උතුරේ ධීවර සංවර්ධනයට රුපියල් කෝටි 15ක් වටිනා බෝට්ටු ඇතුළු උපකරණ නොමිලේ ලබාදීමේ ගිවිසුමට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අද (31) අත්සන් කළේය.
ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් වයි.කේ.සිංහා හා අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරම් මහත්මිය ඊට අත්සන් තැබූහ.
ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසූයේ දකුණේ ධීවර පහසුකම් උතුරටද ඇති කරන බවයි.
‘ලංකාවේ ලොකුම වරාය පේදුරුතුඩුවේ ඉදිකරනවා. බෝට්ටු අලුත්වැඩියා අංගනයක් කරෙයිනගර්හි පිහිටුවනවා. ඉන්දියා ධීවරයන් ලංකා මුහුදට පැමිණීමේ ප්‍රශ්නයට විසඳුමක් මැයි මාසයේ ලබාදීමට හැකිවේවි‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)
ලංකාවේ බෝට්ටු හදන තාක්ෂණය තියෙද්දිත් පිට රටට ආවඩන නොමේරූ පාලකයන්.... ජනතාව තේරුම් ගනිත්වා..(හේ)
අපිට වාසියක් වෙයිද?(හේ)
උතුර ඉන්දියාවේ ප්‍රාන්තයක් නිසා අපට ඕව වැඩක් නෑ. (හේ)
බෝට්ටු ටික අරගෙන මාළු ටික දෙමු. ඕකනෙ කරන්න ඕනෑ. අච්චර නාවික හමුදාව බෝට්ටු හදනවා. ඉන්දියාවෙන් කබල් ඒවා ගන්නවා (නි)
මීයක් කඩන්නේ නැහැ අත ලෙවකන්න කියලා කියන කියමන මතක් වෙනවා. (නි)
ඕවා ගත්තා වගේ නෙවෙයි පස්සේ වමාරන්න වෙනකොට, බෝට්ටු දීලා අපේ මාළු ටිකට විදින වැඩක් තමයි ඕක(කෞ)