යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒම අනිවාර්ය නමුත් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර එම විසදුම ගෙන ඒම ගැන මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපකෂ නායක ආර් සම්බන්දන් මහතා පැවසීය.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර දේශපාලන විසදුම් ගෙන ඒම සම්බන්දයෙන් තවදුරටත් සාකච්ඡා වන බවත් ඒ සදහා මුස්ලිම් පාර්ශවයත් දෙමළ පාර්ශවයත් සාකච්ඡා කර අවබෝධයක් ඇතිකර ගතයුතු බවත් හෙතෙම කීවේය.
මේ වසර අවසන් වීමට පෙර ජනවාර්ගික අර්බුධයට විසඳුමක් ගෙන ආ හැකි යැයි තමා විශ්වස කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ දෙමළ ජාතික දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් සමග ත්‍රිකුණාමලයේ දී පැවැති සාකච්ඡාවක දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සාමය නැති වෙන්න හොඳ නැහැ (ර)
පළාත් සභා වලට ඇති බලතල වැඩි කළ පසු ඒවා එක්කර ගැනීම හෝ වෙන් කර ගැනීමේ බලය එම පළාත් සභා සතු වනු ඇත. (බ)
ඔක්කොම පළාත් ඒකාබද්ධ කරලා එක ශ්‍රී ලංකාවක් හදන්න. (බ)
මේ මොකද ජාති වශයෙන් කටයුතු කරන්න හදන්නේ. මේක එකම රටක්. හිතන්න ඇමෙරිකාව ගැන. මුළු ලෝකෙම අය ඉන්නවා. එ්ත් රටක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලුවත් ලැබෙන්නෙත් නැහැ කිසිම දවසක. (නි)
සම්බන්දන්ලා කියනවා වගේ ජනවාර්ගික ප්‍රශ්නයක් මේ රටේ තියනවා නම් කොහොමද උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉන්නවාටත් වඩා ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව බහුතරයක් රටේ වෙනත් පළාත් වල ව්‍යාපාර කරගෙන ගෙවල් හදාගෙන හොඳින් ජීවත්වෙන්නේ? (නි)
රට කබලෙන් ළිපට වැටෙන්නයි හදන්නේ. ඊට කලින් මේ තත්ත්වය පෙරළාගනිමු (නි)
දෙමළ සහ මුස්ලිම් ජනතාව සාකච්ඡා මඟින් අදාළ පළාත් සම්බන්ධව තීරණ ගැනීමට සුදානම් නම්, සමහර සිංහල ද්‍රෝහියන් උතුර සහ නැගෙනහිර එකතු කිරීම, එම පළාත් දෙකේ ජනතාවගේ ඡන්දයෙන් පමණක් තීරණය වියයුතු බව සිතන්නේ නම්, සෙසු පළාත්වල සිංහලයන් අතරේ ජීවත්වන මුස්ලිම් සහ දෙමළ මිනිසුන්ගේ අනාගතය ගැනද සිතිය යුතුය. මේ රටේ හැම සිංහලයෙකුම බලපෙරේත සිංහල දේශපාලකයන්ගේ අසුචිද සුවඳැයි කීමට සුදානම් නැති බව සිහි තබාගත යුතුය. අනාගත සිංහලයන්ගේ අයිතිය ගැන සිතන සිංහලයන්ද සිටින බවත් සිතිය යුතුය. (නි)
දැන්වත් සිංහලයෝ ටික එකතුවෙලා අපේ රට රැකගනිමු. මේ අය හදන්නේ අපේ රට නැතිකරන්න.සේරම පාරට බැහැලා මේ සේරම ගෙදරම යවමු (නි)
මුලින්ම කියන්න ඕනෑ ලංකාවේ කිසිදාක ජනවාර්ගික අර්බුදයක් නොතිබුන බව. දෙවනුව කියන්න ඕනෑ තමන්ගේ හිසට තමන්ම ගිනි තබාගෙන "හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස" සිංහලවිරෝධී උන්මාදයෙන් පෙළෙන අයම තමයි ඔය ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. අපට කියන්න තියෙන්නේ මේ වගේ අය ඉන්නකම් ප්‍රභාකරන් කිසිදාක මියනොයන බවයි (නි)
සත්‍යයා, එක රටක් ඇතුළේ බලය බෙදාහදා ගන්න ඉල්ලපු මධ්‍යස්ථ පිරිස් වලට පහරදීලා තමයි ප්‍රභාකරන්ලව හදාගත්තේ. දෙමළ ජාතියේ දුක්ගැනවිලි කතා කිරීම සිංහල විරෝධයක් නෙමෙයි. මම එක දෙයක් ගැන එකඟයි. මේ ගොඩක් දුක්ගැනවිලි ග්‍රාමීය දකුණටත් තියෙනවා. ඒ නිසා මෙගාපොලිස් එකෙන් පිට හැමෝටම බලය බෙදෙන ව්‍යවස්ථාවක් අවශ්‍යයි. (නි)
ඇයි උතුර නැගෙනහිර විතරක්? පළාත් නවයම ඒකාබද්ධ කරමුකෝ (නි)