යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ පෞද්ගලික ලේකම් බව කියන පුද්ගලයකු උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී.අයිකරනේෂන් මහතාට බෝතලයකින් පහරදීමත් සමග දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු රැස්වීම වර්ජනය කර ඉවත්වූහ.
කලබලය ඇතිවීමට පෙර සම සභාපතිවරුන් වන උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා දේවානන්ද මහත්වරු කථා කළහ. දේවානන්ද මහතාගේ කථාවේ දේශපාලන ස්වරූපයක් තිබූ බවත් ඊට පිළිතුරු දීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා නැගී සිටි බවත් කියති. ඔහු අත තිබූ මයික්‍රෆෝනය ඉවත් කරන්නැයි දේවානන්ද මහතා ඉල්ලා ඇත. කෘෂිකර්ම ඇමති ඊට විරෝධය පා කථාකරද්දී ඔහු පහර කෑමට ලක්වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු කමිටු සබේ බෝතල් ප්‍රහාරයක්
ක්‍රිශාන්ත Tuesday, 16 December 2014 06:19 AM
මේ උත්සව සමයේ බෝතල් නාස්ති කරන්න එපා. අපරාදේ! (නි)
කුමාර් Tuesday, 16 December 2014 06:43 AM
පරණ කෝන්තර තවම මතුවෙනවා වගෙයි. (නි)
සසංක Tuesday, 16 December 2014 06:47 AM
මහත්වරුනි, විධායකය ඉවත්කළොත් මේ වගේ උදවිය මොනවා කරලා නවතීද දන්නෙ නැහැ (නි)
මහින්ද Tuesday, 16 December 2014 07:04 AM
සසංක ගොනෙක් උෟ පලියට ගොන් කතා කියන්න එපා. අපේ පාර්ලිමේන්තුවේ වෙන දේවල් වල හැටියට මේ මොනාද (නදී)
අනිස්කා Tuesday, 16 December 2014 07:10 AM
මේක හරිම සෙල්ලමක්. මහත්තරු උනාට කිසිම විනයක් නැහැ (නදී)
රනේපුර Tuesday, 16 December 2014 07:53 AM
කෝකටත් කලින් මිනිස්කම මතු කල යුතුයි. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඉස්තාපිත කල යුතුයි. (අ)
දිලාන් Tuesday, 16 December 2014 08:17 AM
ඕව ඉතින් අමුතු දේවල්ද? පාර්ලිමේන්තුවෙත් වෙන්නෙ. (ස)
ඇසළ Tuesday, 16 December 2014 08:22 AM
එ ජ ප ය ගෙනාපු මේ පළාත් සභා ක්‍රමය නැතිකරපු දවසට තමයි රටට නිවනක් ලැබෙන්නේ. (ස)
හෆීල් Tuesday, 16 December 2014 08:51 AM
මේ වගේ සිද්ධීන් අනිවාර්යෙන්ම පාලනය කළයුතුමයි. (නි)
රොෂාන් Tuesday, 16 December 2014 09:46 AM
නියම වැඩේ තමයි ඒකත් (නි)