දයාරත්න ඇඹෝගම
උතුරු මැද පළාත් සභාවේ පවතින දැඩි මුල්‍ය අර්බුදය මධ්‍යයේ පළාත් මහ ඇමතිවරුන්ගේ සම්මේලනයට සහ සවර්ණ සංඛ සම්මාන උළෙල සදහා රුපියල් ලක්ෂ 150 ක මුදලක් වියදම් කිරිමට පළාත් ප්‍රධාන අමාත්‍යාංශය ගෙන ඇති තිරණය සම්බන්ධයෙන් පළාත් සභාවේ උසස් නිලධාරිහු දැඩි මවිතය පලකර සිටිති.
සවර්ණ සංඛ සම්මාන උළෙල ලබන මස 05 වැනි දින අනුරාධපුර නගරයේ සුපිරි හෝටලයක පැවැත්විමටත් ලබන මස 06 වැනි දින ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව හබරණ තරු හෝටලයක පැවැත්විමටත් කටයුතු මේවන විට සංවිධානය කර තිබේ. මෙම උත්සව දෙක සදහා වයවන මුදල රුපියල් ලක්ෂ 150 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි නියගය නිසා ගොවි පවුල් කියක් නම් අසරණ වෙලා තියනවද උතුරු මද පළාතේ. මම පෞද්ගලිකව දන්නා තරමින් බොහොමයක් අයට අලුත් අවුරුද්ද සැමරිමටවත් හැකියාවක් තිබුනේ නැ. එවන් පසුබිමක මේ කරන මුදල් නාස්තිය පාලකයන් අනුමත කරනවාද? ගොවි පුතෙක් ජනාධිපති වූ රටක ගොවියෝ කුසගින්නේ, මැති ඇමති වරුන්ට සාජ්ජ.
ලංකාව ඉතින් සියලු ඉසුරු පිරුණු පෝසත් රටක් නිසා හොඳයි.....
අනේ අර කුණු කන්දට යට වෙලා ... මැරිච්ච කෙනෙක්ට රුපියල් ලක්ෂයයි..