උතුරු පළාත් අමාත්‍යවරුන් කිහිප දෙනකු ගැන පැමිණිලි පහක් වංචා හා දූෂණ සොයන ත්‍රිපුද්ගල කමිටුවට ලැබී ඇතැයි උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය

උතුරු පළාත් අමාත්‍ය මණ්ඩලය සහ ඔවුන්ට අයත් ආයතන හා දෙපාර්තුමේන්තු වල වංචා හා දූෂණ සෙවීම සඳහා  විශ්‍රාමික දිසා ලේකම්වරයකුගෙන් හා විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනකුගෙන් යුත් විමර්ෂන කමිටුවක් පත් කැර ඇත.

පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සිට පරීක්ෂණ පැවැත්වේ.