IMG-LOGO

උඩින් වැටුණු රෝදයේ තව කෑල්ලක් සොයාගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයට ගුවන් ටයරය වැටුණු ස්ථානයේ සිට මීටර් 60ක් දුරින් එහි ලෝහ රාමුවේ කොටසක් සොයාගත් බව මිල්ලනිය පොලිසිය කියයි. තවත් කොටස් ඇත්දැයි අධිවේගී මාර්ග පොලිසිය සමග ඉරිදා මෙහෙයුමක් අරඹන බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

උඩින් වැටුණු රෝදයේ තව කෑල්ලක් සොයාගනී

දොන් රොෂාන් ද සොයිසා Sunday, 15 June 2014 02:03 AM

විහිලු! (දී)

:       0       0

ප්‍රනීත් Sunday, 15 June 2014 03:07 AM

ලෝකේ ඕන රටක අදිවේගී සීමා තියෙනවා. අනික අපේ රටේ වාහන සහ රියදුරන්ගේ හැකියාව සහ මාර්ග වල පුළුල් බව මත තම වේග සීමා තියෙන්නේ . රෙදි නැතුව කඩේ යන්න එපා . (දී)

:       0       0

bimal Sunday, 15 June 2014 04:49 AM

බන්දුල දඩ කොළ කැඩෙනවා නේන්නම් ..ඊට පසුව වෙන දේවල් නිසා දැන් කැඩෙන්නේ සාමාන්‍ය රියදුරන්ට විතරයි. හැමදාම කියවන්නේ නීතියක් තියන නිසා තමා මෙහෙම වෙන්නේ අරහෙම වෙන්නේ කියලා, . ඊට පසුව සමහරු බොහොම පහසුවෙන් ගැලවී යන්නේ කොහොමද කියලා කියන්නකෝ. බලපත්‍ර නැතිව රිය පදවා ජීවිත හානි කලාම ලක්ෂයක් දීල ඇඟ බේරා ගන්න පුළුවන් නේ. ඇත්තම තමා නීතියක් තියන නිසානේ එහෙම හරි දඩයක් ගැහුවේ... නැද්ද බන්දුල ??? (දී)

:       0       0

ජයන්ත Sunday, 15 June 2014 04:53 AM

ලෙඩේ තියෙන්නේ බන්දුල ඔබ තුමාට . බිමල් කිව්වේ සමහර බලවතුන් ගේ වේගය ගැන විතරයි . ඔබ මොකද මේ පස්ස කැඩුන කඩියා වගේ දඟලන්නේ ? හැමෝම දන්නවා නීතිය තිබුනා ට ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමය මොකද්ද කියලා. (දී)

:       0       0

චන්න Sunday, 15 June 2014 04:55 AM

බන්දුල මහතාගේ කඩේ යන මල්ලෙයි අධිවේග ධාවන කටයුතු වලයි දෙකේම හිල් !!

:       0       0

ලලිත් Sunday, 15 June 2014 05:04 AM

හරියට හරි බන්දුල ගේ බළලා මල්ලෙන් එලියට පැන්නේ. අධිවේගය තියෙන්නේ අසවලුන්ට හැටට හැටේ යන්න තමා . දඩ කොලය ගැහුවාට ලැබුන ප්‍රතිපලත් දැක්කානේ. (දී)

:       0       0

ලසිත් Sunday, 15 June 2014 05:06 AM

හා හා අපේ බන්දුල තුමාට මොනවත් කියන්න එපා. මස් මාළු කෑල්ලක් වත් කන්නේ නැතිව සිල් රෙද්ද පොරවාගෙන සන්සුන් ගමනින් අධි වේගයේ මේ ලතාවකට පා තබන්නේ එතුමා නේද ? (දී)

:       0       0

හේමා Sunday, 15 June 2014 05:10 AM

මේ අධිවේගයට උඩින් වැටුන රෝදය ගැන පලකල අදහස් ගැන බන්දුල මේ තරම් දඟලන්නේ රෝද අබලන් යානාවේ ගියේ එයා වෙන්න ඇති. (දී)

