(සුමතිපාල දීයගහගේ)
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රිය අද (25) හැටන් දුම්රිය ස්ථානය පසුකර කිලෝ මීටරයක් පමණ ධාවනය කරමින් තිබියදි මැදිරිවලින් එන්ජිම වෙන් වී ගොස් තිබේ.
එන්ජිම අඩි පනහක් පමණ ඉදිරියට ගොස් නතරවී තිබේ.ඉන් දුම්රිය මගීන් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත.
පසුව දුම්රිය කාර්මික නිලධාරින් පැමිණ වෙන්වු එන්ජිම සහ මැදිරි සමග සම්බන්ධ කර ආපසු හැටන් දුම්රිය ස්ථානය වෙත ධාවනය කරවා එහිදි මගීන් වෙනත් දුම්රියකින් නැවත බදුල්ල බලා පිටත් කරවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බාලවර්ගයේ ඒවාද? එහෙම නැත්නම් සේවකයන්ගේ දුර්වලතාවයක්ද?
මෙවැනි වැඩ බොහෝදුරට සිදුවන්නේ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලය. මේවට හේතු බොහෝදුරට සේවකයන්ගේ නොසැලකිල්ලයි. මේවා ගැන සොයන්න විනය පරීක්ෂණ තියන්න ගියොත් මුළු දුම්රිය සේවයම වැඩ වර්ජන කරන්න පටන් ගනිවී... කන්දක් මුදුනකදී මේ වැඩේ වුනානම් දහස් ගණනකගේ ජිවිත අනතුරේ...
උඩරට මැණිකෙට අපහස කරන්න එපා.
අයියෝ සල්ලි...කොච්චර දුර්වලව සේවකයන් වැඩ කරනවාද ?
අපේ රටේ නායකයන්ගේ ක්රියා පිළිවෙතටම දැන් යන්ත්ර සූත්රත් අනුගමනය කරන්න පුරුදු වෙලා...
මේවගේ දේවල් ලංකාවේ බහුලව වෙන්නේ රියදුරන්ගේ අවබෝධයක් නැතිකමද? මැදිරි වෙන්වුණා නම් එන්ජිමේ බලයේ වෙනසක් වෙනවනේ....
ලුසේනා, ඔයාගේ ගණිත දැනුම සහ තාක්ෂණික දැනුම හරිම දුර්වලයි. එන්ජිම අඩි පනහක් ඇතුළත නවතාගෙන. එය සාධාරණ දුරක්. හරියට කියවන්න.
එන්ජිම නැතිව දාවනය කරන්න පුළුවන් පල්ලමේ කන්දක නම් අමාරු වැඩක් එන්ජිමේ බලේ වෙනස බලන්න උන්ද ඇහැරගෙන ඉන්න එපාය
දැන් ඔහොම කියක් උනාද, කෝ තම එකක්වත් හරියට පරීක්ෂණ කරද? අහිංසක මිනිස්සුන්ට යන්න තියෙන්නේ මෙච්චරයි, එකත් මේවගේ කරලා දාන්නද හදන්නේ.