සුනාමියෙන් පසු උතුරේ ගෙවල් හැදීම සඳහා පසුගිය රජය 2006 දී පිහිටවූ ආයතනයකින් එක ගෙයක්වත් නොහදා රුපියල් ලක්ෂ 1470 ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනකු අත් අඩංගුවට ගත් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඊට සම්බන්ධ බව කියන මන්ත්‍රීවරයකුද අත් අඩංගුවට ගැනීමට නියමිත බව කියයි.
පොලිස් අධිකාරී විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මෙම පරීක්ෂණ මෙහෙයවයි. එම කණ්ඩායම දැනට මාස 2 ක් තිස්සේ කළ පරීක්ෂණ අනුව නිවාස තනාදීම බාරගත් සමාගම්වල දෙහිවල ,කොළඹ හා වවුනියා ලිපින, දුරකථන අංක හා සමාගම් ව්‍යාජ බවද සොයාගෙන ඇත.
නිවාස තැනීයැයි නිකුත් කළ චෙක්පත් රෙදිපිළි නිෂ්පාදන සමාගමක ලිපිනයකට ගොස් ඇති බව පෙනේ යැයිද පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනකු හා කතක අද (7) උසාවියට ඉදිරිපත් කිරීමටද නියමිතය.
මෙම මන්ත්‍රීගේ නායකත්වයෙන් යුත් ආයතනයට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 65කට ආසන්න මුදලක් දී ඇත්දැයි සොයාබලන බවද විශේෂ පරීක්ෂණ කණ්ඩායම කියයි.
පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරේ ගෙයක්වත් නොහදා ලක්ෂ 1470 ක් අරන්
ඉසුරන්දි Tuesday, 07 April 2015 08:20 AM
නම් ගම් ඇතිව පලකරනවානම් වඩාත් හොඳයි මිනිසුන්ගේ දැනගැනීමේ පිනිස. (ස)