේ අල්ලා සිටිනවා. හරියට නඩුවක් විභාග වෙන්න නම් මේ "කන්‍යාව" ට නින්ද යන්නම ඕනෑ. (නි)
එතකොට සුනාමි සල්ලි හොරකම්කල අය එළියේ ඉන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න අයත් පගා ගහලද ?(ස)
මෙයාද අර ගුරුවරිය දන ගස්වුවේ.(නදී)