ගුවන් ගමන් බලපත් දෙක බැගින් භාවිතා කරමින් ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකර අලවාගෙන මෙරට සිට බහරේන් හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ යාපනයේ පදිංචිකරුවෝ වෙති.
මොවුහු ඊයේ රාත්‍රියේ මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ෙජ් 215 දරණ ගුවන්යානයෙන් බහරේන් හරහා ඉතාලි යාමේ අදහසින් ගුවන්තොටුපළට පැමිණ සිටියදී රාජ්‍ය බුද්ධි සේවා තොරතුරු ඒකකයට ලැබුන තොරතුරක් මත අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී එක් අයෙකු ලග ගුවන් ගමන් බලපත් දෙක බැගින් තිබී සොයා ගෙන තිබේ. ඉන් එකක් ඔවුන්ගේ ගමන් මල්වලූ සගවා තිබු බව පොලීසිය කියයි.
කල් ඉකුත් නොවු නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් දෙකක් එකම නමින් පාවිච්චි කිරීම පිළිබඳ ඇති වු සැකයක් මත වැඩිදුර විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ ඔවුන් තම පැරණි ගුවන් ගමන් බලපත්‍ර තිබියදී එය නැතිවී ඇති බව පවසා නැවත අළුතින් ගුවන් ගමන් බලපත්‍ර සාදාගෙන ඇති බවයි.
එමෙන්ම පැරණි ගුවන් ගමන් බලපත්‍රයේ ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක් අලවා ඇති බවත් අළුත් ගුවන් ගමන් බලපතට බහරේන් යාම සඳහා නීත්‍යානුකූල වීසා ලබාගෙන පැමිණ ඇති බවත් අනාවරණය වී ඇත.
ඔවුහු බහරේන් යාම සඳහා අළුත් ගුවන් ගමන් බලපත හා එයට අදාල විසා ගුවන්තොටුපළ ආගමන විගමන අංශයට පෙන්වා බහරේනයට ගොස් එතැන් සිට ව්‍යාජ වීසාව ස්ටිකරය ඇලවු පැරණි ගුවන්ගමන් බලපත පෙන්වා ඉතාලියට යාමේ අදහසින් පැමිණ ඇති බව හෙළි වී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරේ තව දෙන්නෙක් හොරෙන් ඉතාලි යන්න හදලා
රසික Monday, 16 March 2015 07:05 AM
මේ අයගෙන් බහුතරය පුනුරුත්තාපනය වූ කොටි සමාජිකයින්. මේ අය ලෝකේ වටේම ගිහින් සංවිධානය වෙනවා. (අ)
විජයබාහු Monday, 16 March 2015 10:12 AM
එයාලද නැත්නම් හැංගිලා හිටි අයද ?(දිල්)
සත්‍යපාල Monday, 16 March 2015 11:23 AM
රසික පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් කියලා පිටේ බෝඩ් එහෙම ගහලා තිබුනද නැත්නම් පාස්පෝට් එකේ ගහලා තිබුනද , උතුරේත් දකුණේත් දාහස් ගණන් තරුණයෝ වඩාත් හොද ජිවන තත්වයක් ලබා ගැනීමේ අරුමුනින් නීති විරෝධී ආකාරයට විදේශීය රටවලට සංක්‍රමණය වෙන්න උත්සහ දරනවා ඒ හැමෝම කොටි සාමාජිකයන් නොවෙයි. (අ)