උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරය සඳහා පත්කර සිටි එක්සත් ජාතික පක්ෂයේ අනිල් රත්නායක මහතා අද (26) වැඩ බාරගත්තේය.
පළාත් සභා ක්‍රමය ස්ථාපිත කැරෙන අවස්ථාවේ බරපතල ප්‍රශ්න තිබුණු බවත් එදා නිලධාරීන් පළාත් සභා සේවයට පැමිණීමට අකමැතිව සිටි බවද අද තත්වය වෙනස්වී පළාත් සභාව මගින් මහජනයාට වන සේවය නිසා නිලධාරීන් බොහෝ කැමැත්තෙන් පළාත් සභා සේවයට එක්වන බවත් රත්නායක මහතා කීය.
රත්නායක මහතාගේ වැඩ බාරගැනීම වෙනුවෙන් අනුරාධපුර මෛත්‍රිපාල උද්‍යානයේ පිහිටි පළාත් සභා සංකීර්ණයේදී උත්සවයක් සංවිධානය කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd