(දයාරත්න ඇඹෝගම සහ අතුල බණ්ඩාර)
 

උතුරු මැද පළාත් සභාවේ පවතින බල අරගලය තවත් උග‍්‍ර කරමින් පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බි.සේමසිංහ මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට තිබේ.

පුරප්පාඩුවු එම අමාත්‍ය ධුරය සදහා පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රි සරත් ඉලංගසිංහ මහතා ආණ්ඩුකාර පි.බි.දිසානායක මහතා ඉදිරියේදි මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.