තම න්‍යෂ්ටික අත්හදා බැලීම් සාර්ථක ලෙසත් තමන්ට හැකි උපරිම අයුරිනුත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව නැවත වරක් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණශීලි තත්ත්වයට මුහුණ දීමේ අරමුණින් මෙසේ අඛණ්ඩව හා සාර්ථක ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන බව උතුරු කොරියාව සඳහන් කරයි.
න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල වැඩසටහන නිසා උතුරු කොරියාව සමඟ දරුණු ගැටුමක් නිර්මාණය විය හැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන මොහොතක උතුරු කොරියාව ඒ බව සඳහන් කළේය. කොරියානු අර්ධද්වීපයේ ඇති වී තිබෙන තත්ත්වයක කොයි යම් මොහොතක හෝ පාලනයෙන් ගිලිහිය හැකි බව චීනය පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.
තම බලය පෙන්වීමේ අරමුණින් එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයට න්‍යෂ්ටික බලය සහිත යු.එස්.එස් කාල් වින්සන් යැවීමට කටයුතු කළ අතර ඇමෙරිකා නාවික හමුදාවත් දකුණු කොරියා හමුදාවත් එක්ව ඒකාබද්ධ යුද්ධ අභ්‍යාස ද පැවැත්වීමට නියමිතය. මෙම යුද අභ්‍යාසවලට ජපානය ද සම්බන්ධ වීමට නියමිත යැයි වාර්තා වේ.
උතුරු කොරියාව ත්‍රස්තවාදයට උදව් දෙන රටවල් ගොන්නට ඇතුළත් කරන බවත් උතුරු කොරියාවට එරෙහිව නව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධ පනවන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය සතියේදී ප්‍රකාශ කළ අතර තම න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් වේගවත් කරන බවත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඊට ප්‍රති-චාර දක්වමින් උතුරු කොරියාව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ සම්බාධක පනවා තිබියදී හා තවදුරටත් සම්බාධක පැනවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා ඉදිරිපත් වී තිබියදී උතුරු කොරියාව පසුගිය කාලයේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් පහක් සහ මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදු කර තිබේ. මීට පෙර නොවූ අයරින් උතුරු කොරියාව මේ වසරේදී මිසයිල අත්හදා බැලීම් සිදු කර තිබෙන අතර අන්තර් පරාස මිසයිල සහ සබ්මැරීනවල සිට දියත් කළ හැකි මිසයිල අත්හදා බලා ඇතැයි ද විශ්වාස කෙරේ.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවෙන් ඇමරිකාව අවුස්සන තවත් ප්‍රකාශයක්
ravin Wednesday, 03 May 2017 04:35 AM
සාමාන්‍යයෙන් උතුරු කොරියාව කරන වැඩ අනුමත නොකලත් මේ වැඩේ හරි. ඇයි ලෝකයේ අනික් රටවල් ඇමරිකාව කියන විදියට නටන්නේ. ඇමරිකාවත් එක්ක කැත්තට පොල්ල වගේ හිටියේ නැත්තන් ලෝකෙට වෙන්නේ ගහන ගහන පදේට නටන්න .
bandula Wednesday, 03 May 2017 06:18 AM
මේ ඉල්ලන් කන්න හදන්නේ, මෙයා නිසා ලෝකේ අනිත් රටවලටත් විසුමක් නෑ, ලෝක යුද්දයක් අත ළඟ වගේ