(ගයාන් සූරියආරච්චි)

යුද සමයේ වළදමා තිබූ ටී 56 සහ ගුවන්යානා උණ්ඩ ඇතුළු උණ්ඩ 37,900 ක් මයිලඩි ප්‍රදේශයේ ඉඩමකින්   සොයාගැනීමට හැකිවූ ඇති බව පාලලි පොලිසිය පවසයි.

හුණුගල් කැණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයකුගේ වැඩබිමේ සිදුකළ කැණීමකදී ඩෝසර් යන්ත්‍රයට කිසියම් දෙයක් වැදී තිබිණි.

ඒ අනුව ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු එය කුමක්ද යන්න සොයා බැලීම සදහා එම ස්ථානය කැණීම් කර බැලීමේදී වළදමා තිබූ උණ්ඩ පෙට්ටියක් හමුවී තිබේ.