IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උඩුවේ හිමි පෙත්සම අස්කර ගනී

ලියාපදිංචි නොකළ අලි පැටියෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවට අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගය ඉල්ලා උඩුවේ ධම්මාලෝක හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (29) උන්වහන්සේම ඉල්ලා අස් කර ගැනිණි.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ සිසිර ද ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි.

ධම්මාලොක් හිමියන් මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන්ව ඇති බවත් පෙත්සම පවත්වාගෙන යෑමේ පදනමක් හා අවශ්‍යතාවයක් නැති බව පවසමින් පෙත්සම්කාර උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සම්පත් හේවාවිතාරණ මහතා මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේස්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් අවසර ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම් ඉවත් කර ගැනීමට අධිකරණය විසින් අවසර දෙන ලදී.



අදහස් (0)

උඩුවේ හිමි පෙත්සම අස්කර ගනී

ලක්විදු Tuesday, 29 March 2016 01:33 PM

හාමුදුරුවනේ මිට පස්සේ අලියෙක් දාල ගියොත් එහෙම මට කියන්න. (බ)

:       0       0

උපාලි Wednesday, 30 March 2016 03:40 AM

ලෙස්ලි - අමාරු ප්‍රශ්න අහන්න එපා! (බ)

:       0       0

උපාලි Tuesday, 29 March 2016 02:23 PM

උන් වහන්සේ වදාරලා තිබුන තමන් වහන්සේ ඇප අයදුම්පතක් ඉදිරිපත් නොකළ බවත්, නමුත් උසාවියෙන් ඇප ලබා දුන් බවත්. මං මේ ඇහුවමයි ඉල්ලන්නෙත් නැතුව ඇප ලබාදෙන උසාවි අපේ ශ්‍රී ලංකාවේ තියෙනවා කියල. හැබැයි, වෙන්න බැරිත් නෑ, සමහර නඩුකාර හාමුදුරුවරු කරන දේවල් අනුව බැලුවහම. (බ)

:       0       0

සංජය Tuesday, 29 March 2016 02:27 PM

උඩුවේ හිමි දන්නවනේ කළ අලි සෙල්ලම මොකක්ද කියල. (බ)

:       0       0

ජයතු Tuesday, 29 March 2016 02:30 PM

රජ දවස බොහොම සිල්වත් හාමුදුරුවරු අද දවස ටයිල් කරපු පන්සල් සැප වාහන මොබයිල් දුරකතන මෙකි නොකි සැප නැතිවම බැරි සගරැවන (බ)

:       0       0

සරත් හෙට්ටිආරච්චි පැරිස් Wednesday, 30 March 2016 06:04 AM

කළ යුත්තේ හැකි ඉක්මනින් මෙම හිමියන්ව බුදුදහමට සම්බන්ධ කරගැනීමයි. මෙවැනි හිමිවරු බොහොයි (බ)

:       0       0

රෙක්ස් Wednesday, 30 March 2016 06:24 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නි)

:       0       0

උපසේන Wednesday, 30 March 2016 06:24 AM

මොකද මේ හදිසියේම වුණේ? (නි)

:       0       0

සෞදි සරත් Wednesday, 30 March 2016 06:28 AM

ඇප නොඉල්ලා ඇප දෙන එකත් මම අහපු පළමු අවස්ථාව. (නි)

:       0       0

සරත් Wednesday, 30 March 2016 06:29 AM

ඔබ වහන්සේට සෙත්වේවා! (නි)

:       0       0

පාලිත Wednesday, 30 March 2016 06:42 AM

අපේ හාමුදුරුවෝ බයවෙලාද? (නි)

:       0       0

විද්‍යා Tuesday, 29 March 2016 04:55 PM

මේ බුදු වදන අමතක කරන්න එපා හාමුදුරුවනේ. සුන්නාගාර ගතෝවා රුක්කමුල ගතෝවා , නිසිධති පල්ලන්කන් . මෙය දේශනා කළේ වසර 2550 කට පෙර. (බ)

:       0       0

නන්ද Tuesday, 29 March 2016 05:08 PM

එහෙනම් ඒ පෙත්සමත් අපේ හාමුදුරුවෝ නිෂ්ක්‍රීය කළා.(බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 10:59 PM

මොකද හාමුදුරුවනේ හිටී ගමන් "රිවස් ගියර්" එකට දැම්මේ? (නි)

:       0       0

රාධා Wednesday, 30 March 2016 12:44 AM

ධර්මය රකින්නා ධර්මය විසින් රකී කියනු විනා අපි වෙන මොනවා කියන්නද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 30 March 2016 12:47 AM

ගිහිගෙය අතහැරිමුත් අලින්ට ඇති තණ්හාව කුමක්ද? (නි)

:       0       0

මාලිංග උදලාගම Tuesday, 29 March 2016 06:45 PM

ජයතු, ඔයා බෙහෙත් බොන්න. මේ අවුරුදු 2500 ගණනකට පෙර තිබු සමාජය නොවේ. (නි)

:       0       0

ජයරත්න Tuesday, 29 March 2016 12:05 PM

මේවා නම් මහ පුදුම අපබ්‍රංස. අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කරනවා. ඉන්පසු අත්අඩංගුවටත් ගෙන නිදහස් කළාටත් පසු පෙත්සම විභාග කරනවා. තවත් මොනවද මේ පෙත්සමේ ඉල්ලා අස්කරගන්න තියෙන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site