(ශාන්ත චන්ද්‍රසිරි   )

2024 වසරේ ගෙවීගිය මාස හයක කාලය  තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්ල පසුගිය ජුනි මස පමණක් හතරවතාවක්  දුම්රිය පීලි  පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.

ගලබඩ හා ඉඟුරුඔය අතරදී පසුගිය (30) අලුයම බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක් වූ බවත්ල මෙසේ නිරන්තරයෙන් උඩරට දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය පීලී  පැනීම් හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට හා විවිධ අපහසුතාවන් මුහුණදෙන  බව  උඩරට දුම්රිය මගීහු චෝදනා කරති.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි   පැනීමට ලක්වුවහොත් විශාල දුරක් දැඩි අපහසුතා මැද බස් රථ ලබා ගැනීමට පා ගමනින් යාමට සිදුවන බවත්ල රැගෙන යන ගමන් මලු හා විවිධ බඩු භාහිරාදිය රැගෙන යාමේදී  දැඩි දුෂ්කරතාවන්ට හා විවිධ අපහසුතාවන්ට ලක්වන බවද ඔවුහු කියති.

උඩරට දුම්රිය මාර්ගය නිසි පරිදි නඩත්තු කොට දුම්රිය පීලී  පැනීමට ඇති ඉඩකඩ අසුරා දුම්රිය මගීන්ට අපහසුතාවන්ට ලක් නොවන ආකාරයට දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දුම්රිය මගීහු වගකියයුතු අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටිති.