උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරු සේවා ව්‍යාවස්ථාව අනුමත නොකළැයි විරෝධය පළ කරමින් අද(21) සිට උතුරු මැද පළාත් සෞඛ්‍යය රියදුරෝ වැඩ වර්ජනයක් ඇරැඹූහ.
උතුරු මැද පළාතේ රජයේ සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ සභාපති වසන්ත කුමාර මහතා කියා සිටියේ පළාත් සෞඛ්‍ය රියදුරු ව්‍යවස්ථාව අනුමත කර දෙන ලෙස ඉල්ලා පසුගිය මැයි 6 සිට දින හතක් අඛණ්ඩ උපවාසයක නිරත වු බවත් පසුව ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මත උපවාසය අත් හළ නමුත් අද වනතුරු එය අනුමත කර නැති බවයි.
පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කිර්ති ගමගේ මහතා කියා සිටියේ රියදුරන්ගේ වැඩ වර්ජනයෙන් රෝගින් අපහසුතාවයට පත්විම වැළැක්විම සඳහා යුද හමුදා රියදුරන් ගිලන් රථ ධාවනය කිරිම සඳහා යොදවන බවයි. එසේම පළාතේ සෞඛ්‍ය රියදුරන්ගේ සේවාව දෙපාර්තමේන්තු ගත සංවෘත සේවාවක් ලෙස ස්ථාපිත කරන ලෙස කළ ඉල්ලිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි නොමැති බවද ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස කීපයක්ම ඔය විදිහට ඉන්නවනම් අපි කැමතියි (ම)