දක්ෂිණ අධිවේගී මාර්ගයට ගුවන් ටයරය වැටුණු ස්ථානයේ සිට මීටර් 60ක් දුරින් එහි ලෝහ රාමුවේ කොටසක් සොයාගත් බව මිල්ලනිය පොලිසිය කියයි. තවත් කොටස් ඇත්දැයි අධිවේගී මාර්ග පොලිසිය සමග ඉරිදා මෙහෙයුමක් අරඹන බවද පොලිසිය සඳහන් කරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයට ගුවන් ටයරය වැටුණු ස්ථානයේ සිට මීටර් 60ක් දුරින් එහි ලෝහ රාමුවේ කොටසක් සොයාගත් බව මිල්ලනිය පොලිසිය කියයි. තවත් කොටස් ඇත්දැයි අධිවේගී මාර්ග පොලිසිය සමග ඉරිදා මෙහෙයුමක් අරඹන බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලු! (දී)
ලෝකේ ඕන රටක අදිවේගී සීමා තියෙනවා. අනික අපේ රටේ වාහන සහ රියදුරන්ගේ හැකියාව සහ මාර්ග වල පුළුල් බව මත තම වේග සීමා තියෙන්නේ . රෙදි නැතුව කඩේ යන්න එපා . (දී)
බන්දුල දඩ කොළ කැඩෙනවා නේන්නම් ..ඊට පසුව වෙන දේවල් නිසා දැන් කැඩෙන්නේ සාමාන්‍ය රියදුරන්ට විතරයි. හැමදාම කියවන්නේ නීතියක් තියන නිසා තමා මෙහෙම වෙන්නේ අරහෙම වෙන්නේ කියලා, . ඊට පසුව සමහරු බොහොම පහසුවෙන් ගැලවී යන්නේ කොහොමද කියලා කියන්නකෝ. බලපත්‍ර නැතිව රිය පදවා ජීවිත හානි කලාම ලක්ෂයක් දීල ඇඟ බේරා ගන්න පුළුවන් නේ. ඇත්තම තමා නීතියක් තියන නිසානේ එහෙම හරි දඩයක් ගැහුවේ... නැද්ද බන්දුල ??? (දී)
ලෙඩේ තියෙන්නේ බන්දුල ඔබ තුමාට . බිමල් කිව්වේ සමහර බලවතුන් ගේ වේගය ගැන විතරයි . ඔබ මොකද මේ පස්ස කැඩුන කඩියා වගේ දඟලන්නේ ? හැමෝම දන්නවා නීතිය තිබුනා ට ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමය මොකද්ද කියලා. (දී)
බන්දුල මහතාගේ කඩේ යන මල්ලෙයි අධිවේග ධාවන කටයුතු වලයි දෙකේම හිල් !!
හරියට හරි බන්දුල ගේ බළලා මල්ලෙන් එලියට පැන්නේ. අධිවේගය තියෙන්නේ අසවලුන්ට හැටට හැටේ යන්න තමා . දඩ කොලය ගැහුවාට ලැබුන ප්‍රතිපලත් දැක්කානේ. (දී)
හා හා අපේ බන්දුල තුමාට මොනවත් කියන්න එපා. මස් මාළු කෑල්ලක් වත් කන්නේ නැතිව සිල් රෙද්ද පොරවාගෙන සන්සුන් ගමනින් අධි වේගයේ මේ ලතාවකට පා තබන්නේ එතුමා නේද ? (දී)
මේ අධිවේගයට උඩින් වැටුන රෝදය ගැන පලකල අදහස් ගැන බන්දුල මේ තරම් දඟලන්නේ රෝද අබලන් යානාවේ ගියේ එයා වෙන්න ඇති. (දී)
බන්දුල නැගලා ඉන්නෙත් අබලන් ගුවන් යානයක . ආවඩමින් ඉඳලා දැන් ඉතිරි රෝදෙත් ගැලවුන දවසට තමා ප්‍රශස්ති ගීතය නවතින්නේ. (දී)
මට පෙන්නේ බන්දුලගේ රෝද ගැලවිලා අධිවේගයට වැටිලා ද කොහෙද (දී)
