උතුරු පළාතේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ක්‍රියා කළාපය ගැන සොයා බලා වහා පියවරක් ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු සහ ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් වරි වර විදුලි උපකරණ ආදිය ඉල්ලා ඇතැයි ද, අවස්ථා කිහිපයකදී ස්ථානාධිපතිවරයා ඒවා ලබා දී ඇතැයි ද, දිගින් දිගටම සිදුවන බලපෑම් නිසා පැමිණිලි කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.
මෙම සහකාර පොලිස් අධිකාරීවරයා ව්‍යාපාරිකයන්ගෙන් නිරන්තරයෙන් මුදල් ඉල්ලා ඇවිටිලි කරන බව ව්‍යාපාරිකයන් පොලිසියට කියා ඇත. සහකාර පොලිස් අධිකාරීවරයාට ඉහළ පොලිස් නිලධාරීන් සමඟ සම්බන්ධ කම් ඇති නිසා තම පැමිණිල්ල අහක දැමීමේ ඉඩක් ඇතැයි ද, එලෙස නොකර සාධාරන විමර්ශනයක් පවත්වන ලෙස ද ව්‍යාපාරිකයන් පොලිසියෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොලිස් නිලධාරී මහතා නිවැරදිව රාජකාරි කරන කොනෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා බොරු චෝදනා දමා එළවා දැමීමට කරන කුමන්ත්‍රණයක් වීමටත් බොහෝවිට ඉඩ තිබෙනවා. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)