(විමුක්ති එස් රුද්‍රිගු)
උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු ළමයින් තුන් දෙනකුගෙන් එක් අයකු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව ගාසා තීරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කළේය.
ඉක්මනින් ක්‍රියාත්මක නොවූවොත් ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති විය හැකි බව එම නියෝජිතායතනය පෙන්වා දුන්නේය.
ළමා මන්දපෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ගාසා තීරයේ ළමා මන්දපෝෂණ තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවත් නියෝජිතායතනය ප්‍රකාශ කළේය.
හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 2.3 ක පලස්තීන ජනතාවක් අවතැන් වී ඇති බවත් ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකයක් ඇති වී තිබෙන බවත් එම නියෝජිතායතනය පැවැසුවේය.
ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව මැනීමේ ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණයට ගාසා තීරයේ සාගතයක් ඇති බවට ප්‍රකාශයට පත් කිරීමට ගාසා තිරයේ ජනතාවගෙන් සියයට 20 ක් දැඩි උග්‍ර ආහාර හිඟයකින් පෙළිය යුතු බවත් මේ වනවිට ගාසා තීරයේ දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙද්දී දිනපතා 10000 ක් කුසගින්නෙන්, මන්දපෝෂණයෙන් හා රෝගවලින් මියයන බවත් එම නියෝජිතායතනය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු ගාසාවේ දරුවන් තුනෙන් එකක් දැඩි බඩගින්නේ
පිටරටවැසියා Sunday, 17 March 2024 12:40 PM
මෙහෙන් දුන්න ඩොලර් මිලියනය මදිවෙලා වගෙයි. ඩොලර් ඕනෑතරම් දැන් තියෙන නිසා තව දනට පිනට දෙන්න පුළුවන්...