:       0       0

පාලිත Sunday, 15 June 2014 05:15 AM

බන්දුල නැගලා ඉන්නෙත් අබලන් ගුවන් යානයක . ආවඩමින් ඉඳලා දැන් ඉතිරි රෝදෙත් ගැලවුන දවසට තමා ප්‍රශස්ති ගීතය නවතින්නේ. (දී)

:       0       0

ටෙනී Sunday, 15 June 2014 05:17 AM

මට පෙන්නේ බන්දුලගේ රෝද ගැලවිලා අධිවේගයට වැටිලා ද කොහෙද (දී)

:       0       0

ගයානි Sunday, 15 June 2014 05:22 AM

අපේ ගුවන් සේවා යානාවල රෝද වල තත්ත්වය ගැනත් සොයාබැලිය යුතුයි (නි)

:       0       0

දර්ශන Sunday, 15 June 2014 07:01 AM

බන්දුල, ලෝකේ හැම රටකම අධි වේගී මාර්ගවල වේග සිමාවන් තියෙනවා. ඔයා අධි වේග මාර්ග ගැන දන්නා තරම රටටම පෙන්නනවා. (ස)

:       0       0

මල්ලි Sunday, 15 June 2014 07:18 AM

බන්දුල පෙරේරා ඉන්නෙ පොලිසියෙද (දී)

:       0       0

දිසානායක Sunday, 15 June 2014 07:30 AM

ලංකාවට ගෙනා චීන ටයර් එකක්ද දන්නෙ නැහැ. දැන් මුළු ලංකාවම චීනාගෙනේ (නි)

:       0       0

නිශේන් Sunday, 15 June 2014 07:42 AM

බන්දුල කතා කරන්නේ අධිවේගී මාර්ගය සින්නක්කර ලියාගෙන වගේනේ. මේක පොඩි මිනිහෙක් කළා නම් මොනවා වෙයිද කියලයි අපි කල්පනා කරන්නේ (නි)

:       0       0

කාන්ති Sunday, 15 June 2014 07:46 AM

පාර අයිනට වෙලා ඔය උඩින් වැටෙන රෝද අහුලන වැඩේ වුණත් කරන්න බන්දුලට පුලුවන්නේ (නි)

:       0       0

ජෙහාන් Sunday, 15 June 2014 07:57 AM

අධිවේගයේ මම යනවිට හැටට හැටේ .... දුටුවා කොලය දඩ ලියවෙන හතරවටේ .... එබුවෙමි දඩ සල්ලි බන්දුලගේම කටේ... ලොක්කෙක් නොවී සොක්කෙක් වුණ පවය රටේ!! (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 15 June 2014 08:49 AM

මගේ ප්‍රතිචාරය සම්පුර්ණයෙන් වැටුනානම් ඔය කට්ටියට අවශ්‍ය පිළිතුරත් එතනම තියෙනවා..පොලිස් රාලහාමි දාපු පොතේ පිටු කියවන්න ටික දවසක් යාවි..හැබැයි එක කට්ටිය කියවන කොට රාලහාමි ඇමෙරිකාවේ..වේග සිමා නැත්තේ කොහෙද ,,කොය් මාර්ග වලත් කොයි රටෙත් ඒවා තියෙනවා.ප්‍රශ්නේ තියෙන්නේ සිමාවේ ප්‍රමාණයේ..(දී)

:       0       0

සුසිරි Sunday, 15 June 2014 09:28 AM

බන්දුල කලින් හිටපු කැනඩාවේ අධිවේග මාර්ග කොහොමද ? දැන ගන්න මේ අහන්නේ ? (දී)

:       0       0

කෙවින් Sunday, 15 June 2014 09:32 AM

ඔක්කොම ඉන්නේ ඇමෙරිකාවේ තමා බන්දුල...ඉතින් රාලහාමි එහෙ යන එකේ තියන වැරැද්ද මොකද්ද ? (දී)

