කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රිය අද පස්වරු 3.30ට පමණ තඹුත්තේගම දුම්රිය ස්ථානයට නුදිරින් පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදුවී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රිය අද පස්වරු 3.30ට පමණ තඹුත්තේගම දුම්රිය ස්ථානයට නුදිරින් පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදුවී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 40 කට වැඩිය යල්පැනපු දුම්රිය තාමත් දුවනවා. ඉතින් කෝ මේ කියන සංවර්ධනය? සුද්දගේ කාලෙන් පස්සේ එක කිලෝමීටරයක්වත් දුම්රිය පාර දික්කළාද. රටක සංවර්ධනයට මුලින්ම අවශ්‍යම දෙය මහජනතාවට නියම වෙලාවට ධාවනය වන ගමනාගමන සේවයක්. (නි)
සකල සිරින් පිරි සිරි ලංකාවේ යල් පැනපු දුම්රිය සේවාව නිසාද මේ විදියට දුම්රිය පීලි පනින්නේ ? හැම මාසෙකට වරක්වත් මේ විදියට අපේ රටේ දුම්රිය සිල්පර කොට උඩ යනවා ! දුම්රිය දෙපාර්තමේන්තුවට මෙමගින් කොතරම් අලාබහානි වෙනවාද ? මගීන්ට කොතරම් අපහසුතාවන් වෙනවාද, මෙමගින් ? (ර)
දැනට සති දෙකක් පමණ ඇතුලත තම්බුත්තෙගම හරියෙදි එක්තරා විශ්‍රාමික හමුදා සෙබලෙක් රතු ටී ෂර්ට් එකකින් සංඤා කොට සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට සමත් විය.ඔහුගේ එම වීර ක්‍රියාවට පත්තරවලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. (ර)
සුද්දෝ පිහිටවපු කෝච්චිය දෙමළ මිනිස්සු පීලි කඩලා බංකර හැදුවා. සිංහල මිනිස්සු විටින් විට පීලි පනින්නේ නැති දවස් වල වැඩ වර්ජන. ලංකාවේ රේල් පාරවල කෙහෙල් හිටවපු කාලයකුත් තිබුනා. හැබැයි ඒ කළේත් සිංහල මිනිස්සු. කෝච්චිය ලංකාවට පාලනය කරගන්න පුළුවන් භාණ්ඩයක් බව පෙනෙන්නේ නැහැ. ඒක විකුණා හාල් තුනපහ ගෙන්වාගෙන කෑවොත් නරකද? (නි)