යුද සමයේ සිදුවූ අතුරුදන්වීම් වලට කොටි සංවිධානය වගකිව යුතු බවට ගැටුම්වලට මැදිවූවන්ගෙන් වැඩි දෙනකු ප්‍රකාශ කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පවසයි.
ඔහු ඉන්දීය පුවත්පතක් සමග කියා ඇත්තේ කොටි සංවිධානය ඊට වග කිව යුතු බව 60% ක් දෙනා සාක්කි දුන් බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වග කිව යුතු බව 10% ක් දෙනාද පැවසූ බවයි.
එසේම දැනට සාක්කි දුන් පුද්ගලයින්ගෙන් තවත් 10% ක් කොටි නොවන සටන්කාමී සංවිධාන වෙත ද, තවත් 5% ක පිරිසක් එම අතුරුදන්වීම් නාඳුනන කණ්ඩායම් විසින් සිදුකරන්නට ඇති බව විශ්වාස කරන බවය.
උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව අතුරුදන්වීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනවලදී සිවිල් පුද්ගලයින්ගේ පැමිණිලි 16,000 ක්ද ආරක්ෂක අංශවලින් පැමිණිලි 5600 ක්ද අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකින් සතුටුදායක ආරංචියක් අහන්න ලැබුනා . හෙට අනිද්දා වෙනුවට මේකටත් මහින්ද , ගෝඨා ඇතුළු රාජපක්ෂ පවුල වග කියන්නේ ඕනේ කියලා කියාවි අපේ කට්ටිය . එකට නම් කමක් නෑ එයාලව හිරේ දැම්මත් , අපේ ආරක්ෂක හමුදාවේ වීර රණ විරුවෝ පාවා නොදී . දැන් බලන්න අර රවිරාජ් නඩුවේ , නාවික භටයන් 3 දෙනා හා මන්නාරමේ ද්‍රවිඩ සිසුන් 5 දෙනා අතුරුදහන් කළා කියනා විස්රාමික හමුදා බටයන් වෙනුවනේ නීතිපති පෙනී සිටින්නේ නැහැලු . කාව සනසන්නද මේ දේවල් කරන්නේ ? කරුණාකර මෙහි අදහස් දාන අය අපිව දැනුවත් කරන්න , අද රට වෙනුවෙන් යුතුකම් ( සමහර විට සමහර තැන්වල අයුතුකම් වෙන්න පුලුවන් , නමුත් අපි බැලිය යුත්තේ මොකක් සදහාද කියා ) (බ)
උතුරේ අති බහුතරයක් දෙමල ජනතාවගේ මරණ සහ අතුරුදහන් වීම් වලට සෘජුවම වගකිවයුත්තේ කොටි සංවිධානය සහ ඒ හා බැඳුනු මිනීමරු ත්‍රස්ත කණ්ඩායම් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සත්‍ය එයයි. මුළු ලංකාවේම පොදු සතුරා වුනේ කොටි ත්‍රස්ත කණ්ඩායමයි. කොටි ඩයස්පෝරාව ඇතුළු බටහිර බලවතුන් අඩන්නේ ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කරන්නේ ඔවුන් පෝෂණය කරපු කොටි හපුවා විනාශ වීමේ සොවටයි. අවාසනාවකට යුද්ධයෙන් පසුව අපේ නිර්දෝශී භාවය ලොවට නිවැරදිව කීමට පසුගිය රජය අපොහොසත් වුනා. (බ)
අර හිමි නමට හිතට අමාරු ඇති . ගාමිණී කුලරත්නගේ සිහිවටනයත් ඉවත් කරන්න කිවනේ දෙමළ ජාතිකයන්ගේ හිත රිදවී කියල. (බ)
සමහරු නම් මේවත් බොරු කියලා කියයි.(හේ)
කොටින්ගේ පවු, දෙමල ඩයස්පොරාවයි එකතුවෙලා, අපේ හමුදාව පිටින් දාන්න හදනවා. (ර)