අපේ ගුවන් සේවා යානාවල රෝද වල තත්ත්වය ගැනත් සොයාබැලිය යුතුයි (නි)
බන්දුල, ලෝකේ හැම රටකම අධි වේගී මාර්ගවල වේග සිමාවන් තියෙනවා. ඔයා අධි වේග මාර්ග ගැන දන්නා තරම රටටම පෙන්නනවා. (ස)
බන්දුල පෙරේරා ඉන්නෙ පොලිසියෙද (දී)
ලංකාවට ගෙනා චීන ටයර් එකක්ද දන්නෙ නැහැ. දැන් මුළු ලංකාවම චීනාගෙනේ (නි)
බන්දුල කතා කරන්නේ අධිවේගී මාර්ගය සින්නක්කර ලියාගෙන වගේනේ. මේක පොඩි මිනිහෙක් කළා නම් මොනවා වෙයිද කියලයි අපි කල්පනා කරන්නේ (නි)
පාර අයිනට වෙලා ඔය උඩින් වැටෙන රෝද අහුලන වැඩේ වුණත් කරන්න බන්දුලට පුලුවන්නේ (නි)
අධිවේගයේ මම යනවිට හැටට හැටේ .... දුටුවා කොලය දඩ ලියවෙන හතරවටේ .... එබුවෙමි දඩ සල්ලි බන්දුලගේම කටේ... ලොක්කෙක් නොවී සොක්කෙක් වුණ පවය රටේ!! (නි)
මගේ ප්‍රතිචාරය සම්පුර්ණයෙන් වැටුනානම් ඔය කට්ටියට අවශ්‍ය පිළිතුරත් එතනම තියෙනවා..පොලිස් රාලහාමි දාපු පොතේ පිටු කියවන්න ටික දවසක් යාවි..හැබැයි එක කට්ටිය කියවන කොට රාලහාමි ඇමෙරිකාවේ..වේග සිමා නැත්තේ කොහෙද ,,කොය් මාර්ග වලත් කොයි රටෙත් ඒවා තියෙනවා.ප්‍රශ්නේ තියෙන්නේ සිමාවේ ප්‍රමාණයේ..(දී)
බන්දුල කලින් හිටපු කැනඩාවේ අධිවේග මාර්ග කොහොමද ? දැන ගන්න මේ අහන්නේ ? (දී)
ඔක්කොම ඉන්නේ ඇමෙරිකාවේ තමා බන්දුල...ඉතින් රාලහාමි එහෙ යන එකේ තියන වැරැද්ද මොකද්ද ? (දී)
බන්දුල, පොලිසියේ කෙනා ට ඇමෙරිකා යන්න තහනම් ද ? එහෙ යන්න සහ පදිංචි වෙන්න , දරුවන් ට උගන්නන්න පුළුවන් ඔබ කැමති උදවියට පමණක් ද ? උඩ බලා ගෙන කෙල ගහගන්න එපා. ඇමෙරිකානු පුරවැසි භාවය ගැන අපි හොඳට දන්නවා. (දී)
බන්දුලගේ තියරියේ හැටියට ඇමෙරිකාවේ යන්න කාගෙන්ද අවසර ගන්න ඕනෑ? හැබැයි ඒ අයට ඇමෙරිකන් සම්බන්ධයක් තියෙන්න බැහැ. හොඳද? (නි)
අදිවේගී මාර්ගය පරික්සා කරන්න කලින් අනතුරට පත් යානාව ගැන පරීක්ෂණයක් පැවැත්තුවොත් නේද හොද.එතකොට තව මොන මොන අඩුපාඩුද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්නේ. (දී)
බන්දුල , ඇමෙරිකා යන්නද මේ රාලහාමි ලැස්ති වෙලා තියෙන්නේ ? ඉතින් බලන්නකෝ ! ඔබ මේ ටික කිව්වේ නැතිනම් අපි කවුරුවත් මේවා දන්නේ නැහැනේ. (දී)
අපේ ජාතික ගුවන් සේවාවත් ඉඳහිටවත් ගුවන් යානා වල තත්ත්ව පරික්ෂා සහ නඩත්තු කටයුතු කරනවා ඇතියි සිතමි. මේ කඩන් වැටුන රෝදය නම් එච්චර සුභ ලකුණක් නෙවෙයි. (දී)