:       0       0

ඩිලන් Sunday, 15 June 2014 09:36 AM

බන්දුල, පොලිසියේ කෙනා ට ඇමෙරිකා යන්න තහනම් ද ? එහෙ යන්න සහ පදිංචි වෙන්න , දරුවන් ට උගන්නන්න පුළුවන් ඔබ කැමති උදවියට පමණක් ද ? උඩ බලා ගෙන කෙල ගහගන්න එපා. ඇමෙරිකානු පුරවැසි භාවය ගැන අපි හොඳට දන්නවා. (දී)

:       0       0

රවී Sunday, 15 June 2014 09:41 AM

බන්දුලගේ තියරියේ හැටියට ඇමෙරිකාවේ යන්න කාගෙන්ද අවසර ගන්න ඕනෑ? හැබැයි ඒ අයට ඇමෙරිකන් සම්බන්ධයක් තියෙන්න බැහැ. හොඳද? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 09:47 AM

අදිවේගී මාර්ගය පරික්සා කරන්න කලින් අනතුරට පත් යානාව ගැන පරීක්ෂණයක් පැවැත්තුවොත් නේද හොද.එතකොට තව මොන මොන අඩුපාඩුද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්නේ. (දී)

:       0       0

හසිත Sunday, 15 June 2014 09:47 AM

බන්දුල , ඇමෙරිකා යන්නද මේ රාලහාමි ලැස්ති වෙලා තියෙන්නේ ? ඉතින් බලන්නකෝ ! ඔබ මේ ටික කිව්වේ නැතිනම් අපි කවුරුවත් මේවා දන්නේ නැහැනේ. (දී)

:       0       0

චාන්දනී Sunday, 15 June 2014 09:52 AM

අපේ ජාතික ගුවන් සේවාවත් ඉඳහිටවත් ගුවන් යානා වල තත්ත්ව පරික්ෂා සහ නඩත්තු කටයුතු කරනවා ඇතියි සිතමි. මේ කඩන් වැටුන රෝදය නම් එච්චර සුභ ලකුණක් නෙවෙයි. (දී)

:       0       0

රොෂාන් Sunday, 15 June 2014 09:57 AM

බන්දුල, ඇමෙරිකාවේ යන්න ඕනෑ අයට යන්න ඉඩ දෙන්න. ඊට වඩා වැදගත් එහෙ 'කරක් ගහලා' ඇවිල්ලා මෙහෙ හැටට හැටේ රිය පදවලා මිනිස්සු යට කරන උදවිය. අන්න ඒ අය බෙල්ල මුලින්ම අල්ලා ගන්නකො. (නි)

:       0       0

විජේබා Sunday, 15 June 2014 10:12 AM

උඩින් යන්න කාටත් ඇති ආසාව -------බිමින් රෝදේ යන විට ඇයි ගෝසාව -----ඔබට වදින දඩ කොලයක හෝරාව ------අපට නොමැත අධි වේගී සිමාව ------ලොකු ලොක්කෝ ---- (දී)

:       0       0

මෙලනි Sunday, 15 June 2014 10:13 AM

අධිවේගයේ යන්න අවසර තියෙන්නේ මස් මාළු නොකන උදවියට විතරද ? දන්නේ නැති හින්දා අහන්නේ ! (දී)

:       0       0

නජිත් Sunday, 15 June 2014 10:35 AM

ගුවන් යානයක රෝදයක් ගැලවෙන්නේ නිවැරදි ආකාරයෙන් පරික්ෂා කරන්නේ නැති නිසාද (දී)

:       0       0

හෂිනි Sunday, 15 June 2014 10:38 AM

අතුරුදහන් වූ මලේශියානු ගුවන් යානයේ ඒවාද දන්නේ නැහැ (දී)

:       0       0

පාලිත Sunday, 15 June 2014 10:59 AM

නොදන්නා අදහස් දාන්න ගිහින් බන්දුල කන කෑමක් අම්මපා! වැරදි දේ කවුරු කළත් වරදයි. (නි)

:       0       0

වසන්ත Sunday, 15 June 2014 10:58 AM

බන්දුල, මොකද හිතන්නේ බලපත් නැතිව රිය පදවා කහ ඉර උඩින් මිනිස්සු යට කරගෙන යන වේගය සම්බන්ධව? එහෙම දෙතුන් දෙනෙක් අධිවේගයේ දිනපතා ගමන් කළා නම්?? (නි)

