ඕමන්ත සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් නවීකරණය කළ යුතු නිසා උතුරු දුම්රිය මාර්ගය මාස තුනක් හෝ හයක කාලයක් වසා දැමීමට සිදුවිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
වවුනියාව බස් නැවතුම්පල විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස තුනක් හෝ හයක කාලයක් වසාදැමීම මගීන්ට ලොකු ප්‍රශ්නයක් නේද? දැන් ගුවන් තොටුපළත් මේවගේම වහලා. සම්පුර්ණයෙන් වහන්නේ නැතුව වෙනත් විකල්ප නැද්ද? (නි)
ඔන්න කඩිනම් සංවර්ධනයේ ප්‍රතිඵල. ගිනිපොළියට ණයට අරන් කරපු වැඩවලට වෙච්ච දේ? දේශපාලකයෝ කොමිස් ගහලා මේවගේ ප්‍රමිතියෙන් බාල රේල් පාරවල් හදලා. අඩුම තරමේ ඩබල් ලේන් එකක්වත් හදලා තිබුනා නම් මොකක්හරි කරගන්න තිබුනා (නි)
ලංකාවේ භූමියට හරියන ප්‍රමිතියක නැති ප්‍රවාහන සේවා නිසා හැමදාම හද හද ඉන්න වෙයි. ඉන්දියාව විශාල රටක්. ඒ රටේ මිනිසුන්ගේ මානසිකත්වයෙන් ලංකාවේ වැඩ සිද්ධවෙන්න ගියොත් හැමදාමත් මෙහෙම තමා. ලංකාවේ මිනිසුන් පොළවේ පයගහලා ජීවත්වෙන්න දන්නේ නැහැ. හැමෝම හීන මවන්නේ පිටරට ගිහිල්ලා ජිවත්වෙන්න. තමන් ජිවත්වෙන තැන පිළිවෙලකට ඉන්න දන්නේ නැහැ. හැමදෙයක්ම ආනයනය කරනවා. ඒ කිසිදෙයක් භූමියට, සංස්කෘතියට ගැළපෙන්නේ නැති දේවල්. (නි)
ඕමන්තේ සිට කන්කසන්තුරේ දක්වාත් මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වාත් දුම්රිය මඟ අලුතින් ඉදිකළත් මහව හන්දියේ සිට ඕමාන්තේ දක්වා වූ දුම්රිය මාර්ගය ඉතා අබලන් මට්ටමේ තියෙන්නේ. ඒ නිසා තමයි මෙහි මුල් අදියර ලෙස අනුරාධපුර සිට ඕමාන්තේ දක්වා කොටස අලුත්වැඩියා කරන්නේ. මෙහි ඇති පටු පාලම් සහ වංගු අඩු කිරීමට දුම්රිය මාර්ගය තාවකාලිකව වැසියයුතු වෙනවා. (නි)
දන්නේ නැති දේවල් කතා කරන්න එපා. ඉන්දියාවෙන් හැදුවේ ඕමන්ත ඉදල යාපනයට . අනුරාධපුරය සිට ඕමන්ත දක්වා තියෙන්නේ පරණ දුම්රිය මාර්ගය එක නිසා එක නවීකරණය කළ යුතුයි. (ම)
ඉන්දියාවේ නිෂ්පාදිත කාර් වගේ ඇති, ඉන්දියාවෙන් නිෂ්පාදිත රේල් පාරත්. (ම)
මීට කලින් ඉන්දියාවෙන් හදල දුන්නේ ඕමන්ත ඉඳන් කන්කසන්තුරේට තියෙන පාර. අනුරාධපුරේ ඉඳන් ඕමන්තේට තවම තියෙන්නේ පරණ රේල් පාර. ඒක සෑහෙන්න අබලන්. ඒ නිසා ඒක හදන්න ඕනේ. අදහස් දක්වනකොට හරියට දැනගෙන කරනවානම් තමයි හොඳ. (බ)
ඉන්දියාවෙන් නේද හැදුවේ? හදලා කෝච්චි කීයද ගියේ? (නි)