‘වැලි ගඩොල් සිමෙන්ති වලින් උතුර දකුණ එකතු කරන්න බෑ.ඒ බව පහුගිය මැතිවරණ ප්‍රතිපල වලින් මුළු රටටම පෙන්වා දුන්නා .මම රටේ ජනාධිපති ලෙසත් රටේම පොදුජන සේවකයා ලෙසත් උතුරෙත් දකුණෙත් සියලු ජනතාවගේ එකමුතුකම ගොඩනැඟීම සඳහා උපරිමයෙන් ක්‍රියා කරනවා .‘ යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03) යාපනේදී පැවසීය.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී ඇරැඹුණු යාපනය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් ජනපතිවරයා එසේ කීවේය.
‘උතුරේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලිමක් වුණේ නව ආණ්ඩුකාරවරයකු ලෙස ඔවුනට පිළිගත් රාජ්‍ය නියෝජිතයෙකු පත් කරන්න කියලා.මම එය ඉෂ්ට කළා.මම සෞඛ්‍ය ඇමැතිව ඉන්න කාලෙත් මේක මොවුන්ගේ ඉල්ලීම වුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉටු කළේ නෑ.හැබැයි දැන් මට හිතෙනවා එදා එහෙම වුණේ හොඳට කියලා.මොකද මට ඡන්ද ලැබෙන්න විශාල හේතුවක් වුණා ඒ සිදුවීම.‘
‘උතුර දකුණ යනුවෙන් රට වෙන් වී පාලනයක් අවශ්‍ය නෑ. සියලු ජාතින් අතර ඇති බිය සැක හා අවිශ්වාසය නැති කළ යුතුයි.ඒ සඳහා අවශ්‍ය වන්නේ සමගියයි.ජාතීන් අතර සහෝදරත්වයයි,මිත්‍රත්වයයි.මුළු රටම මේ කාර්යයේදී සිටිය යුතුයි.ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ගමන් කළ යුතුයි.යුද සමයේ ආරක්ෂක කලාප වල ඉඩම් ගත්තේ උතුරෙන් පමණක් නොවෙයි.නැගෙනහිරින් හා කොළඹිනුත් ගත්තා. ඒ ඉඩම් දැන් ටිකින් ටික ආපසු දීගෙන යනවා.‘









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමාගේ කැමැත්තට අවනත නොවන අයව දේශපාලනිකව හෝ වෙනත් අයුරකින් ඉවත් කිරීම මෙයාලගේ හැටි. එ්ක මහින්දට කියල වෙනසක් නැ. කාටත් පොදුයි. අතීතය දිහා බලන කල වැටහේ (නදී)
අද සමගිය ගැන කතාකරන්න උතුරට යන්න හැකි උනේ කොහොමද කියල නොදැනද මේ වගේ බුත දොඩවන්නේ. කට වහගෙන වැඩ පටන් ගත්තොත් නරකද? (නදී)
ඡන්ද ලැබුනේ මහින්ද යුද්දේ ඉවර කල නිසානේ. (ර)
අනේ බොරු කියන්න එපා (නදී)
මේ රට කඩන්න තමයි මොහු බලයට ආවේ. ජනතාව ඉදිරියේ මොහු කියන්නේ කරන දෙයට වඩා වෙනස් දෙයක්. ඩෙංගු මර්දනය කර ගන්න බැරුව හිටියට ලෝකේ හොඳම සෞක්‍ය ඇමති කියල සම්මානයක් අවුරුදු කිහිපයකට පෙර ඇමෙරිකාවේදී දීලා තමයි උතුරු,දකුණ බෙදීම මෙයාට භාර දුන්නේ. ඒ වුනාට කියන්නේ කවුරුත් මෙයාට වැඩ කරන්න දුන්නේ නැහැ කියල. ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයිනේ. (නදී)
නරි වාදන් (නදී)
වැරදි නිවැරදි කර නතරවුණ තැනින් අරඹන්න (නි)
මහා පොලවේ යුද්දය දිනලා මදි-සිත් සතන් දිනිය යුතුය (නදී)
පොඩි අයත් හරි කැමතියි. අප්පප්චි ඉල්ලන දේවල් දුන්නම අඩන්නේ නැහැ(නදී)
ඔබතුමා ටී.එන්.ඒ පදේට අනුව තට ටිකක් නටන්න. එතකොට වැලි ගඩොල්වලට කරන්න බැරි උනු දේ ඔබතුමා කොරන හැටි අපට බලා ගන්න පුලුවන්. (නදී)
