පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරය විසින් පවත්වා ගෙන යන දහම් පාසලේ ප‍්‍රධානාචාරිනි විජයන්ති හේවගේ මහත්මිය විසින් රචිත ‘උතුම් බුදු රුවන ‘නම් දහම් පොත පසුගියදා පැරීසියේදි එළිදැක් විණී.
ශ්‍රී ලංකාවේ සුප‍්‍රසිද්ධ බුදු පිලිම වහන්සේලාගේ අලංකාර රූප රාමු ඇතුළත් මෙම පොතේ බුදු ගුණ ඉතා සරලව පෙළ ගැස්වීම විශේෂය වන්නේය. එබැවින් ලොකු කුඩා කාටත් කියවීමට රුචියක් ඇතිවීම නිරායාසයෙන්ම සිදුවේ.
මෙම දොරට වැඩුමේ උත්සවයට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමි, ප‍්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමි හා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන ආරාධිතයෝ වුහ.
ආරාධිත දේශන හා දහම් පාසල වෙනුවෙන් එහි උප ගුරු ශ්‍රීලංකා තානාපති කාර්යාලයයේ භාෂා පරිවර්තක සෝමපාල විජේසිංහ මහතා දේශනයක් පැවැත් වීය. පසුගියදා පැවැත්වු ජනාධිපතිවරණ සමයේ ශ්‍රීලංකාවට ගොස් නැවත ප‍්‍රංශයට පැමිණි තානාපතිගේ පළමු ශ්‍රී ලාංකික හමුව ද වෙයි.
‘මෙම දහම් පොත එක දිගට කියවා අවසන් කළ බව ඔහු කීවේය. දහම් පොත එ තරම් සරලයි.‘
ගුවන් විදුලි නිවේදක අමර ගුණසේකර මහතා හා දහම් පාසලේ ගණිතය ගුරු ඒ පි පෙරේරා මහතා වේදිකාව බාරව සිටියහ.
සරත් කුමාරගේ ගැයූ බුදු ගුණ ඇතුලත් සරල ගී උතුම් බුදුරුවනේ දොරට වැඩුම ආලෝකමත් කළේය. විහාරස්ථානයේ නව ගෙඩනැගිලි අරමුදලට පරිත්‍යාග කරන බව ස්තුති කථාව කළ කතෘ විජයන්ති හේවගේ ගුරු මහත්මිය කීවාය.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘උතුම් බුදු රුවන ‘ පැරීසියේදී දොරට වඩී
සෝමපුර Sunday, 01 February 2015 04:08 PM
මහා පින්කමක්, ඔබට මෙවන් කටයුතු කරන්න තව තවත් ශක්තිය ලැබේවා (නදී)