(රොමේෂ් මධුෂංඛ)
කැනඩාවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක් වූහ.
යුද්ධයෙන් අතුරුදහන් වූවන් සොයාදෙන්නැයි කියමින් කෙරෙන විරෝධතා සහ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් එම දූත පිරිස විමසා සිටි බව සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උතුරු ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
රජය මේ සියලු දේට පියවරෙන් පියවර විසඳුම් ලබා දෙන බවත් මේ වන විටත් ඉඩම් නිදහස් කොට අදාළ මුල් ඉඩම් අයිතිකරුවන්ට ලබාදීමට කටයුතු කර ඇති බවත් තමා ඔවුනට දැනුම් දුන් බව ආණ්ඩුකාරවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කැනඩාවෙන්ද ලංකාව පාලනය කරන්නේ උතුරේ ඉන්නේ ශ්‍රී ලංකාවේ පුර වැසියෝ නොවේද උන්ගේ උන්ද ප්රභාකරන් දෙමල ජනතාව බලෙන් යුද්ධය සදහා ගන්නකොට කන්න නැතිව දුක් විදිනකොට කැනඩාවේ උන් කොහෙද උන්නේ උතුරේ සිංහල ජනතාවගේ බිම්ද වහාම දෙන්න.
මේ තවත් වැදි බන කියන පිරිසක්, කැනඩාවේ අවතැන් කල හා මුල් අයිතීන් නැතිවී විසිරී ගිය රතු ඉන්දියානු ආදීවාසීන්ගේ අයිතිවාසිකම් ගැන මෙයාලට කියාදෙන්න. ඒවා කතාකරන්න කවුරුවත් නෑ ඒවා එච්චරටම වැළලිලා, අනික ලංකාවේ උතුරේ අතුරුදන්වූවන් වැඩි හරියක්ම ඉන්නේ කැනඩාවේ; මේක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්!
මෙවැනි අතපෙවීම් කරන්න කැනඩාවට අවසර දුන්නේ කවුද ? ලංකාව කැනඩාවේ ප්‍රාන්තයක්ද .ආණ්ඩුවට කොන්දක් ඇත්තෙම නැතිද ?
අතුරුදහන් වූවන් කැනඩාවේ හැංගිලා ඇති. ලැජ්ජයි, ඇයි මේගොල්ලෝ එන්නේ. අත යටින් කොටින්ට උදව් කරලා. ලංකාවේ මිනිස්සු අතර තරහ පතුරවල දැන් මොකාටද මේ එන්නේ.
ආපු පාරෙන්ම ආපහු පලයන්.
හැම එකම අත පොවන්නේ ආණ්ඩුවේ තියෙන නිවට නියාලු කමටනේ.මේවට කියන්නේ "තැලෙන යකඩේ දැක්කහම උද පැන පැන තලනවා"කියලයි.
අද මේ රට පාලනය කරන්නේ කොටින්ව සුරතල් කල කොටි හිතවතුන්ද?මේ යහ පාලන නායකයන් තමන් බලයට පත්වුවහොත් මේ රට කොටි හිතවතුන්ගේ බලල නැට්ටක් කරන බව පැවසුවාද?