ගුණපාල වික්‍රමරත්න විශිෂ්ටතම ගුරුවරයෙකි, විශිෂ්ටතම විනයාරක්ෂකයෙකි, විශිෂ්ටතම සොඳුරු මිනිසෙකි. ඔහුගෙන් සිප් සතර හැදෑරුවෝ එතෙරත් මෙතෙරත් සිටිති. ඔහු මාතර රාහුල විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙකි.
ඩී.ජේ. කුමාරගේ විදුහල්පති අඩිපාරේ යමින් එතුමාගේ පන්නරය ලබමින් ඔහු මාතර රාහුලයේ ද කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ද කොළඹ නාලන්ද විදුහලේ ද විදුහල්පති පදවියෙන් පිදුම් ලද්දේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් උසස් පදවි රැසක් හෙබැවීය.
වික්‍රමරත්න මහතා මැයි 19 වැනි දා අනූ වැනි වියට පා තබයි.
ඔහුගේ දූ දරුවෝ ද ගෝල බාලයෝ ද සමීපයෝ ද ඔහුට උපහාර දැක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාව මම දැකවත් නැහැ. එහෙත් ඔබතුමාගේ අපක්ෂපාති විශිෂ්ඨ රාජ්‍ය සේවය පිළිබඳව බොහෝදේ අසා තිබෙනවා. ඔබ වැන්නවුන් වර්තමාන රාජ්‍ය සේවයේ දකින්නට ලැබෙන්නේ කළාතුරකිනි. ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (ර)
අපි අට වසරේදී මෙතුමා නාලන්දයට පැමිණිය. පාසැල අමුතුවෙන්ම හැදුව විනය නොම්බර එකයි. මෙතුමා නිසා අපිත් අද පිට රටවල ඔලුව කෙලින් තියාගෙන ඉන්නවා ඔබටත් අනිකුත් ගුරුමනියන්ට ආරියරත්න ටී එස් සිල්වා මැතිනිය බී ගුනසිංහ දීර්ගයුෂ පතමි.! (ර)
ඇහැට කඳුළු ආ දර්ශනයක්... (ම)
මම ඔබට සුබ උපන් දිනයක් පතමි! (නි)
ඔබතුමාට දීර්ඝායුෂ වේවා! ඔබගේ පුතුන් දෙදෙනා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ මා සහ මගේ සහෝදරයන්ගේ මිතුරන්. ඒ වගේම පිටකෝට්ටේ අපේ අසල්වැසියන්. බොහෝ වතාවක් අප ඔබේ නිවසට පැමිණ තිබෙනවා. කොපමණ උසස් රැකියාවක් කළත් ඔබතුමාගේ නිහතමානිකම අපට හොඳින්ම පෙනුනා. (නි)
ඔබට දීර්ඝායු ලැබේවා! (නි)
මම නාලන්දා විදුහලට ඇතුළු වූයේ ඔබ තුමා එහි විදුහල්පති ලෙස වැඩ බාරගත් වසරේදීමයි. ඔබ තුමා නාලන්දාවේ සිසු විනය ඉහල නැංවූ අයුරු දැකීම මටද ලැබුණ මහඟු අත්දැකීමකි. ඔබෙන් අප ලැබූ ආදර්ශ අපමණයි. වසර කීපයකට ඉහතදී මගේ පන්තියේ සිසුන් හා එක්ව ඔබ ඇතුළු අපගේ ආචාර්ය මණ්ඩලයටත් තවත් වරකදී ඔබ වෙනුවෙන්මත් උපහාර දැක්වීමට හැකිවීම මගේ භාග්‍යයකි. ඔබට දීර්ඝායු ලැබේවා!(කෞ)
දේශපාලකයන් නැති නිසා කුඩා උත්සවයක් උනත් ඉතාමත් හරබරයි අලංකාරයි. ඔබතුමාට නිරෝගී දීර්ඝායුෂ එකසිතින් ප්‍රර්ථනා කරමි.! (ර)
මෙවන් මිනිසුන් ගැන අසන්න ලැබීමත් සතුටක්. (නි)
මමත් රාහුලේ විද්‍යා ගුරුවරයෙක්(කෞ)
පළමුව ඔබතුමාට නිරෝගී සුවයත්, දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. කිසිම දිනක දැක නොතිබුනත් ඔබතුමා ගැන අසා ඇති මා කොළඹට හුඟක් දුෂ්කර පළාතක. ඔබතුමාගෙන් සිප්සතර හැදැරූ සැමටත් ඔබතුමාටත් වාසනාවන්ත අනාගතයක්! (නි)
ඔබට දීර්ඝායුෂ පතමි කෝට්ටේ ආන්නද ශාස්ත්‍රාලයේ මම ඉගෙන ගන්න විට ඔබතුමා විදුහල්පති ඔබට තවත් දිගු කාලයක් නිරෝගිව ජිවත් වීමේ වාසනාව උදාවේවා (හේ)
ඔබතුමාගෙන් කෙටි කලකට හරි අපි ඉගෙනගන්නකොට රජයේ කලා හා කලාශිල්ප විද්‍යාලයේ ප්‍රධානියා වෙලා හිටියා. ඔබ විනය නගාසිටුවන්ට ලොකු වෙහෙසක් ගත් බව මට මතකයි. ඔබතුමාට දිගාසිරි පතමි. (නි)
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! (ර)
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! ජයවේවා මැතිඳුනි! (නි)
ඔබ සියළු දෙනාගේ සුභපැතුම් අගය කරනවා. එය මගේ ජීවිතයට තවත් දිරියක්. ඔබ සැමටත් සැප සහ ජය පතනවා. (ම)
මා නාලන්දාවට ඇතුල් වෙනකොට විදුහල්පතිව හිටියේ ගුණපාල වික්‍රමරත්න මහතායි . ඔබවැනි කාර්ය ශුර , බුද්ධිමත් , විශිෂ්ටයෙකුගේ පාලනය යටතේ අධ්‍යාපනය ලැබීම භාග්‍යයක් යයි සිතේ . (ර)
මෙවන් උත්තම මිනිසෙකු යටතේ දිනක් හෝ අකුරු කරන්න ලැබීම මාගේ ජීවිතයේ ලද භාග්‍යයක්. එතුමාට දීර්ඝායුෂ මෙන්ම නීරෝගී ජීවිතයක් පතමි.(හේ)
අපේ අතීත ගුරු දේවයාණන් සමඟ මේ අන්දමට හෝ සන්නිවේදනයක් කරගැනීමට අපහට ඉඩ සළසාදුන් ලංකාදීප පුවත්පතට අපගේ ස්තුතිය. හැකිනම් වික්‍රමරත්න මහතාගේ විද්‍යුත් ලිපිනය මෙහි පළ කළහොත් ඒ මහතා සමඟ සෘජුව සන්නිවේදනය කිරීමේ අවස්ථාවක් එතුමාගේ අතීත ගෝලයින් වන අපිට ලැබෙනවා. (නි)