විශාල න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු අති නවීන මැදි දුර මිසයිලයක් පසුගිය ඉරිදා සාර්ථක ලෙස අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.
මෙම මිසයිලය කිලෝමීටර් 700 ක් පමණ දුර ගමන් කර ජපානයට බටහිරින් මුහදට පතිත වූ බවත් කිලෝමීටර් 2000 ක පමණ උසකින් ගමන්කළ බවත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසා ඇත්තේ නායක කිම් ජොන් උන් මෙම හ්වෑසොං - 12 මිසයිලය අත්හදා බැලීම නිරීක්ෂණය කළ බවයි.
නවීන මිසයිලයේ තාක්ෂණික ක්‍රමෝපායන් සහ උපක්‍රම පිළිබඳව අත්හදා බැලීම මෙහිදී සිදු වූ බව ඔවුන් පවසා ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වමින් දකුණු කොරියානු නායකයා පවසා ඇත්තේ උතුරු කොරියාවේ ක්‍රියාකාරකම් කොරියානු අර්ධද්වීපයට පමණක් නොව මුළු ලෝකයටම සාමය හා ආරක්ෂාව සම්බන්ධව තර්ජනයක් බවයි.
(බී.බී.සී ඇසුරෙනි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිසයිල් මේනියාවෙන් පෙළෙන කිම් ජොන් තමයි ලෝකයේ ලොකුම ත්‍රස්තවාදියා ... ඔහු කරන්නේ ලෝකයේ තිරසාර සාමයට මහා විනාසයක්... ළඟදීම ඊට නිසි දඬුවම් ලැබේවි.!!!
අනේ අබේ : දන්නැති දේවල් කතා නොකර හිටියා නම් හොඳයි. තමන්ගේ රට ආරක්ෂා කර ගන්න එක ත්‍රස්ත වාදී නම් ඇමෙරිකාව වගේ රටවල් අනිත් රටවල කඳවුරු ගහගෙන මිසයිලේ අටවන එක සාමකාමිද... ?
පරිණත නොවූ අයකුට වගකීම් පැවරුවොත් විනාශයි.. මේ ලංකාවේ දේශපාලනෙත් මේක දකින්න පුළුවන්.. උතුරු කොරියාව බලවතුන්ගේ බළල් අතක් විතරයි. කෙසේ වුවත් ඉක්මණින්ම මෙම අත්තනෝමතික තත්වය පාලනය කල යුතුයි...
සෑම්, මෝඩ කතා කියන්න එපා.. ඇමරිකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක් හා උතුරු කොරියාව වැනි ඒකාධිපති රටක් අතර වෙනස දන්නෙ නැද්ද?
මෙයාගෙ නමත් ඇමෙරිකන්
මේ කොල්ල ලඟදිම ලෝකය විනාස කරයි වගේ
දැන් ඔය ඇති නවීන කියන්නේ ලෝකයේ තිබෙන ඉහලම තාක්ෂනය සහිත කියන එකද? නැතිනම් ඉතාම මෑතක නිපදවූ කියන එකද?
[කිලෝමීටර් 2000 ක පමණ උසකින් ගමන්කළ බවත් ......] නායක කිම් ජොන් උන්ට දන්වා සිටින්න මේවා අල්ලපු රටේ ඉන්න කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න කියල ! කිලෝමීටර් 2000ක් කියන්නේ කොතරම් උසක් ද කියල මේ මොට්ට නායකයාට කියා දෙන්න පුළුවන් එකෙක්වත් ඒ රටේ ඉඳල නැහැ වගෙයි. එහෙම නම් මේක දැනට පෘථුවිය වටා පරිභ්‍රමණය වෙමින් තිබෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) විනාශ කිරීමට පුම්බා යවපු එකක් වෙන්න ඇති....
කි.මී 2000 උසකින්?
අපි මේකව හොදට ශේප් එකේ තියා ගමු, නැත්නම් අපේ අයියල යුරෝපයේ යන වේගෙට, ඉල්ලන් කන්නයි වෙන්නේ. අපේ නම ලිස්ට් එකේ හරි ෆයිල් වල හරි ඇතිනේ.
කිලෝමීටර 2000ක් නෙවෙයි මීටර් 2000ක් කිලෝමීටර් 2ක් වෙන්න ඇති !!