සුනාමියෙන් පසු උතුරේ ගෙවල් හැදීම සඳහා පසුගිය රජය 2006 දී පිහිටවූ ආයතනයකින් එක ගෙයක්වත් නොහදා රුපියල් ලක්ෂ 1470 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනකු අත් අඩංගුවට ගත් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊට සම්බන්ධ බව කියන මන්ත්‍රීවරයකුද අත් අඩංගුවට ගැනීමට නියමිත බව කියයි.
පොලිස් අධිකාරී විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මෙම පරීක්ෂණ මෙහෙයවයි. එම කණ්ඩායම දැනට මාස 2 ක් තිස්සේ කළ පරීක්ෂණ අනුව නිවාස තනාදීම බාරගත් සමාගම්වල දෙහිවල ,කොළඹ හා වවුනියා ලිපින, දුරකථන අංක හා සමාගම් ව්‍යාජ බවද සොයාගෙන ඇත.
නිවාස තැනීයැයි නිකුත් කළ චෙක්පත් රෙදිපිළි නිෂ්පාදන සමාගමක ලිපිනයකට ගොස් ඇති බව පෙනේ යැයිද පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනකු හා කතක අද (7) උසාවියට ඉදිරිපත් කිරීමටද නියමිතය.
මෙම මන්ත්‍රීගේ නායකත්වයෙන් යුත් ආයතනයට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 65කට ආසන්න මුදලක් දී ඇත්දැයි සොයාබලන බවද විශේෂ පරීක්ෂණ කණ්ඩායම කියයි.
පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ගම් ඇතිව පලකරනවානම් වඩාත් හොඳයි මිනිසුන්ගේ දැනගැනීමේ පිනිස. (ස)