IMG-LOGO

උතුරු මැද ගව රෝගයට හේතු සොයා ගනියි

(අංජුල මහික වීරරත්න)

උතුරු මැද පළාතේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාස කිහිපයක මේ දින වල ව්‍යාප්ත වන ගවයන්ගේ  සම මතුපිට ගෙඩි හටගැනීමේ රෝගය බෝ වීමට හේතුව උතුරු පළාතේ සිට ගවයන් එහි රැගෙන ඒම බව පශු සම්පත් නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

මින් පෙර උතුරු පළාතේ ව්‍යාප්තව තිබු මෙම රෝග තත්ත්වය මේ වනවිට එම පළාතේ පාලනය වී තිබේ.

 උතුරු මැද පළාතේ එම රෝග තත්ත්වයට ලක් වූ ගවයින් උතුරු මැද පළාතට නොගෙනන ලෙස පළාත් පශු අංශ නිලධාරීන් ගොවීන්ට දැනුම් දී තිබුනත් උතුරු මැද පළාතේ ගොවීන් එම උපදෙස් නොසලකා හැර කටයුතු කිරීම නිසා මෙම රෝග තත්ත්වය එම පළාතේ ව්‍යාප්තවීමට හේතු වූ බව පශු අංශ කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

දැනට උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ව්‍යාප්ත වී තිබෙන ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය හෙවත් ගව Lumpy Skin Disease රෝගය පාලනය සඳහා  ගෙන ඇති පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු අංශය බාර නිලධාරින්ගෙන් කරුණු විමසීය.

එමෙන්ම මෙම රෝග තත්ත්වය වර්ධනය වීමට හා ව්‍යාප්ත වීමට හේතුව ගවයින් අතර පවතින සමීප සම්බන්ධතාවය Direct Contact ඉහළ යාම නිසා බව පශු අංශ පවසයි.

 තණකොළ කෑම සඳහා සතුන් වැව් පිටිවලට හා කුඹුරුවලට  නිදහස් කිරීම වැනි හේතුන් නිසා සතුන් අතර සමීප සම්බන්ධතාවය ඉහළ යාම මෙම රෝගය ව්‍යාප්තියට ප්‍රබල ලෙස බලපාන බව අනාවරණය වී ඇත.

Capripox නැමැති වෛරසය හේතුවෙන් මෙම රෝගය හට ගන්නා අතර කිණිතුල්ලන්, මැක්කන් හා ලේ උරාබොන වෙනත් කුඩා සතුන් නිසා  සතුන් අතර ඉක්මනින් මෙම වෛරස රෝගය පැතිරීමට හැකියාව තිබේ.

මෙම රෝග තත්ත්වයෙන් ගවයින්ගේ  හට ගන්නා මානසික ව්‍යාකුලතාවය නිසා එම සතුන්ගේ කිරි නිපදවීමේ හැකියාව අඩාල වේ.

මෙම රෝගය සති දෙකක් වැනි කාලයකදී  සුවපත් වන අතර ගවයින් මියයාමට ඇති ඉඩකඩ බොහෝ අල්පය. නමුත් කිරි නිෂ්පාදනයේ අඩාල වීමක් සිදු වන බැවින් රෝගී තත්ත්වයට ලක් වූ සතුන් අනෙකුත් නිරෝගී සතුන්ගෙන් වෙන් කර තබා ගැනීමට හැකි නම් බොහෝ දුරට මෙම රෝගය ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බව කෘෂිකර්ම පශු සම්පත් නිලධාරීහු පවසති.



අදහස් (1)

උතුරු මැද ගව රෝගයට හේතු සොයා ගනියි

aravinda Monarawila Monday, 24 April 2023 11:22 AM

හරක් ටිකක් රට පාලනය කරන එකයි එකම හේතුව...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site