බන්දුල, ඇමෙරිකාවේ යන්න ඕනෑ අයට යන්න ඉඩ දෙන්න. ඊට වඩා වැදගත් එහෙ 'කරක් ගහලා' ඇවිල්ලා මෙහෙ හැටට හැටේ රිය පදවලා මිනිස්සු යට කරන උදවිය. අන්න ඒ අය බෙල්ල මුලින්ම අල්ලා ගන්නකො. (නි)
උඩින් යන්න කාටත් ඇති ආසාව -------බිමින් රෝදේ යන විට ඇයි ගෝසාව -----ඔබට වදින දඩ කොලයක හෝරාව ------අපට නොමැත අධි වේගී සිමාව ------ලොකු ලොක්කෝ ---- (දී)
අධිවේගයේ යන්න අවසර තියෙන්නේ මස් මාළු නොකන උදවියට විතරද ? දන්නේ නැති හින්දා අහන්නේ ! (දී)
ගුවන් යානයක රෝදයක් ගැලවෙන්නේ නිවැරදි ආකාරයෙන් පරික්ෂා කරන්නේ නැති නිසාද (දී)
අතුරුදහන් වූ මලේශියානු ගුවන් යානයේ ඒවාද දන්නේ නැහැ (දී)
නොදන්නා අදහස් දාන්න ගිහින් බන්දුල කන කෑමක් අම්මපා! වැරදි දේ කවුරු කළත් වරදයි. (නි)
බන්දුල, මොකද හිතන්නේ බලපත් නැතිව රිය පදවා කහ ඉර උඩින් මිනිස්සු යට කරගෙන යන වේගය සම්බන්ධව? එහෙම දෙතුන් දෙනෙක් අධිවේගයේ දිනපතා ගමන් කළා නම්?? (නි)
බන්දුලට මොනවා වෙලාද මන්දා? (නි)
ඔය වටිනා රෝදය අයිති ගුවන් යානාව බාල තියෙන්නේ අමතර රෝදය හයි කරලද. (නදී)
මේ උඩින් වැටුන රෝදය ගැන සොයන්න තිබෙන උනන්දුව , අධිවේගයේ මාර්ග නීති කඩමින් පවනට බඳු වේගයෙන් පියඹා යන බලවතුන් ගැන සොයන්නත් තිබෙනවා නම් කොච්චර හොඳද ? (නදී)
ගුවන් සමාගමෙනුත් දැන් බාල බඩු වගේ දාන්නේ. (නදී)
පාරේ යන්නත් බැරි තත්වයක් තියෙන්නේ (දී)
බැලුවහම අධිවේගී මාර්ගයට අහසින් වැටිලා තියෙන්නේ ගුවන් යානයක රෝදයක් නෙමෙයිනේ..බන්දුල පෙරේරා නේ..
මොකද්ද දන්නේ නැහැ ගුවන් සේවය ජනහිතසුව පිණිස කියන මොකද ඒ ගුවන් සේවයේ ගමන් කරන එක නවත්වන්න (දී)
බාල ගුවන් යානයක් වෙන්න ඇති (දී)
අනේ මන්දා, ඒ ගමන ගුවන් යානා වලටත් අපලයි වගේ (නි)
බිමල් මහත්තයෝ..අපි ඔය ඔයාට තියෙන ලෙඩේට වචනයක් කියනවා. අධි වේගී මාර්ගයේ වේග සීමාව ඉක්මවපු ඕනෑම කෙනෙකුට ඕනෑම බලවතෙකුට පිටවන තැනදී දඩ කොලේ කැඩෙනවා.එක පහු ගිය දවස්වල හොදින්ම ඔප්පු උනානේ. කොහොම උනත් අධිවේගය තියෙන්නේ අධි වේගෙන් යන්න තමයි..වේග සිමා දාන්න උනේ අපේ කට්ටියගේ එලවිල්ලේ හොදකමට තමයි. (දී)
විහිලුවට ගත්තට මේක බරපතල කාරණාවක් (දී)
ඉන්දියන් නිෂ්පාදනයක් වෙන්න ඇති.ලාබෙට දෙනවනම් හොරිත් හොදයි(දී)
ඔය රෝද වැටිලා වහයක් අනතුරකට පත් වුනානම් රක්ෂණ වන්දි ලැබෙනවද? රක්ෂණ සමාගම් මොනවද කියන්නේ?(දී)
මේ වෙන දේවල් අපබ්‍රංස වගේ මට (දී)
ගුවන් හමුදා ප්‍රකාෂකයා කියල තිබුනා නේද ..කිසිම උපද්‍රවයක් නොමෙතිව යානය බැස්ස කියල...ඉතින් මොකටද තවත් පරීක්ෂණ? (දී)