අද දහවල් වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය දීම සියයට 30 -35ක් ද කුරුණෑගල හා පුත්තලමේ සියයට 40 ක් ද, මහනුවර සියයට 25ක් ද මාතලේ සියයට 20ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් බාර නිලධරයෝ කියති. උතුර, වයඹ හා මධ්‍යම පළාත් තුනේ යපහත් කාලගුණයක් පැවැති බව ද වාර්තාවෙයි. පුත්තලමේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට සාමාන්‍ය බාධා එල්ල වී නැතැයි දැන ගන්නට ඇත.
සුරංග රාජනායක
ෂේන් සෙනෙවිරත්න
මහේෂ් කිර්තිරත්න
කාංචන කුමාර ආරියදාස
පුෂ්පකුමාර ජයරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව සත්‍යය අවබෝධ කරගෙන වගෙයි. (නි)
දීලත් බැරි නොදීත් බැරි ඡන්දයක් මේක. ඡන්දදායකයෝ හොල්මන් වෙලා! (නි)
කොහොමවෙතත් මුළු රටේම තියෙන්නේ මේ වගේ "වැඩකට නැති" මැතිවරණ ගැන අඩු උනන්දුවක් තමයි. පෝලිමේ රස්තියාදු වෙනවට වඩා ගෙදර මකුළු දැල් කඩන එක වටිනවා කියලා මටත් හිතුනා. (නි)
අර මහත්තයාගේ නෝනා ඡන්දෙ දාන්න ගියේ නැද්ද? (නි)
මේ ඔක්කොම ජනතා සේවයට තියන උනන්දුව... (නි)
මිනිස්සුන්ට දැන් ඡන්දෙත් එපාවෙලයි තියෙන්නේ (නි)
අන්තිමට තිබෙන ඡායාරූපයේ ඉන්න මිනිස්සුන්ට විතරයි මම නම් කැමති (නි)
දේශපාලඥයන් පිළිබදව ජනතාවට කළකිරීමක් ඇති බැවින් දේශපාලන තන්ත්‍රයම එපාවෙන තැනට ජනතාව තල්ලු වී ඇති බව ඡන්ද ප්‍රකාශ කිරීම තුළින් සිදුවන බව පෙනේ. වගකිවයුත්තෝ වර්තමානයේ සියළු දේශපාලඥයන්මයි. (නි)