:       0       0

අනුරාධ Sunday, 15 June 2014 11:15 AM

බන්දුලට මොනවා වෙලාද මන්දා? (නි)

:       0       0

කැලුම් Saturday, 14 June 2014 07:38 PM

ඔය වටිනා රෝදය අයිති ගුවන් යානාව බාල තියෙන්නේ අමතර රෝදය හයි කරලද. (නදී)

:       0       0

බිමල් Saturday, 14 June 2014 07:47 PM

මේ උඩින් වැටුන රෝදය ගැන සොයන්න තිබෙන උනන්දුව , අධිවේගයේ මාර්ග නීති කඩමින් පවනට බඳු වේගයෙන් පියඹා යන බලවතුන් ගැන සොයන්නත් තිබෙනවා නම් කොච්චර හොඳද ? (නදී)

:       0       0

ලක්ෂපාන Saturday, 14 June 2014 08:15 PM

ගුවන් සමාගමෙනුත් දැන් බාල බඩු වගේ දාන්නේ. (නදී)

:       0       0

ජානක Saturday, 14 June 2014 08:24 PM

පාරේ යන්නත් බැරි තත්වයක් තියෙන්නේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 15 June 2014 12:36 PM

බැලුවහම අධිවේගී මාර්ගයට අහසින් වැටිලා තියෙන්නේ ගුවන් යානයක රෝදයක් නෙමෙයිනේ..බන්දුල පෙරේරා නේ..

:       0       0

මිලින්ද Saturday, 14 June 2014 08:42 PM

මොකද්ද දන්නේ නැහැ ගුවන් සේවය ජනහිතසුව පිණිස කියන මොකද ඒ ගුවන් සේවයේ ගමන් කරන එක නවත්වන්න (දී)

:       0       0

මල්ලි Saturday, 14 June 2014 08:43 PM

බාල ගුවන් යානයක් වෙන්න ඇති (දී)

:       0       0

යසන්ත Sunday, 15 June 2014 12:54 PM

අනේ මන්දා, ඒ ගමන ගුවන් යානා වලටත් අපලයි වගේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 14 June 2014 09:24 PM

බිමල් මහත්තයෝ..අපි ඔය ඔයාට තියෙන ලෙඩේට වචනයක් කියනවා. අධි වේගී මාර්ගයේ වේග සීමාව ඉක්මවපු ඕනෑම කෙනෙකුට ඕනෑම බලවතෙකුට පිටවන තැනදී දඩ කොලේ කැඩෙනවා.එක පහු ගිය දවස්වල හොදින්ම ඔප්පු උනානේ. කොහොම උනත් අධිවේගය තියෙන්නේ අධි වේගෙන් යන්න තමයි..වේග සිමා දාන්න උනේ අපේ කට්ටියගේ එලවිල්ලේ හොදකමට තමයි. (දී)

:       0       0

විරාජ් කාලිංග Saturday, 14 June 2014 09:23 PM

විහිලුවට ගත්තට මේක බරපතල කාරණාවක් (දී)

:       0       0

සමන් Saturday, 14 June 2014 09:58 PM

ඉන්දියන් නිෂ්පාදනයක් වෙන්න ඇති.ලාබෙට දෙනවනම් හොරිත් හොදයි(දී)

:       0       0

කුමාර Saturday, 14 June 2014 11:27 PM

ඔය රෝද වැටිලා වහයක් අනතුරකට පත් වුනානම් රක්ෂණ වන්දි ලැබෙනවද? රක්ෂණ සමාගම් මොනවද කියන්නේ?(දී)

:       0       0

මධුර Sunday, 15 June 2014 12:01 AM

මේ වෙන දේවල් අපබ්‍රංස වගේ මට (දී)

:       0       0

චානක. Sunday, 15 June 2014 01:02 AM

ගුවන් හමුදා ප්‍රකාෂකයා කියල තිබුනා නේද ..කිසිම උපද්‍රවයක් නොමෙතිව යානය බැස්ස කියල...ඉතින් මොකටද තවත් පරීක්ෂණ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 87 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 486 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site