
(මහින්ද නිශ්ශංක)
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලි පැනීමට ලක් වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (6) අලුයම පීලි ගත කර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ඊයේ (5) පස්වරුවේ ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 9.30 ට පමණ පීලි පැනීම සිදු වූ බව ද පාලක මැදිරිය කියයි.
ඒ අනුව අද අළුයම සිට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යථා තත්වයට පත්වෙලා කියන්නේ පීලි පැනීම් දිගින් දිගටම සිදුවෙනවා කියන එකද?