IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උඩුවේ හිමි ළඟ අලි පැටියෙක්

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩ වසන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ අවුරුදු දෙකක් පමණ වයසැති අලි පැටවකු සොයාගත් බව වනජීවි නිලධරයෝ කියති.

මෙම අලියා ලබාගත් ආකාරය ගැන පිළිගත් ලිපි ලේඛන ඉදිරිපත් කර නැතැයි ඔවුහු පවසති.

වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම අලි පැටවා සොයාගත් බව ඔවුහු කියති. නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙම අවස්ථාවට පැමිණ වැටලීමට දායකවූ පශු වෛද්‍යවරයා ඇතුළු වනජීවි නිලධාරීන්ට තම ස්තූතිය පළ කළේය.

RDS_1034 RDS_1035 RDS_1051 RDS_1062

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

උඩුවේ හිමි ළඟ අලි පැටියෙක්

බණ්ඩාර කුවේට් Thursday, 29 January 2015 03:58 AM

අතීතයේ පටන් අලි ඇතිකළේ ආඩම්බරකාර රදළයින් ඔවුන්ගේ බලය සහ අසාධාරන ධනය ප්‍රායෝගිකව පෙන්වන්න. ඊට මේ අහිංසක සත්තු දඩමීමා කරගත්තා. පසුකාලයේ රදළ පෙළපත සමාජයෙන් කොන් වී ගිය නිසා සතා සිවුපාවාත් වළවු වලින් එළියට පැන්නා (නි)

:       0       0

ගංගා Thursday, 29 January 2015 04:04 AM

දැන් මේ ආණ්ඩුව කරන්නෙ ෆයිල් අරගෙන හතරවටේ යන එක විතරද මන්දා? අපි ඡන්දය දුන්නෙ වැඩක් කරන්න.හොරු අල්ලලා ඉවර වෙනකොට ඊළඟ ආණ්ඩුවත් එයි. (නි)

:       0       0

කල්හාර Thursday, 29 January 2015 04:05 AM

අනේ මන්දා අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

විජේදාස Thursday, 29 January 2015 04:05 AM

පවු අලි පැටියා! (නි)

:       0       0

පතිරණ Thursday, 29 January 2015 04:24 AM

මේවා පන්සිල් වලට අයිති නැද්ද? දැන් හාමුදුරුවන්ට අනෙක් අයව පන්සිල් සමාදන් කරවන්න පුලුවන්ද ? (නි)

:       0       0

කුමාර Thursday, 29 January 2015 04:41 AM

හරියට දන්නේ නැතුව අදහස් පළකරන සමහර අය ගැන දුකයි...... (නි)

:       0       0

පෙරේරා Thursday, 29 January 2015 04:54 AM

රෙෂාන් , ඇලන් මැතිනියරාමය ශාසනයට පූජා කළේ ඇලන් නමැති බර්ගර් කාන්තාවක්. මම දන්නා විදියට ඇය මිලින්ද මොරගොඩගේ ආච්චි. මෙය ඉතා විශාල ඉඩමක්, ප්‍රකෝටි ගාණක් වටීවි.කොළඹ උසම තැන.මම ඉස්සර ඔය කිට්ටුව පදිංචි වී හිටියේ(දිල්)

:       0       0

කල්ප Thursday, 29 January 2015 05:31 AM

මේවගේ දේවල් විතරයි අඩු වුණේ දැන් ඒකත් හරි (දිල්)

:       0       0

සමන්ති Thursday, 29 January 2015 10:55 PM

රන්ජිත් , අලි පැටව් පන්සලට ආවේ තනියෙන්ද ? (නදී)

:       0       0

අරුණ Wednesday, 28 January 2015 03:16 PM

මේ පුංචි පැටියට හෙණ්ඩුවකුත් තියාගෙන... (නි)

:       0       0

ප්‍රියානි වීරකෝන් Thursday, 29 January 2015 07:01 AM

අලියට පන්සලේ ඉන්නත් තහනම්ද.? (ර)

:       0       0

රොබින් Wednesday, 28 January 2015 03:35 PM

මව් ඇතින්නගෙන් වෙන්වී අතරමං වූ ඇත් පැටවෙක් වෙන්න ඇති.(දිල්)

:       0       0

නිර්මාල් Wednesday, 28 January 2015 03:52 PM

පහසුවෙන්ම දිව්‍යලෝකේ යන්න මාර්ගයක්වෙන්නත් පුළුවන් මේ ? (දිල්)

:       0       0

පියල් Wednesday, 28 January 2015 04:17 PM

මෙච්චර පොඩි කාලේ අම්මාගෙන් වෙන්කළ එක අපරාධයක් (නි)

:       0       0

සමීර Thursday, 29 January 2015 07:45 AM

මේ ක්‍රියාව නම් වැරැදියි.(හේ)

:       0       0

දිලාන් Thursday, 29 January 2015 07:51 AM

උඩුවේ හිමියන් කලින් වැඩ හිටියේ වෙනත් තැනක අසපුවක් යයි හැඳින් වූ තැනක. මට මතකයි මේ පන්සලට වැඩම කරලා එතන කලින් වැඩ සිටි ස්වාමින් වහන්සේ සමගත් මොකද්දෝ ප්‍රශ්නයක් ඇති වුනා. දැන් මේ පන්සල දායකයන් නිවන් මගට යොමු කරන තැනක් ද නැත්නම් දේශපාලනීකරණය වු තැනක් ද කියන්න ඒ අවට උදවිය දන්නවා ඇති. (දිල්)

