ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහ කොමසාරිස් ජෙෆ්ටෝ හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් අතර හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැත්විණි.
උතුරේ ප්‍රශ්නයට දකුණේ ජනතාවගේ ද කැමැත්ත ඇති විසඳුමක් ගෙන එන බව සම්බන්ධන් මහතා එම සාකච්ඡාවේ දී කියා ඇත. ශ්‍රී ලංකාවේ සංහිඳියාවක් ඇති කිරීමට දකුණු අප්‍රිකාවේ සහාය ලබා දෙන ලෙස ද විපක්ෂ නායක ඉල්ලා සිටියේය.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ලක් රජය ගන්නා ක්‍රියාමාර්ග දෙස දකුණු අප්‍රිකාව විමසිල්ලෙන් බලා සිටින බව ජෙෆ්ටෝ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙමළ නායකයන්ගේ ක්‍රියාකලාපය නිසා රටපුරා ජීවත්වන ව්‍යාපාර කරන දෙමළ ජනතාව සහ අනෙකුත් ජාතින් අතර නැති ප්‍රශ්න ඇතිවේවි. ජාතිවාදය නැවත ඇවිස්සුනොත් අමාරුවේ වැටෙන්නේ අහිංසක දෙමළ ජනතාවයි. දෙමළ, මුස්ලිම්, සිංහල කියමින් බෙදෙන්නේ නැතුව අපි ශ්‍රී ලාංකික සහ මේ රටේ සමාන අයිතියක් අපි සියලු දෙනාටම ඇත කියන මානසිකත්වය මේ නායකයන්ට ඇතිවිය යුතුය. සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක සමානව සැළකිය යුතු අතර කොටසකට වැඩි සැළකිලි හෝ බලතල ලබා නොදිය යුතුය (නි)
ලංකාවේ හමුදාව ලංකාවේ සෑම පළාතකම සිටිති , ලංකාව ඇතුලත ඕනෑම ප්‍රදේශයක සිටීමට හමුදාවට නීතිමය අයිතියක් ඇත , සම්පන්දන්ට සහ විගනේශ්වරන්ටත් එම අයිතියම ඇත (බ)
ඉන්න හිටින්න තැන් නැති සමහර දුප්පත් අසරණ අයට උතුරෙන් ඉඩම් පහසුකම් ලබා දිය යුතුයි කියා මම සිතනවා (නි)
හමුදාව උතුරේ වැඩිපුර සිටින්න ඕනෑ කියලා මම නම් සිතන්නේ (නි)
උතුරට විදේශ නායකයෝ පුදුම සැලකිල්ලක්,අනුකම්පාවක්,අපිට ""තමන් හිසට තම අතමය සෙවනැල්ල "" (ම)
කව්රු මොනවා කිව්වත් ලංකාවේ තියෙන්නේ පක්ෂ දෙකකි. බෞද්ධ සහ අබෞද්ධ ..බෞද්ධ එකතු වුණත් ඉදිරියට හරිම අපහසුයි රට කරන්න.සිංහලයා මෝඩයා නිසා අන්‍ය අාගමෙකින් එකතුවෙලා රටෙන් බුදු දහම අතුග දමනවා. (බ)
භූගෝලීය වශයෙන් මිසක් පරිපාලනයේදී,දේශපාලනයේදී,සම්පත් බෙදාදීමේදී උතුර දකුණ කියා වෙන් නොකළ යුතුය.ලංකාවේ හමුදාවට ලංකාවේ ඕනෑම තැනක සිටිය හැකිය. ඇමරිකාවේ හා රුසියාවේ හමුදා රටවල් ගණනාවක රඳවා තිබේ.(ම)
දෙමළ ජාතිකයාට මේ රටේ හැම තැනකම සාමයෙන් ජිවත්විය හැකිය. එහෙත් සිංහලයාට මේ රටේ හැමතැනකම ජීවත්වීමේ හැකියාව නැත. මේ බොරුයි කියන අයට රට වටේ ගොස් බලන ලෙස කියමි. දෙමළ නායකයන්ගේ සහ වැඩිම දෙමළ ජාතිකයන්ගේ මෙන්ම දෙමළ බස කතාකරන මුස්ලිම් භක්තිකයන්ගේද එකම අදහස ඔවුන්ටම වෙන්වූ උතුරු පළාතක්, නැගෙනහිර පළාතක් සහ මුළු රටේම අයිතිය, ව්‍යාපාර අයිතිකර ගැනීමයි. (නි)
විග්නේශ්වරන් මහතාගේ මෑතක කරන ලද ප්‍රකාශ සියල්ල අන්තගාමී ඒවායි. ඔහුත් ඔහුගේ මස්සිනාත් දේශපාලනයෙන් විශ්‍රාම ගැන්විය යුතුය. (බ)
කොටින් රැකගන්නට එදා උත්සාහ කළ කොටි හිතවතුන් මෙහි පැමිණ කරන කෙරුවාවන් සහ කියුම් කෙරුම් වලින් පෙනීයන්නේ එදා ගිරිය පුප්පමින් වර්තමාන නායකයන් නැතැයි කී ගිවිසුම් අද ක්‍රියාත්මක වන බව සහ ඉටුකරන බව නොවේද? (නි)
මේවා තේරෙනකොට ප්‍රමාද වැඩිවේවි. (නි)
උතුරේ තියනවා කියන ප්‍රශ්නය මොකක්ද? දකුණේ අයටත් තියන ප්‍රශ්නම නේද තියෙන්නේ? ජාති වශයෙන් බෙදීමට යෝජනා කිරීමත්, එයට උදව්දීමත් විනාශයකට මුලයි (නි)
දෙමල මුස්ලිම් ජනතාවට ලංකාව පුරාම ව්‍යාපාර ඇත. දමිළ අයගේ ව්‍යාපාර නැති නගරයක් ලංකාවේ සොයා ගැනීමට අපහසුය. දැනට ඔවුන්ට අවශ්‍ය උතුරේ සහ නැගෙනහිර යුද්ධය නිසා විනාශවුණ යටිතල පහසුකම්ය. රෝහල්, පාසල්, ජල විදුලිය ලබාදීම වැනි දේය. දෙමළ ජනතාවට නැති ප්‍රශ්න හදන්නේ මේ දෙමළ නායකයන්ය (නි)
සිංහල අපි ගැන පංගුවක් වෙලාවකට හරි දුකකුත් ඇති වෙනවා.පහුගිය වකවානු වල දකුණේ අපට මොන තරම් ප්‍රශ්න තිබුනද. කාලයක් අපි අපිම මරාගත්තා විමුක්තියක් හොයන්න ගිහිල්ලා ඊට පස්සේ 30 වසරක් යුද්දෙන් බැට කෑවා.නිකන්වත් ඔය කියන එක රටක්වත් ඉදිරිපත් වුනාද සිංහල මිනිස්සු මැරෙනවා නේද කියන්න. පුළුවන් තරම් උල් පන්දම් දුන්න අපිව විනාස කරන්න.ඒ උනාට බලන්න දෙමළ මිනිහ වෙනුවෙන් කතා කරන්න රටවල් කියකින් එනවද කියල. මන් හිතන්නේ අපේ සිංහලුන්ගේ එකමුතුවක් නැති හින්ද වෙන්න ඇති එහම වෙන්නේ. (බ)