යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ පෞද්ගලික ලේකම් බව කියන පුද්ගලයකු උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී.අයිකරනේෂන් මහතාට බෝතලයකින් පහරදීමත් සමග දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු රැස්වීම වර්ජනය කර ඉවත්වූහ.
කලබලය ඇතිවීමට පෙර සම සභාපතිවරුන් වන උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා දේවානන්ද මහත්වරු කථා කළහ. දේවානන්ද මහතාගේ කථාවේ දේශපාලන ස්වරූපයක් තිබූ බවත් ඊට පිළිතුරු දීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා නැගී සිටි බවත් කියති. ඔහු අත තිබූ මයික්‍රෆෝනය ඉවත් කරන්නැයි දේවානන්ද මහතා ඉල්ලා ඇත. කෘෂිකර්ම ඇමති ඊට විරෝධය පා කථාකරද්දී ඔහු පහර කෑමට ලක්වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උත්සව සමයේ බෝතල් නාස්ති කරන්න එපා. අපරාදේ! (නි)
පරණ කෝන්තර තවම මතුවෙනවා වගෙයි. (නි)
මහත්වරුනි, විධායකය ඉවත්කළොත් මේ වගේ උදවිය මොනවා කරලා නවතීද දන්නෙ නැහැ (නි)
සසංක ගොනෙක් උෟ පලියට ගොන් කතා කියන්න එපා. අපේ පාර්ලිමේන්තුවේ වෙන දේවල් වල හැටියට මේ මොනාද (නදී)
මේක හරිම සෙල්ලමක්. මහත්තරු උනාට කිසිම විනයක් නැහැ (නදී)
කෝකටත් කලින් මිනිස්කම මතු කල යුතුයි. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඉස්තාපිත කල යුතුයි. (අ)
ඕව ඉතින් අමුතු දේවල්ද? පාර්ලිමේන්තුවෙත් වෙන්නෙ. (ස)
එ ජ ප ය ගෙනාපු මේ පළාත් සභා ක්‍රමය නැතිකරපු දවසට තමයි රටට නිවනක් ලැබෙන්නේ. (ස)
මේ වගේ සිද්ධීන් අනිවාර්යෙන්ම පාලනය කළයුතුමයි. (නි)
නියම වැඩේ තමයි ඒකත් (නි)