IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල  හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් අද (18) උදෑසන එම දුම්රියන් දෙකම අතරමග ඇණහිටිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය බාධා සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා අලුයම 5.50 ට ගමන් ආරම්භ කළ අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රිය බදුල්ල සහ හාලිඇල දුම්රිය ස්ථාන අතර අතරමගදී එහි එන්ජිමේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් ඇණහිටයේය.

පසුව එම දුම්රියේ අනික්  එන්ජිම මගින් දුම්රිය යලි බදුල්ල දුම්රිය ස්ථානය කරා ධාවනය කර කාර්මික දෝශයකට ලක්ව තිබූ දුම්රිය එන්ජිම පිළිසකර කර යලි බදුල්ල දුම්රිය ස්ථානයෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් අනතුරුව අංක 1016 දරන  උඩරටමැණිකේ දුම්රිය පෙරවරු 7.57. ට කොළඹ කොටුව බලා ධාවනය වූ බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර නානුඔය දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.00ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රියේ එන්ජිම උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී හදිසි කාර්මික දෝශයකට ලක්ව දුම්රිය අතරමග ඇණහිටි බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

පසුව එම දුම්රිය යලි පිළීසකර කර ප්‍රමාද වී කොළඹ කොටුව බලා ධාවනය කල බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයකු සඳහන් කළේය.



අදහස් (0)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site