උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවකු සොයාගත් බව වනජීවි නිලධරයෝ කියති.
මෙම අලියා ලබාගත් ආකාරය ගැන පිළිගත් ලිපි ලේඛන ඉදිරිපත් කර නැතැයි ඔවුහු පවසති.
වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම අලි පැටවා සොයාගත් බව ඔවුහු කියති. නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම අවස්ථාවට පැමිණ වැටලීමට දායකවූ පශු වෛද්‍යවරයා ඇතුළු වනජීවි නිලධාරීන්ට තම ස්තූතිය පළ කළේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ පටන් අලි ඇතිකළේ ආඩම්බරකාර රදළයින් ඔවුන්ගේ බලය සහ අසාධාරන ධනය ප්‍රායෝගිකව පෙන්වන්න. ඊට මේ අහිංසක සත්තු දඩමීමා කරගත්තා. පසුකාලයේ රදළ පෙළපත සමාජයෙන් කොන් වී ගිය නිසා සතා සිවුපාවාත් වළවු වලින් එළියට පැන්නා (නි)
දැන් මේ ආණ්ඩුව කරන්නෙ ෆයිල් අරගෙන හතරවටේ යන එක විතරද මන්දා? අපි ඡන්දය දුන්නෙ වැඩක් කරන්න.හොරු අල්ලලා ඉවර වෙනකොට ඊළඟ ආණ්ඩුවත් එයි. (නි)
අනේ මන්දා අපේ හාමුදුරුවනේ! (නි)
පවු අලි පැටියා! (නි)
මේවා පන්සිල් වලට අයිති නැද්ද? දැන් හාමුදුරුවන්ට අනෙක් අයව පන්සිල් සමාදන් කරවන්න පුලුවන්ද ? (නි)
හරියට දන්නේ නැතුව අදහස් පළකරන සමහර අය ගැන දුකයි...... (නි)
රෙෂාන් , ඇලන් මැතිනියරාමය ශාසනයට පූජා කළේ ඇලන් නමැති බර්ගර් කාන්තාවක්. මම දන්නා විදියට ඇය මිලින්ද මොරගොඩගේ ආච්චි. මෙය ඉතා විශාල ඉඩමක්, ප්‍රකෝටි ගාණක් වටීවි.කොළඹ උසම තැන.මම ඉස්සර ඔය කිට්ටුව පදිංචි වී හිටියේ(දිල්)
මේවගේ දේවල් විතරයි අඩු වුණේ දැන් ඒකත් හරි (දිල්)
රන්ජිත් , අලි පැටව් පන්සලට ආවේ තනියෙන්ද ? (නදී)
මේ පුංචි පැටියට හෙණ්ඩුවකුත් තියාගෙන... (නි)
අලියට පන්සලේ ඉන්නත් තහනම්ද.? (ර)
මව් ඇතින්නගෙන් වෙන්වී අතරමං වූ ඇත් පැටවෙක් වෙන්න ඇති.(දිල්)
පහසුවෙන්ම දිව්‍යලෝකේ යන්න මාර්ගයක්වෙන්නත් පුළුවන් මේ ? (දිල්)
මෙච්චර පොඩි කාලේ අම්මාගෙන් වෙන්කළ එක අපරාධයක් (නි)
මේ ක්‍රියාව නම් වැරැදියි.(හේ)
උඩුවේ හිමියන් කලින් වැඩ හිටියේ වෙනත් තැනක අසපුවක් යයි හැඳින් වූ තැනක. මට මතකයි මේ පන්සලට වැඩම කරලා එතන කලින් වැඩ සිටි ස්වාමින් වහන්සේ සමගත් මොකද්දෝ ප්‍රශ්නයක් ඇති වුනා. දැන් මේ පන්සල දායකයන් නිවන් මගට යොමු කරන තැනක් ද නැත්නම් දේශපාලනීකරණය වු තැනක් ද කියන්න ඒ අවට උදවිය දන්නවා ඇති. (දිල්)
පවු! හරිම සුරතල් පැටියෙක් (නි)
අනේ! මේ සතුන්ට පාඩුවේ ඉන්න නොදී මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? (නි)
මේ ස්වාමින් වහන්සේට මම ගොඩක් ගෞරව කළා (නි)
දැන් ඉතින් මොනවා වෙයිද? (නි)
ඇයි ප්‍රියානි, අලි සාමාන්‍යනෙන් ඉන්නේ පන්සල්වලද? (නදී)
මෙය ඉතාම පවු සිද්ධවෙන වැඩක්. අලි පැටියෙක් මව සමඟ අවුරුදු 4ක කාලයක් සිටිනවා.එමෙන්ම ඔවුන් කල්ගත කරන්නේ ඔවුන්ගේ රැළ සමඟ. කිරි දරුවෙක් මවගෙන් ගළවාගෙන මිනිසුන් අතරට ගෙනඒම පාපයක්. (නි)
වරදක් කර ඇත්නම් නීතියෙන් උපරිම දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම කළයුතුයි. (නි)
අනේ ඉතින් කැලේ ඉන්නකොට දුකයිනේ. සැපසම්පත් දෙන්නයි පන්සලට ගෙනවිත් තියෙන්නෙ. (නි)
මොකක්ද බලමු මේ අළුත් ආරංචිය? (නි)
හාමුදුරුවනේ, මව් සෙනෙහස ලැබියයුතු කිරි කැටියෙක් නේද? ඔබ වහන්සේට පූජා කළා නම් ඇයි බාරගත්තේ? (නි)
මේවා වැරදි වැඩ. කැලේ ඉන්න සතුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික උවමනා වලට යොදාගන්න එක කැත වැඩක්. (නි)
පන්සල් වල අලි ඇතුන් ඉන්නේ අද ඊයේ සිට නොවේ. (නි)
දැන් හැමතැනම අලි පැටවු. අනේ මන්දා! (නි)
තව සෝදිසි කරලා බලන්න තව මොනවා තියෙනවද දන්නේ නෑනේ (දිල්)
මේ වගේ නාගරික පන්සල් වල ඉඩකඩ නැතුව මෙහෙම අලින්ට හැදෙන්න පුලුවන්ද ? (නි)
ගංගා, ඔබ තුමී දන්නවද වැවක් පිළිසකර කරනකොට ඒකෙ තියන කුණු රොඩු මුලින්ම අයින් කරන්න ඕනේ කියලා. (ර)
මේක නම් පුදුම අලි ප්‍රශ්නයක් ?(දිල්)
අයියෝ! අපේ හාමුදුරුවනේ, මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
හරි අමුතු නමක්නේ පන්සලට දාලා තියෙන්නේ. (නි)
අලිත් තියාගෙනද? අනේ දෙවියනේ! (නි)
මේ ගැන මොකද හෙළ උරුමය කියන්නේ? (නි)
ලංකාවේ පන්සල් වල අලි කොච්චර ඉන්නවද? මොකද උඩුවේ හාමුදුරුවන්ගේම අලි පැටියා ගැන පැමිණිලි? (නි)