ලියාපදිංචි නොකළ අලි පැටියෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවට අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගය ඉල්ලා උඩුවේ ධම්මාලෝක හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (29) උන්වහන්සේම ඉල්ලා අස් කර ගැනිණි.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.
ධම්මාලොක් හිමියන් මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන්ව ඇති බවත් පෙත්සම පවත්වාගෙන යෑමේ පදනමක් හා අවශ්‍යතාවයක් නැති බව පවසමින් පෙත්සම්කාර උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සම්පත් හේවාවිතාරණ මහතා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේස්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් අවසර ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම් ඉවත් කර ගැනීමට අධිකරණය විසින් අවසර දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ මිට පස්සේ අලියෙක් දාල ගියොත් එහෙම මට කියන්න. (බ)
ලෙස්ලි - අමාරු ප්‍රශ්න අහන්න එපා! (බ)
උන් වහන්සේ වදාරලා තිබුන තමන් වහන්සේ ඇප අයදුම්පතක් ඉදිරිපත් නොකළ බවත්, නමුත් උසාවියෙන් ඇප ලබා දුන් බවත්. මං මේ ඇහුවමයි ඉල්ලන්නෙත් නැතුව ඇප ලබාදෙන උසාවි අපේ ශ්‍රී ලංකාවේ තියෙනවා කියල. හැබැයි, වෙන්න බැරිත් නෑ, සමහර නඩුකාර හාමුදුරුවරු කරන දේවල් අනුව බැලුවහම. (බ)
උඩුවේ හිමි දන්නවනේ කළ අලි සෙල්ලම මොකක්ද කියල. (බ)
රජ දවස බොහොම සිල්වත් හාමුදුරුවරු අද දවස ටයිල් කරපු පන්සල් සැප වාහන මොබයිල් දුරකතන මෙකි නොකි සැප නැතිවම බැරි සගරැවන (බ)
කළ යුත්තේ හැකි ඉක්මනින් මෙම හිමියන්ව බුදුදහමට සම්බන්ධ කරගැනීමයි. මෙවැනි හිමිවරු බොහොයි (බ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නි)
මොකද මේ හදිසියේම වුණේ? (නි)
ඇප නොඉල්ලා ඇප දෙන එකත් මම අහපු පළමු අවස්ථාව. (නි)
ඔබ වහන්සේට සෙත්වේවා! (නි)
අපේ හාමුදුරුවෝ බයවෙලාද? (නි)
මේ බුදු වදන අමතක කරන්න එපා හාමුදුරුවනේ. සුන්නාගාර ගතෝවා රුක්කමුල ගතෝවා , නිසිධති පල්ලන්කන් . මෙය දේශනා කළේ වසර 2550 කට පෙර. (බ)
එහෙනම් ඒ පෙත්සමත් අපේ හාමුදුරුවෝ නිෂ්ක්‍රීය කළා.(බ)
මොකද හාමුදුරුවනේ හිටී ගමන් "රිවස් ගියර්" එකට දැම්මේ? (නි)
ධර්මය රකින්නා ධර්මය විසින් රකී කියනු විනා අපි වෙන මොනවා කියන්නද? (නි)
ගිහිගෙය අතහැරිමුත් අලින්ට ඇති තණ්හාව කුමක්ද? (නි)
ජයතු, ඔයා බෙහෙත් බොන්න. මේ අවුරුදු 2500 ගණනකට පෙර තිබු සමාජය නොවේ. (නි)
මේවා නම් මහ පුදුම අපබ්‍රංස. අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කරනවා. ඉන්පසු අත්අඩංගුවටත් ගෙන නිදහස් කළාටත් පසු පෙත්සම විභාග කරනවා. තවත් මොනවද මේ පෙත්සමේ ඉල්ලා අස්කරගන්න තියෙන්නෙ. (නි)