උතුරේ පිහිටි සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම පාසල් වලට සිකුරාදා (13) නිවාඩු දීමටත් ඒ වෙනුවට වෙනත් දිනක පාසල් පැවත්වීමටත් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ජනවාරි 14 වැනිදා (සෙනසුරාදා) යෙදී ඇති තෛපොංගල් අවුරුද්ද හේතුවෙන් නිවාඩු ලබා දීමට උතුරු පළාත් අධ්‍යාපනික, සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන අමාත්‍ය ටී.කුරුකුලරාජා මහතාගේ උපදෙස් පරිදි උතුරේ පිහිටි සියලුම පාසල් වෙතට මේ බව දැනුම් දී තිබේ.
මේ අනුව 14 වැනි දා නිවාඩු ලබා දීම හේතුවෙන් ජනවාරි 21 වැනි සෙනසුරාදා නිවාඩුවක් නොකොට එදින සුපුරුදු පරිදි උතුරේ සියලුම පාසල් කටයුතු සිදු කළ යුතු බවටද උතුරු පළාත් අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේටම අන්ත වාදී නොවී සුබ වාදීව හිතුවනම් යුද්දයක් ඇති වෙන්නෙත් නැහැ උතුරේ දකුණේ මිනිස්සු මෙච්චර මැරෙන්න ඕනිත් නැහැ. සමහරුන්ට නිවාඩුවක් දුන්නත් රෑට නින්ද යන්නැති තත්වයක් තියෙන්නේ. පව්කාර ජීවිතයක්. කවදාවත් සැනසිල්ලක් නැති වේවි.(අ)
වෙසක් පෝයක් ආවනම් මෙහෙමම නිවාඩු දෙයිද ,(හේ)
සුරේන් වෙසක් පෝය නිවාඩු දවසක් කියල ඔයා දන්නේ නැද්ද? (අ)
සංහිඳියාව තුළින් රට තුළ ආණ්ඩු දෙකක් බිහිවන ලකුණු අපට පෙනේ (නි)
නැගෙනහිර පළාතට ඕක නැද්ද? එතකොට අනිත් පළාත්වල ඉන්න දෙමළ මිනිස්සු තෛපොංගල් අවුරුද්ද කන්නේ කවදාද? මේ පුංචි ලංකාවට පලා බබ්බු සහිත සභා අවශ්‍ය නැහැ. නිකන් ප්‍රශ්න වැඩි කරගැනීමක් විතරයි. (නි)