රාමා, මේ යුද්දේ මහින්ද මහතා තනියම කරපු එකක් නෙමේ මේ රටේ බල්ලෝ බළල්ලු හැරුනම ඉතිරි ඔක්කොම උදව් කළා. මිනිස්සු මේසා විශාල බදු බරක් දැරුවේ යුද්දේ ගැන හිතලා. මේක ඉවර කලේ අපේම රටේ මිනිස්සු පිටින් ආවේ නෑ. හැමදාම උනේ රටේ නායකයා යුද්ද කරන්න කැමති උනේ නැති එක විතරයි. එහෙම නැතිව යුද්ද කරන්න මිනිස්සු නොසිටියා නෙමේ. මහින්ද මහත්තය කලේ යුද්දේ කරන්න කැමැත්ත දීපු එක. ඒකට අපි හැමදාම ගරුකරන්න ඕන. ඔයාල ඔය වගේ කතා කියල තමා මහින්දව පැරැද්දුවේ. ජනතාව බුද්ධිමත්, ඒක අමතක කරන්න එපා. (නදී)
මහින්ද නැත්නම් කොහොමද යන්නේ යාපනයේ? (නි)
යුද්ධය ඉවර කරපු එක හොද වැඩක් නමුත් හොරකම දුෂණය එන්න එන්නම වැඩි වුනා නීතිය බල්ලට ගියා ,ඉතින් හැමදාම මිනිස්සු බලාගන ඉදීවිද .(හේ)
ඉතින් යුද්දේ ඉවර කරපු කෙනාට(මහින්දට නොදී) නොදී සිරිසේනට දුන්නේ ඇයි මිනිස්සු ?(නදී)
යුද්ධේ යුද්ධේ යුද්ධේ.... ඇයි මේ මිනිස්සු හැමදාම මේ විදියට හිතන්නේ.? (ර)
රාම, යුද්ධය ඉවරකලේ හමුදාව එකේ ගෞරවය ඔවුන්ට දෙන්න. ඒ වගේම උතුරු නැගෙනහිර ඉන්නෙත්මේ රටේ පුරවැසියෝ ඔවුන්ටත් හිමි අයිතිය හා නිසි ගෞරවය දෙන්න, එතකොට තමයි මෙරටේ අපි සැමටම සාමයෙන් හා සමාදානයෙන් ජිවත්වන්න හැකි වෙන්නේ. (ර)
ස්තුති නොකර කොහොමද? මහින්දනේ උතුරේත් ඡන්ද තියන්න පුළුවන් රටක් හැදුවේ! (ර)
මහින්ද යුද්ධය ඉවරකලේ නැත්නම්... (ර)
අද ජනතාවට ලැබිල තිබෙන නිදහසට හිටපු ජනාධිපතිතුමාට කළගුණ සැලකිය යුතුයි හැමදාම. (ර)
කල ගුන සලකන්න ගියාම වෙන දෙය දැක්කනේ. (නදී)
එදා ඉදන් සිංහලයාගේ තිබුණු තම ජාතිය-ආගම ගැන අභිමානයට හානියක් නොකොට අන්‍ය ජාතීන්ට ගරු කරන්න කියා දුන්නනම් තමයි වඩා හොද. (ර)
ජෙනරාල් සරත් පොන්සේකා ඇතුලු වීර සෙබළ සොහොයුරන්ගේ කැපවීම තුළින් ලද ජයග්‍රහණයෙන් පසුවත්,අගාධයට යමින් තිබූ උතුර ඇතුලු මුලු රටම එක්සේසත් කරන්න මෛත්‍රිපාල ජනපතිඳුන්ට හැකි බව අපිට විශ්වාසයි. ජයවේවා..! (නි)
යුද්ධයෙන් ජනතා සිත් දිනන්න බැරිබව ගිය මැතිවරණයෙනුත් මෙච්චර පැහැදිලි වෙලත් සමහරුන්ට එය තාමත් තේරුම් ගන්න බැරිවීම තමයි රටේ අවාසනාව. (නි)
හිටපු ජනාධිපතිතුමාට කෙළෙහිගුණ සළකන විදිය මුලු රටටම හොඳට පෙනෙනවා. ඒක සිංහලයාගේ අවාසනාව. රටේ යුද්ධය නිමකළ නිසා නේද මේ ඔක්කොම හිනාවෙලා ඉන්නේ? (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මහින්ද හමුදාවට හොඳ නායකත්වයක් දුන්නා. හමුදාවට වගේම හිටපු ජනපතිටත් එහි ලකුණු දෙන්න ඕනෑ. නැත්නම් පෙරත් ජනාධිපතිවරු හිටියා, හමුදාව හිටියා. මොනවාද කළේ? (නි)
මහින්ද, ගෝඨා, නොසිටින්නට යාපනයේ නොවේ, ඔය කාටවත් ගෙදරින්වත් එළියට බහින්න බැරිවෙනවා. (නි)
මහින්ද යුග පුරුෂයෙක්. කවුරු ස්තුති කළත් නොකළත් ඔහුගේ නම ලක් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා ඇති (නි)
ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් කියලා අපේ පැරැන්නෝ කියනවානේ! (නි)
යුද්ධය අවසන්කළේ කවුරු වුණත් යුද්ධයෙන් හම්බකළේ නම් වෙන කට්ටියක් (නි)
අශෝකා හරි (නි)
කරුණාකර අපේ නම කැතනොකර දුන් පොරොන්දු ඉටුකරන්න. ෆේස්බුක් එකෙන් සහ විද්‍යුත් මාධ්‍ය හරහා අපි ආණ්ඩුව වෙනස් කරන්න වෙහෙසවුණා.දැන් මොනවා කරනවද තේරෙන්නේ නැහැ.කරුණාකර කී දේවල් කර පෙන්නන්න (නි)