:       0       0

වාසනා Wednesday, 28 January 2015 06:35 PM

පවු! හරිම සුරතල් පැටියෙක් (නි)

:       0       0

අවංක Wednesday, 28 January 2015 06:51 PM

අනේ! මේ සතුන්ට පාඩුවේ ඉන්න නොදී මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

රුමින්ද Wednesday, 28 January 2015 08:46 PM

මේ ස්වාමින් වහන්සේට මම ගොඩක් ගෞරව කළා (නි)

:       0       0

ලියනආරච්චි Wednesday, 28 January 2015 09:13 PM

දැන් ඉතින් මොනවා වෙයිද? (නි)

:       0       0

පෙරේරා Thursday, 29 January 2015 08:38 AM

ඇයි ප්‍රියානි, අලි සාමාන්‍යනෙන් ඉන්නේ පන්සල්වලද? (නදී)

:       0       0

අමරේ Wednesday, 28 January 2015 09:42 PM

මෙය ඉතාම පවු සිද්ධවෙන වැඩක්. අලි පැටියෙක් මව සමඟ අවුරුදු 4ක කාලයක් සිටිනවා.එමෙන්ම ඔවුන් කල්ගත කරන්නේ ඔවුන්ගේ රැළ සමඟ. කිරි දරුවෙක් මවගෙන් ගළවාගෙන මිනිසුන් අතරට ගෙනඒම පාපයක්. (නි)

:       0       0

කසුන් Wednesday, 28 January 2015 09:51 PM

වරදක් කර ඇත්නම් නීතියෙන් උපරිම දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම කළයුතුයි. (නි)

:       0       0

ජයසිංහ Thursday, 29 January 2015 12:58 AM

අනේ ඉතින් කැලේ ඉන්නකොට දුකයිනේ. සැපසම්පත් දෙන්නයි පන්සලට ගෙනවිත් තියෙන්නෙ. (නි)

:       0       0

විදුරන්ග Thursday, 29 January 2015 01:07 AM

මොකක්ද බලමු මේ අළුත් ආරංචිය? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 29 January 2015 01:12 AM

හාමුදුරුවනේ, මව් සෙනෙහස ලැබියයුතු කිරි කැටියෙක් නේද? ඔබ වහන්සේට පූජා කළා නම් ඇයි බාරගත්තේ? (නි)

:       0       0

නුවන් Thursday, 29 January 2015 01:26 AM

මේවා වැරදි වැඩ. කැලේ ඉන්න සතුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික උවමනා වලට යොදාගන්න එක කැත වැඩක්. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Thursday, 29 January 2015 01:39 AM

පන්සල් වල අලි ඇතුන් ඉන්නේ අද ඊයේ සිට නොවේ. (නි)

:       0       0

වීරසිංහ Thursday, 29 January 2015 01:44 AM

දැන් හැමතැනම අලි පැටවු. අනේ මන්දා! (නි)

:       0       0

සඳරුවන් Thursday, 29 January 2015 09:01 AM

තව සෝදිසි කරලා බලන්න තව මොනවා තියෙනවද දන්නේ නෑනේ (දිල්)

:       0       0

සමන්ත Thursday, 29 January 2015 02:09 AM

මේ වගේ නාගරික පන්සල් වල ඉඩකඩ නැතුව මෙහෙම අලින්ට හැදෙන්න පුලුවන්ද ? (නි)

:       0       0

සංඛ සිල්වා Thursday, 29 January 2015 09:36 AM

ගංගා, ඔබ තුමී දන්නවද වැවක් පිළිසකර කරනකොට ඒකෙ තියන කුණු රොඩු මුලින්ම අයින් කරන්න ඕනේ කියලා. (ර)

:       0       0

අබේ ටෝකියෝ Thursday, 29 January 2015 02:44 PM

මේක නම් පුදුම අලි ප්‍රශ්නයක් ?(දිල්)

:       0       0

විරරත්න Thursday, 29 January 2015 03:04 AM

අයියෝ! අපේ හාමුදුරුවනේ, මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

රෙෂාන් Thursday, 29 January 2015 03:27 AM

හරි අමුතු නමක්නේ පන්සලට දාලා තියෙන්නේ. (නි)

:       0       0

වින්දන Thursday, 29 January 2015 03:29 AM

අලිත් තියාගෙනද? අනේ දෙවියනේ! (නි)

:       0       0

දිනේෂ් Thursday, 29 January 2015 03:32 AM

මේ ගැන මොකද හෙළ උරුමය කියන්නේ? (නි)

:       0       0

රන්ජිත් Thursday, 29 January 2015 03:50 AM

ලංකාවේ පන්සල් වල අලි කොච්චර ඉන්නවද? මොකද උඩුවේ හාමුදුරුවන්ගේම අලි පැටියා ගැන පැමිණිලි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 113 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site