අලි පැටියකු ඇලන් මැතිනියාරාමයේ රඳවාගෙන සිටියේයැයි පොදු දේපොළ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු 16 සහ 17 දෙදිනේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිෂ්ෂංඛ බන්දුල කරුණාරත්න මහතා අද නියෝග කළේය.
මෙම නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබුණත් පැමිණිල්ලේ පළමු සාක්කිකරු වන හිටපු නියෝජ්‍ය වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත.
නඩුවේ විත්තිකාර ධම්මාලෝක හිමි අධිකරණයට පැමිණ සිටියේය.
පැමිණිල්ලේ පළමු වැනි සාක්කිකරු නොමැති වීම නිසා ඔහුට යළි සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව මාර්තු 16, 17 විභාග කිරීමට තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්තුවෙන් පසු දෙසැම්බර්වලට නඩුව කල් යනු ඇති. ඉන්පසු නිදහස් ජයවේවා (බ)
ඔය නඩුවේ තීන්දුව මොන වගේ වේවිද කියා අපි ට අනුමානයෙන් හිතා ගන්න පුළුවන්. (ම)
‘අලි පැටියෙකු ඇලන් මැතිනියාරාමයේ රඳවාගෙන සිටීම‘ නොවෙයි මෙතන තියන චෝදනාව , නීතිවිරෝධී ලෙස සැකසු බලපත්‍රයක් යටතේ, කොහෙන් ලැබුනාද කියා නීතිය ඉදිරියේ තහවුරු කළ නොහැකි වූ අලි පැටියෙකු රඳවාගෙන සිටීමයි (බ)
‘අලි වැඩ‘ කරන්න ගියාම ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. (නි)
මේ අලි පැටියා හාමුදුරුවොත් එක්ක හිටපු විදියට ඒ දෙන්නව වෙන්කරන එක පවු. දැනටමත් එයාගේ අම්මගෙන් එයාව වෙන්කරලා තියෙන්නේ. දෙවෙනි පාරටත් මෙහෙම දෙයක් වෙන එක පවු (නි)