
(සුමිත් පොතුපිටිය)
අපොස උසස් පෙල විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300 ක් පමණ අද සිය කටයුතුවලින් ඉවත්ව කළුතර බාලිකා විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී.
රජය මගින් පොරොන්දුවූ අත්තිකාරම් මුදල් ලබානොදිම හේතුවෙන් විරෝධතාව සිදුකරන ලදී.
දින 12 කට පෙරම මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවද ඔවුන් පවසති.
පසුගිය අපොස උපෙල විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට 3000 ක් ලබාදෙන්න පොරොන්දු වුණත් අදට දින 12 වන නමුත් එය ලබාදී නොමැති බවත් ඔවුහූ පවසති .
එහෙත් මුදල් බැරකළ බවට මැසේජ් එකක් දමා ඇතත් මෙතෙක් කිසිදු ගූරුවරයකුට මුදල් ලැබී නොමැති බවත්, මුදල් ලැබීමෙන් පසු නැවත උත්තර පත්‍ර පරීක්ෂා කරන බවත් ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පො තමා මේ.
දෙනබව කීව නම් දෙන්න එපායැ. ඒක නිසා මේකට කවුරුත් දොස් කියනවනම් වැරදියි.
මුන් ගුරුවරු නෙමෙයි .එලොවටත් නැති මෙලොවටත් නැති ගුරු හොරු
රටේ බදු මුදල් වලින් ඉගෙනගෙන තම රටටම ද්‍රෝහී වෙන අවජාතකයෝ
ඔය ණයට උත්තර පත්තර බලලා, නාහෙන් අඬන වෙලාවේ, ටියුෂන් කඩයක් දාගෙන කුණුහරුප ටිකක් ළමයින්ට කිව්වා නම් ගොඩ.....ළමයි බඩ අල්ලාගෙන හිනා වෙනවා. ඒවා දැකලා ජොලිය වැඩිකමට දෙමව්පියන් කීය හෝ ගෙවලා ළමයින්ව ටියුෂන් කඩේට යවනවා.
ලැජ්ජාවක් නැති පිරිසක්... තව රට ගොඩගන්න හැටි fb එකෙන් කියනවා...
මොනව කිව්වත් ගුරුවරුන්ට බනින කෙනෙක් ඉන්නව නම්, ඉගෙන ගත්ත එකෙක් වෙන්න බෑ. මොකද හරියට ඉගෙන ගත්ත කෙනෙක්ට කවදාවත් ගුරුවරයෙක්ට බනින්න වචන එන්නෙනෑ..
මුදල් බැරකලා කියලා මැසේජ් එකක් ආවා නම් බැංකුවට ගිහිල්ලා බලන්න ඕනෑ බැංකුවේ මුදල් තැන්පත් කරලා අතටත් දෙන්නේ නැහැ...
එතකොට ඔය බනින අය, මේ ලෝකෙ වැඩක් කරන්නේ නැති අය ඉගෙන ගත්තේ බදු සල්ලි වලින් නෙවෙයිද? මේ රටේ 99.99% ක් ඉගෙන ගත්තේ බදු සල්ලි වලින් තමයි.
ගුරුවරු නම් ගුරුවරු දෙවිවරු ලෙස වැඩ කරන්න ඕන.සල්ලි පස්සේ දුවන ගුරුවරු අසූචි පස්සේ දුවන බල්ලෝ වගෙයි .කිසිම වෙනසක් නැහැ