(සුජිත් හේවාජුලිගේ)
මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා ඇතැයි කියන සිද්ධියක් වාර්තාවේ.
ඔහු මෙම මත්පැන් බලපත්‍ර දෙක ලබාගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ වෙන බවට පොරොන්දුවක් දෙමින් යැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පසු දිගන ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ නමක එම මත්පැන් බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කැඳවා ඒ ගැන විමසා ඇති අවස්ථාවේදී එම බලපත්‍ර දෙක ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුන් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවසේ.
අනතුරුව එම නායක ස්වාමීන් වහන්සේ සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඒ ගැන පැමිණිලි කර ඇත.
ආණ්ඩුව මැතිවරණයේදී සහාය ලබා ගැනීමට මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට මත්පැන් බලපත්‍ර දෙසීයක් ලබාදී ඇතැයි පසුගිය දිනවල ලොකු කතා බහක් ඇතිවිය.
විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදීද පසුගිය දිනවල ඒ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කළහ. තමා බලයට පත්වූ පසු එසේ ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල අහෝසි කරන බව විපක්‍ෂනායකවරයා එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට නේද රට හදන්න පළපුරුද්ද තියෙනවා කියන්නෙ?
රනිල් ල වජිරලා අපහු සුපුරුදු සෙල්ලම් පටන් අරන් වගේ , බලයේ රැදී සිටින්න කරන්න පුළුවන් හැම තක්කඩි වැඩක් ම කරන මොවුන් හදන රටක් නොමැති බව දැන් වත් මහජනයා තේරුම් ගත යුතුයි
මන්ත්‍රීන්ගේ ඡන්දයකට ඒ බාර් වලින් බෝතල් ගත්තහැකි
රනිල් එක්ක පසුගිය දවස්වල රට සංචාර ගියේ මන්ද?
ආණ්ඩුවෙන් ලබාදෙන අල්ලස් නීත්‍යානුකූල ද? අල්ලස් කොමිසම නඩු පැවරිය යුතුය.
මේ දෙපත්තේම ඉන්න එවුන් රට අහයි කියලා හිතෙනවා නම් මොලේ ලොකු අවුලක් තියනවා
සජිත් ඕවා අවලංගු කරන්නේ එයාගෙ අයට දෙන්න. හිතනවාද වටේ ඉන්න ගෝල බාලයින් දිහා බැලුවාම සජිත්ට එහෙම කරන්න පුලුවන් වෙයි කියලා? කිරිඇල්ලලා, සුජීවලා එහෙම කළා කියලා හීනෙන්වත් හිතන්න එපා...!