( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය උතුරු හා නැගෙනහිර පළාත් හැර වෙනත් පළාතක ඕනෑම අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා ඊට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් ගොනු කළ රිට් පෙත්සම ලබන ජූලි 30 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (29)තීන්දු කළේය.
එම පෙත්සම සම්බන්ධයෙන් මැදිහත් පාර්ශවකරුවන් ලෙස මැදිහත් වී ඇති මියගිය සිසුන් දෙදෙනාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙත්සම පිළිබඳ විරෝධතා ගොනු කිරීමට දින ලබා දෙන කල් ඉල්ලා සිටි අතර එම කරුණ සලකා බලමින් පෙත්සම මෙදිනට කල් තබන ලදී.
එම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිගේ විරෝධතාද අද(29)අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලදී.
පෙත්සම්කාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියැද්ද මහතා කියා සිටියේ පෙත්සම්කරුවන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයට එම ප‍්‍රදේශයේ කිසිදු නීතීඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත් ,එසේම ඔවුන් දැනට රිමාන්ඩ් කර සිටින අනුරාධපුර බන්ධනාගාරයේ සිට යාපනය අධිකරණය දක්වා පැමිණීමේ දී අවදානමක්ද පවතින බවය.
එසේම ඔවුන්ට පවතින යම් තර්ජන හේතුවෙන් වෙනත් ප‍්‍රදේශයකින් පැමිණෙන නීතීඥවරයෙකු පවා පෙනි සිටීමට නොහැකිවී ඇති බැවින් අදාළ නඩු විභාගය උතුරු හා නැගෙනහිර පළාත් හැර වෙනත් පළාතක ඕනෑම අධිකරණයකට මාරු කරන්න නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතීඥ ටිරන්ත වළලියැද්ද මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටත් මෙහෙමනම් පළාත් සභාවලට ඉඩම්/ පොලිස් ඇතුළු තවත් බලතල දුන්නොත් කොහොමට හිටීද? කෝ අපේ මේ මානව අයිතිවාසිකම් හිමිකරු සංගම්?